Noie – නෝයි

 

එක් රටකින් පිටුවහල් කරන ලද පිරිසක් තවත් දූපතකට යනවා යැයි සිතන්න. එම කණ්ඩායමේ ප්‍රධානියා හා එම පිරිස කාලයාගේ ඇවෑමෙන් පුරාවෘතයක් බවට පත්වීමක් පිළිබඳව ඔබ අසා තිබේද?

ඔව්, නිසැකව ඔබට විජයගේ ලංකාගමනය පිළිබඳ සිහියට නැඟෙනු ඇත. මෙම විජයාගමන කතාවට අතිශයින් සමාන තවත් අපූරු කතාවක් ලොව ප්‍රසිද්ධ දූපතක පුරාවෘතයක් බවට පත්ව තිබෙනා බව ඔබ දැන සිටියාද?

වර්තමානයේ ‘ඊස්ටර් දූපත’ ලෙස ලොව ප්‍රසිද්ධ “රපානුයි” දූපතේ ඉතිහාසය ආරම්භ වනුයේත් ‘මාර්කේසස් දූපත්’ හෙවත් ‘එන්ටා’ හෙවත් මිනිසුන්ගේ දේශයෙන් පිටුවහල් කරනු ලැබූවන් පිරිසකගේ ආගමනයත් සමඟමය.

මෙම සිදුවීම දූපත් දෙකෙහිම අලිඛිත ඉතිහාස පුරාවෘතවල සඳහන් වේ. එම පිටුවහල් කිරීමට හේතුවක් සඳහන් නොවනවා මෙන්ම, එය සිදු වූ ආකාරය පිළිබඳ කිසිදු සාක්ෂියක්ද කිසිවෙකු සතුව නොමැත. සැබැවින්ම එන්ටා දූපත්වාසීන්ගේ පිටුවහල් වීම මෙන්ම රපානුයි දූපතේ පදිංචි වීමද කාලයේ වැල්ලෙන් වැසී ගිය අබිරහසකි.

“නෝයි” ලෙස ඔබට කියවන්නට ලැබෙන්නේ එම පිටව යෑම සිදු වන්නට ඇතැයි උපකල්පනය කර මා විසින් ගොතන ලද කතා පුවතයි. සියලුම පුරාවිද්‍යාත්මක හා සංස්කෘතික අංග පිළිබඳ තොරතුරු නිවැරදි හා සත්‍ය වන නෝයිහි දිවෙන කතාව පමණක් සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධයකි.

 

Original price was: රු760.00.Current price is: රු608.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
Noie - නෝයි
You're viewing: Noie – නෝයි Original price was: රු760.00.Current price is: රු608.00.
Add to cart
Shopping cart close