භස්මාවශේෂ – දඩයම කට්ටලය – PERFECT PACK

භස්මාවශේෂ

කෙයාන්ගෝම් කදුකර මාධ්‍යයේ ඉලේන් බක්ස්ටන්ගේ සිරුර පිළිස්සී යයි. ප‍්‍රකට නීතිඥවරියගේ අනන්‍යතාව හදුනා ගැනීමට ඉතිරි වී පවතින්නේ ඇගේ දත් කොටස් හා රෙදි කැබැල්ලක් පමණි.
​මේ අතර ස්කොට්ලන්තයේ , එඩින්බ්‍රෝ නගරයේ විශාල ගෘහයක බිම් මහලේ පිහිටි සැගවුණු කාමරයක් තුළින් ඉලේන් බක්ස්ටන්ගේ විලාපය අදුර විනිවිද යයි.
​රහස් පරීක්ෂක ඉන්ස්පෙක්ටර් කැලනැක් තම අලූත් රාජකාරී ස්ථානයට පා තබත්ම ඉලේන් බක්ස්ටන් නැමති නීතිඥවරිය අතුරුදහන්ව ඇති බව අසන්නට ලැබේ. එය මිනීමැරුමක් බවට සැක කෙරේ. ඉන්ටර්පෝල්හි රාජකාරියට සමු දී ස්කොට්ලන්තයට පැමිණි කැලනැක් තමා අසමර්ථයකු නොවන බව ඔප්පු කළ යුතුව තිබිණ. ඉලේන්ගේ මිනීමරුවා ඉතා දක්ෂ ලෙස සාක්ෂි වසන් කොට ඇති බව පසුව අනාවරණය වේ.
​ඉන් නොබෝ වේලාවකින් ම අසන්නට ලැබෙන්නේ තවත් කාන්තාවක පැහැර ගනු ලැබ ඇති බවට වූ පුවතයි. ඔරලෝසු කටුවත් සමග දැඩි සටනක නිරත වීමට කැලනැක් හට සිදු වේ. එහෙත් ඔහු බලාපොරොත්තු වූවාට වඩා එම කාන්තාවන්ගේ ඉරණම භයංකර වී තිබිණ.

දඩයම

සංගීත සන්දර්ශනයක් අතරතුර දී සමාජ සේවකයෙකු උදරය කපා දැමීම මගින් අමානුෂික ලෙස මරා දැමේ. දහස් ගණන් ජනකායක් මැද ඔහු මැරී වැටෙද්දී, මිනීමරුවා සියල්ලන්ගේම ඇස් වලට වැලි ගසා පලා යයි.

 

ඊට සතියකට පසු ප්‍රාථමික පාසලක ගුරුවරියක ද ගෙල සිර කර මරා දමනු ලැබෙන අතර, ඇගේ සිරුර කුණු බාල්දියක් තුළින් හමුවේ.

මෙම මරණ සම්බන්ධ අබිරහස විසඳීමට පැවරෙන්නේ ඉන්ස්පෙක්ටර් කැලනැක් හා ඒවා වෙතය. ඒ සමඟම නගරයේ තැන් තැන් වල මධ්‍යම රාත්‍රියේ බිතුසිතුවම් ඇඳ තිබෙනු දක්නට ලැබෙන අතර එම බිතුසිතුවම් හා මෙම මරණ අතර සෘජු සම්බන්ධයක් ඇති බව පෙනේ.

අදාළ මරණ පිළිබඳ ඉඟි ලබාදෙන එම බිතුසිතුවම් අඳිනු ලබන්නේ එම මිනීමැරුම් සිදු වීමට ප්‍රථම බව පසුව අනාවරණය වේ..

මරණ වරෙන්තුව ලියැවෙන්නේ සමාජයට ප්‍රබල සේවාවක් සිදු කරන ස්වේච්ඡා සමාජ සේවකයන් හට ප්‍රමුඛතාවක් ලැබෙන පරිදිය…

මිනිස් දඩයමේ යන මිනීමරුවා සොයා යන කැලනැක් හට මිනීමරුවා සොයා ගත හැකි වේද?

භස්මාවශේෂ – දඩයම කට්ටලය – PERFECT PACK – Bashmawashesha + Dadayama

Original price was: රු4,000.00.Current price is: රු3,200.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
භස්මාවශේෂ - දඩයම  කට්ටලය - PERFECT PACK
You're viewing: භස්මාවශේෂ – දඩයම කට්ටලය – PERFECT PACK Original price was: රු4,000.00.Current price is: රු3,200.00.
Add to cart
Shopping cart close