ක්ලිෆ්ටන් වන්ශාවලිය – The Clifton Chronicles 1-7 FULL SET

THE CLIFTON CHRONICLS කෘති මාලාව – FULL SET

ONLY TIME WILL TELL  – කාලය ඉඳුරා පවසාවි.

පළමුවෙන් දුටු නිමේෂයේම එමා බැරින්ටන් හැරි ක්ලිෆ්ටන් හට පෙම් බැන්දාය.. ඔවුහු වේදිකාවේදි මෙන්ම බාහිරයේදි ද ශේක්ෂ්පියර් ගේ රොමියෝ සහ ජුලියට් මෙන්ම එකිනෙකාට බෙහෙවින් පෙම් කළ අය වුහ.

“ශුද්ධ වු සභාව ඉදිරිපිටදි දෙදෙන නිත්‍යානුකූලව එක් වියයුතු නැතැයි කිසිවකු සිතත් නම් දැන් එම විරුද්ධත්වය ප්‍රකාශ කරන්නැයි අල්‍තාරය ඉදිරිපිට සිට දේවගැතිවරයා ඉල්ලා සිටියේය.

“මම විරුද්ධයි” එම දුෂ්ඨ වචන දෙක තෙපලු කපිතාන් ටරන්ට් වෙත සැමගේ නෙත් හැරවිණි.”

The Sins of the Father -පියාගේ පාපයෝ

ලෝකයෙන් වසං වනු පිණිස ටොම් බ්‍රැඩ්ෂෝ යන නමින් අමෙරිකාව ට පා තබන හැරී ක්ලිෆ්ටන් අත් අඩංගුවට පත්ව වරද කරුවකු ලෙස යැවෙන්නේ ලවෙන්හම් බන්ධනාගාරය වෙතය.

තම පුතු ගේ පියා සොයා අමෙරිකාවට එමා පා තබන්නේ දෙවැනි ලෝක සංග්‍රාමය ඇවිළෙමින් තිබියදී ය.
හැරී ගේ අත්දැකීම් සහිතව නිකුත් වන ‘ සිරකරුවකුගේ දිනපොත’
හි කතුවරයා මැක්ස් ලොයිඩ් වන්නේ කෙසේද ? අමෙරිකාවේ ප්‍රකට නීතිඥ ජෙල්ක්ස් සමග ගැටෙන්නට තරම් එමා ශක්තිමත් ද?
විශේෂ වැඩ පිළිවෙළක් යටතේ යුද බිමට යැවෙන හැරී ගේ ඉරණම කුමක්ද ?
පියකු නැති දරුවකු සමග එමා මෙලොව තනි වේවිද ?

Best Kept Secret – සුරැකි රහස

කාලය ඉඳුරා පැවසූ හැරී ක්ලිෆ්ටන් හා එමා බැරින්ටන් ගේ ප්‍රේමය ගැටුණේ   ‘ පියාගේ පාපයෝ‘ සමගිනි.

එමාජයිල්ස් සහ හැරී යන තරුණ ජීවිත තුනේ අනාගතය පිළිබඳ තීන්දුව චාන්සලර් සාමිවරයා අත රැඳිණි. ඔහු දුන් තීන්දුව තවත් ගැටලු රැසක ආරම්භය වීද?

එමා – හැරී යුවළගේ පුතු ක්‍රේම්බ්‍රිජ් සරසවියට යනු වෙනුවට ආර්ජන්ටිනාවට ගියේ කුමකටදබ්‍රිතාන්‍යයේ සුවිශේෂී  එස් ඒ එස් හමුදාව සමඟ හැරී එක්වූයේ කෙබඳු මෙහෙයුමකටද?පැරැණි  හා අලුත් සතුරන් ක්ලිෆ්ටන් හා බැරින්ටන්  පවුල් අතු ගා දමන්නට සැරසෙද්දී එක් සතුරකුගේ අදහස වූයේ මෙයයි.

” අධිරාජ්‍යය දණගැස්වියයුතු නම් මුලින්ම කිරුළ හිමි කුමරු නසන්න”

එමා – හැරී පුත් සෙබස්තියන් පැදවූ මෝටර් රිය ට්‍රක් රථ තුනකින් වට කෙරෙද්දී ඔහු ක්ෂණිකව තීරණයක් ගත යුතු වූයේය . එය ක්ලිෆ්ටන් වංශාවලියේ අනාගතය සඳහා මරණය පෙනිපෙනී ගත යුතු තීරණයක් වූයේය.

BE CAREFUL WHAT YOU WISH FOR  – කදුළු සිත්තම 

සෙබස්තියන් හට අවසානයටම ඇසුණේ බෲනෝ ගේ විලාපයයි.

“සෙබ් ගේ මළසිරුර හඳුනාගන්නට ඒ අයට කෙනකු අවශ්‍ය ලු” එමා ඉකිබිඳිමින් හැරීට පවසන විට ඔහු සිටියේ අමෙරිකාවේ ය.
“තමන්ගේ ආදරණීයයන් ඔවුන්ගේ වයස අවුරුදු හැත්තෑ අසූ ගණන්වලදී මියගිය විට අප එක්ව ඔවුන් වෙනුවෙන් ශෝක වෙනවා.” බිෂොප්වරයා අවමංගල සභාව අමතමින් පැවසුවේය. “නමුත් දක්ෂතා සපිරි නව යෞවනියක මියගිය විට අප වඩවඩාත් කඳුළු සලන්නේ සිදුවූ විපත කුමක්දැයි අදහාගත නොහැකිව”

MIGHTIER THAN THE SWORD – සුසුම් මාරුතේ

සිය මංගල මුහුදු ගමනේ යෙදෙමින් සිටි බකිංහැම් නෞකාව එම පිපිරුම ද සමග දෙදරුම් කෑවේය .

සෝවියට් දේශයේ හිටපු නායක ස්ටාලින් ගැන පොතක් ලිවීමේ වරදට බන්ධනාගාර ගතව සිටි ලේඛකයා නිදහස් කරගනු පිණිස අරගල කළ.හැරී, අවසානයේ  රුසියාවේ සිරකුටියක් ඇතුළත සිට ශීතලෙන් බැට කෑවේය.

බර්ලිනය දෙකඩ කළ පවුර පසුකොට නැගෙනහිර බර්ලිනය ට ගිය ජයිල්ස් පැණි උගුලක පැටලෙද්දී…

සෙබස්තියන් හට දාව තමන් උපත ලබා දුන් දියණිය ට සමන්තා , ජෙසිකා යන නම තැබුවේ බොහෝ ජීවිත සුසුම් මාරුතයක මැදි කරවමිනි

Cometh the Hour – නිවැරදි හෝරාව

අනතෝලි බාබකොෆ් වෙත සාහිත්‍යය සඳහා වූ නොබෙල් සම්මානය හිමිවෙද්දී ඔහු සහ හැරී එක්ව බලගතුම අවිය පෑන බව ලොවටම සනාථ කළද, බාබකොෆ් ගේ ඉරණම සෝවියට් දේශයේදී විසඳෙන්නේ කෙසේද ?
නැගෙනහිර ජර්මනියේ ‘ ස්ටාසි ‘ ඔත්තුකාරියකව ජයිල්ස් ගේ ජීවිතය ට ඇතුළු වූ කාරින් පෙන්ගෙලි ගේ ජීවිතය උණ්ඩයකින් කෙළවර වනු ඇත්ද?
සෙබස්තියන් හා සමන්තා අතරට පැමිණි ජෙසිකා ඔවුන්ගේ හා තමන්ගේ ඉරණම් ගමන් තීන්දු කරන්නිය බවට පත්වූ විට….
සියල්ල නිවැරදි හෝරාවේ දී නිසි පරිදි සිදුවනු ඇත.

This Was a Man – නියම මිනිසා

මරණයට දින නවයකට පෙර ඔහු ඝාතකයෙක් වීද?

කෙසේ වෙතත් හැරීගේ පැරණිතම හා සමීපතම මිතුරා මෙසේ පැවසීය

“…..මේ අප අතර උදාරතමයාය. ඔහු අවංකවම සිතුවේ සියලු දෙනාගේ යහපතයි. නියම මහත්මයකු වු ඔහු තුළ සෑම උදාර ගුණයක්ම කැටිවී තිබුණා.. සොබාදහම පවා මුළු ලොවටම හඩගා පවසාවි මෙන්න “නියම මිනිසා” කියා

Original price was: රු15,800.00.Current price is: රු12,600.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
ක්ලිෆ්ටන් වන්ශාවලිය - The Clifton Chronicles 1-7 FULL SET
You're viewing: ක්ලිෆ්ටන් වන්ශාවලිය – The Clifton Chronicles 1-7 FULL SET Original price was: රු15,800.00.Current price is: රු12,600.00.
Add to cart
Shopping cart close