සඳැස් වී – Sandaswee

ISBN – 9786245663460

මම මේසෙ උඩට කොළ මිටියම අත් හැරියෙ පිස්සුවෙන් වගේ. සාක්කුවෙ තිබ්බ මොබයිල් එක අරගත්තු මම gmail අකවුන්ට් එක ඕපන් කරලා සමන් අංකල්ට එයාගෙ කම්පැනි ඊමේල් එකට යවපු මගේ පොතේ ෆයිනල් ඩොකියුමන්ට් එක ඕපන් කරගත්තා. ඔව්!
ඒ මම දාපු නම.

කෝණ!

මම මගේ පොතේ පළවෙනි පිටුවේ අන්තර්ගතයත්, දේවක ගෙනාපු කොළ ගොඩේ තිබුන කතාවෙ පළවෙනි පිටුවෙ අන්තර්ගතයත් සන්සන්දනය කලා. ඒ පළවෙනි පිටුව පුරාම අකුරක් නෑර තිබුනෙ මගෙම අත් වලින් ටයිප් කරපු ඒ වචනමයි! මට විශ්වාස කරන්න බැරි තරමටම ඒ හැම වචනයක්ම එහෙම්ම ඒ පිටු මත ප්‍රින්ට් වෙලා තිබුනා. මම තවත් පිටු දෙක තුනක් ඒ වේගෙන්ම සන්සන්දනය කරලා අවසානෙට ඒ කොළ ගොඩේ තිබුන අවසාන පිටුවත් බැලුවා. ඒකත් ඒ විදියටම මගේ හදවතින් ගලාගෙන ආපු වචන වලින්ම පිරිලා තිබුනා.

මගෙ ආත්මයම කෑ ගහන්න ගත්තා. මේ ලෝකේ මම ආසාවෙන්ම කරන දේ, මගෙ හදවතින්ම කරපු දේ, මගේම කියලා මගෙම නමින් පළවෙනි වතාවට මේ ලෝකෙට එළි දක්වන්න උන්නු ඒ නිර්මාණය එහෙම් පිටින්ම කවුරු හරි කෙනෙක් මහා කැත විදියට කොපි කරගෙන තිබුනෙ හිත් පිත් නැති ගානට.

2024 සැප්තැම්බර්  මස 27 දින නිකුත් වේ

Original price was: රු1,300.00.Current price is: රු1,040.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
සඳැස් වී - Sandaswee
You're viewing: සඳැස් වී – Sandaswee Original price was: රු1,300.00.Current price is: රු1,040.00.
Add to cart
Shopping cart close