දේව මනුස්සානං – Dewa Manussanan

ISBN – 9786245663071

ඒ කියවීම මිස ලිවීම පිළිබඳ සිහිනෙකින් හෝ හිතේ නොතිබුනු අවදියක කාර්යාලයේ ව්‍යාපෘතියක් සඳහා වැව් බැඳි රාජ්‍ය ආසන්නයටම ගොස් එක්තරා සුන්දර වැව්තාවුල්ලක ඉදිවූ සුවිසල් හෝටලයක නවාතැන්ගෙන සිටි දිනයකි. හෝටල් භූමිය මායිමට වන්නට සිල්පර කොට යොදා ඉදිකර තිබූ මනරම් මංතීරුව දිවගියේ වැව් දියට ඉහළිනි. තාලයකට මෙන් එහි වදින වැව් දියේ හඬත්, සුළඟේ හඬත් හැරෙන්නට එතන අන් යමක් වී නම් ඒ නිහඬතාව පමණි. ඒ නිහැඬියාව තුළ මට සිහිවූ එකම දෙය නම් මනරම් ස්වභාවික අරණක් බඳුවූ එම භූමියට මෙම ඉදිකිරීම් කොතරම් නොගැලපේද යන්නයි. ඒ සමඟම ක්ෂණිකව සිතට ආ අනෙක් සිතුවිල්ල නම් වැව් තාවුල්ලක මෙවන් ඉදිකිරීමක් සිදුකිරීමට ධනවතෙකු පමණක්ම නොව ඔහු බලවතෙකුද වියයුතුය යන්නයි. මගේ අනුමානය නිවැරදි කරමින් පසු දින දැනගන්නට ලැබුනේ එහි අයිතිකරු ප්‍රභල දේශපාලඥයෙකුගේ පුත්‍රයෙකු බවයි. එතැන් සිට සිතේ ඇඳුණු සිතුවිලි ටිකෙන් ටික දළුලමින් කලක් තිස්සේ පැවත අවසානයේ කෘතියක් බවට පත්වූයේ දේශපාලන පිය පුතු දෙපල උප චරිත බවට පත්කර වෙනස්ම කතාවක් ඔවුන් වටා ගොඩනැඟෙමින්ය.
ඒ වනවිට මින්නේරිය වැව මා දැක තිබුනේද නැත. නමුත් මගේ කතාවට මින්නේරිය වැව සහ ආශ්‍රිත හුදකලා ගම්මානයක් පාදක වෙද්දී ඒ පිළිබඳව වඩාත් විස්තරාත්මකව තොරතුරු දැන ගැනීමට මට අවශ්‍ය විය. මා විශ්මයට පත්කල සිදුවීම සිදුවූයේ එහිදීය. මගේ මනසින් මැවුණු කතාව එලෙසින්ම නොවුණද බොහෝ සමීප ආකාරයකට ඊට වසර ගණනාවකට පෙර එහි සැබෑවටම සිදුවී තිබින. දෙවන වරටත් මා විශ්මයට පත්වූයේ මින්නේරිය වැව නැරඹීමට ගිය දිනයේය. ඒ වනවිට මගේ කෘතියේ අඩකටත් වඩා ලියා අවසන්ව තිබුනි. එහි ලියැවුණු සමහර ස්ථාන, ස්වභාවික දර්ශන එපමණක් නොව කතාව පුරාම කියැවෙන මහා නුග ගස පවා එහි තිබෙනු දුටු මට දෑස් අදහාගත නොහැකි තරම් වීය. අදටත් එය එසේ වූයේ කෙසේ දැයි ගැටළුවක් මුත් සමහර සිදුවීම් වලට හේතු සෙවීම පලක් නොවන බවද මම දනිමි.
මෙය ආදර කතාවක් නොවේ. කිසිසේත්ම දේශපාලන කතාවක්ද නොවේ. ආදරය, හුදකලාව, භීතිය, අත්භූතබව අතරේ මිනිස් මනසේ විචල්‍යබව කියන්නට දැරූ උත්සාහයකි.

පොතේ මුල් පිටු කිපය කියවන්නට –  https://online.pubhtml5.com/uook/xlrf/

මාර්තු 08 නිකුත් වේ

Original price was: රු760.00.Current price is: රු608.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
දේව මනුස්සානං - Dewa Manussanan
You're viewing: දේව මනුස්සානං – Dewa Manussanan Original price was: රු760.00.Current price is: රු608.00.
Add to cart
Shopping cart close