භුතාවේෂය – Angels & Demons

අමුතුම ආකාරයක සංකේතයක් පපු පෙදෙස මත හංවඩුවක් ලෙස තබා මරා දැමුණු සුප්‍රකට විද්‍යාඥයකුගේ මළ සිරුර හමුවූයේ ස්විස්ටර්ලන්තයේදීය.

ඊට සැතපුම් සිය ගණනක් ඈත රෝමයේ වතිකානු නගරයේ ලොව දස දෙසින් ආ කාදිනල්වරුන් රැුස්ව සිටියේ නව ශූද්ධෝත්තම පියතුමා තෝරා පත් කර ගන්නටය. ඔවුන් නොදැන සිටියේ ඔවුන්ගේ පාදයන්ට යටින් තැනෙන වතිකානුව පොළොවටම සමතලා කර දමන්නට සමත් නව තාක්‍ෂණික කාල බෝම්බයක් ඇති බවය. මධ්‍යම රැුය එළඹෙන නිමේෂයේ් එය පුපුරා යනු ඇත.

ඉතිරිව තිබූ සීමිත පැය ගණන ඇතුළත, හුදෙකලා සිදුවීම් ලෙස පෙනෙන මේ සිද්ධීන් දෙක අතර සම්බන්ධතා වය මෙන්ම තවත් සංකේතාත්මක හංවඩු හතරක් ද, සොයමින් මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් යා යුතු වූයේ ඉලූමිනාටි ප‍්‍රදීපනයේ මාවත ඔස්සේය.

කාල ගණනය ඇරඹී තිබිණි. ඔර්ලෝසුව නවතන්නට ලැන්ග්ඩන්ට හැකිවේවිද?

 

Original price was: රු2,975.00.Current price is: රු2,380.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close