සාතන්ගේ දියණිය – Sathange Diyaniya

සාතන්ගේ දියණිය – Sathange Diyaniya – Pre Order

“යක්දෙස්සියක් වෙලා ඉන්න එක මොන වගේ දෙයක්ද කියලා මට කියන්න… ඒක මොන වගේ දෙයක්ද?“
“එතකොට අනිිත් අයට නැති බලයක් තියෙනව. ඒක අපි වගේ අයට විතරක් ලැබෙන බලයක්. අපි සාතන්ගෙ ඈයොනෙ. ඉතින් එයා තමයි අපේ හාම්පුතා.“
“කියන්න අත්තම්මේ… කියාගෙන යන්න. නවත්තන්න එපා.“
“අපි යක්ෂයාගෙ දරුවොනෙ. ඒක එහෙම තමයි. අපට මිනිස්සුන්ව සුවපත් කරන්ඩත් පුළුවන්… ඒ වගේම අපිට මිනිස්සුන්ව මරන්ඩත් පුළුවන්. එළදෙනෙකුගෙ හරි, එලිච්චියකගෙ හරි බුරුල්ලෙන් එළියට එන්ඩ කළින් කිරි මුදවන්ඩත් අපට පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අපට හරි අපූරු දේවල් කරන්ඩ පුළුවන්. අපට සබාත් තියෙනව දරුවො. සබාත් කියන්නෙ අපි මුණ ගැහෙන දවස. එතනදි අපි අං තියෙන එළුවෙකුට වදිනවා. ඒ එළුවා සාතන්ගෙ පණිවිඩකාරයෙක්. සමහරු කියන විදිහට නම් එයාත් අපේම කෙනෙක්. එළුවෙක් විදිහට වෙස් වලාගෙන ඉන්න අපේ කෙනෙක්. ඒක එහෙම වෙන්ඩ ඇති. ඒත් එයා එළුවෙකුගෙ වෙස් ගත්තාම එයා එළුවෙක්ම තමයි… ඉතින් අපි එයාගෙ වටේට නටනවා. අහ්! මම නම් දැන් නටන්ඩ වයස වැඩියි. මගේ කාලෙ දැන් ඉවරයි. කසාය වලට දාන්නෙ මොනවද කියලා අනිත් අයට කියන එක ඇරෙන්ඩ මට දැන් වෙන මොනවත්ම කරන්ඩ බෑ. ඒක, මාව පරික්ෂාවට ගෙනිච්ච රාත්තිරිය… එදා තව පොඩ්ඩෙන් උන් මාව ඉවරයක් කරනව. ඒත් එක වැදගත් මහත්තයෙක් උන්ව නැවැත්තුවා. එදා ඉදන් මං අසනීපෙන්. ඒත් මං යක්දෙස්සියක්නෙ, දරුවො. කාටවත් ඒක නෑ කියන්ඩ බෑ.“
“අත්තම්මෙ… මාත් යක්දෙස්සියක්ද?“
“නෑ. තාම උඹ යක්දෙස්සිියක් නෙවෙයි.“
“මං කවදහරි යක්දෙස්සියක් වෙයිද?“
“උඹ නම් එහෙම වෙන එකකුත් නෑ… උඹ මේ ලෝකෙට ආපු විදිහ ගැන හිතලා බලනකොට…“
“මං කොහොමද මේ ලෝකෙට ආවෙ? තණකොළ උඩින්ද? මගේ තාත්තා යක්දෙස්සෙක්ද?“
ග්‍රැනී සන්සුන් හඩින් කතා කළාය. “මිනිස්සු කියනව දරුවා… එයා ඒ හැමෝටම වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා… දෙවියන් වහන්සේ ලගට බලවත්ම කෙනා කියලා…“
“දේව දුතයෙක්ද?“
“නෑ… ටෝබිගෙ පිටේ අත තියපන්. මගේ ලගට වරෙන් දරුවා… තව ටිකක් ළගට…“
ටමාර් ඉහලට ගත් හුස්ම පහළට නොදමා බලා හුන්නාය. “මට කියන්න අත්තම්මෙ… මට කියන්න..“
“උඹේ තාත්තා, දරුවො… වෙන කවුරුවත් නෙවෙයි… යක්ෂයාම තමයි.“

 

 

Original price was: රු2,000.00.Current price is: රු1,600.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
සාතන්ගේ දියණිය - Sathange Diyaniya
You're viewing: සාතන්ගේ දියණිය – Sathange Diyaniya Original price was: රු2,000.00.Current price is: රු1,600.00.
Add to cart
Shopping cart close