රතු මාලය – Rathu Malaya

ISBN – 9786245519323

රතු මාලය‘, ඉංග‍්‍රීසි ජාතික ලේඛිකාවක වන Sally Gardner කතුවරියගේ The Red Necklace කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
එම අපූරු කතාවට පාදක වන්නේ 1789 වසරේදී සිදු වූ ප‍්‍රංශ විප්ලවයයි. එම කාල වකවානුවෙහි සිදු වුණු බැස්ටීලයට පහර දීම, වංශාධිපතීන්ගේ බිඳ වැටීම, ඔවුන් සිරගත කිරීම, ඔවුන්ගේ දේපළ මංකොල්ලකෑම සමඟම විප්ලවය ප‍්‍රංශයේ මධ්‍යස්ථ ජනතාව කිසිසේත්ම අපේක්ෂා නොකළ මාවතකට ප‍්‍රවිශ්ඨ වීම මෙම කෘතියෙහි මනාව විස්තර වේ.
ඒ අතරම අහිගුණ්ඨික සම්භවයක් ඇති යෑන්ට වංශාධිපතියකුගේ එකම දියණිය වන සිඩෝව අහම්බයෙන් මුණ ගැසීම, ඔවුන් අතර විශ්වසනීයත්වය මත පදනම් වුණු බැඳීමක් ගොඩනැගීම, සිඩෝ නොදත් ඇගේ ඉතිහාස කතාව සහ ඉන්ද්‍රජාලිකයෙක් වන ටෙටූගේ භූමිකාව මෙම කෘතියෙහි ඇති සත්‍ය ඓතිහාසික තොරතුරු සමඟ ආකර්ෂණීය ලෙස සම්මිශ‍්‍රණය වේ.

Original price was: රු850.00.Current price is: රු680.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close