මේ හැර තව ආදරයක් – Me Hara Thawa Adarayak

ISBN – 9789556940480

ගසක් පුරාවට සාර සුබාවට 
මල් පීදෙන්නේ කවුරු නිසාදෝ
රැුයක් පුරාවට අහස පුරාවට
ස`දක් දිලෙන්නේ කවුරු නිසාදෝ
සසර පුරාවට එකටම එනමුත් 
අනන්තයේදිත් අප එක් වේදෝ
ඇසක් පුරාවට ආල නුරාවට
මේ හැර තව ආදරයක් වේදෝ
අනන්තයේදීවත් එකතු නොවුණත් 
රේල් පිලි දෙකක් කවමදාවත් දුරස් කරන්න බෑ
දුරස් වුණොත් පැවැත්මක් නෑ
කෝච්චිය පීලි පනිනවා
සමහර ආදර සම්බන්ධතාත් ඒ වගේ
කවදාවත් එකතු වෙන්න බෑ
ඒත් වෙන් වෙන්නත් බෑ
වෙන් වුණොත් ජීවිත රිද්මය පීලි පනිනවා

මේ හැර තව ආදරයක්
ඉ`දුවරගේත් මේදිනීගේත් ආදර කතාව තමයි
ඒත් මේ කතාව ඔබේම වෙන්නත් පුළුවන්.

‘‘අපි හම්බ වුණේ කෝච්චියේදී.. වෙන් වුණෙත් කෝච්චියේදී..’’
‘‘කෝච්චිය රේල් පීලි දිගේ ඔහේ ඇදිලා යනවා… අපේ ජීවිතත් ඒ වගේ කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද..?’’
‘‘ඒක එහෙමම වෙන්න ඕන.. රේල් පීලි දෙක සමාන්තර නොවුණොත් කෝච්චියට යන්න බෑ.. අපි වෙන් වුණොත් අපිටත් පැවැත්මක් නෑ.. කවදාවත් එක් වෙන්න බැරි වුණත් සසර සැරිසරන තුරාවට අපි මේ විදියටම යමු..’’
‘‘මල් පිපෙන්නේ, හුළග හමන්නේ, ඉර පායන්නේ, හද දිලෙන්නේ සොබා දහමට ඕන විදියට මිසක් අපිට ඕනවට නෙමෙයි.. ඒවා සිද්ද වෙන්නෙ ඇයි කියලා හේතු දක්වන්න සොබා දහම කාටවත් බැ`දිලා නෑ.. මගෙ හිතේ ඔයා ගැන ඇති වුණ ආදරෙත් ඒ වගේ.. ඇයි ඇති වුණේ කියලා මම දන්නෙ නෑ.. ඒත් මම ඔයාට ආදරෙයි.. මේක අසම්මත ආදරයක් කියලා මම හීනෙකින්වත් හිතන්නෙ නෑ.. ඔයත් එහෙම හිතන්න එපා..’’
මේ හැර තව ආදරයක් ලොවේ කොයින්දෝ..

Original price was: රු600.00.Current price is: රු510.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close