වහල – සසංඛාරයෝ – හරි සරල මිනිහෙක් – Pre Order 3in1 Pack

වහල – Wahala

“සමීර මහත්තයගේ රාජකාරී ස්ථානය තමයි මේ. කරන්න තියෙන්නෙ බොහොම පහසු වැඩක්. හැමදාම හරියට උදේ නවය වෙද්දි වහළ උඩ ඉඳීම අනිවාර්යයි. හවස පහ වනතුරු වහළෙන් බිමට බැසීම සපුරා තහනම්. ලියන්න කියන්න දේවල් නෑ. අර පොඩි කාමරයේ මහත්තයට කෑම ගන්න, විවේක ගන්න පුලුවන්. එතන අත්සන් කරන්න පොතක් තියල ඇති. වතුර, වැසිකිළි හැමදේම තියෙනවා. කෑම වෙලාව දවල් දොළහේ සිට විනාඩි හතළිස් පහක්. විවේක ගන්නේ කුටියේ සිට නම්, ඔබේ දෑස් වහළ දෙසම රඳවා තැබිය යුතු යි. ඔබට නිදාගැනීමට අවශ්‍යය නම්, වහළ උඩ නිදාගත්තාට මාගේ කිසි විරුද්ධත්වයක් නෑ. ඔබ මුලු රාජකාරී කාලය තුළම නිදාගත්තත් කමක් නෑ. හැබැයි වහළ උඩ නම් විතරයි. මහත්තයට පහසු ඇඳුමක් අඳින්න පුලුවන්. නමුත් කොයියම්ම මොහොතකවත් රාජකාරි වේලාවේදි වහළයෙන් බසින්නට එපා.”

සසංඛාරයෝ – Sasankarayo 

බයිසිකලය මිහින්තලය දෙසට හැරුණේ නැත. එය හැරුණේ මහ වැව දෙසටය. වැව් ඉස්මත්තේ ජලයෙන් තුන් පැත්තක් වට කරගත් ගල් තලාවක් මතට ඔවුහු නැග්ගහ.
“මේකද උඹෙ පුදුමෙ”
“පොඩ්ඩක් ඉදහං.”
සමන්ත සිය කමිසය සරම උනා දැමුවේය.
“ගලෝපං ඕව බලං ඉන්නෙ”
ලොකු මල්ලී ඔහුගේ අණ පිළිපැද්දේය. සමන්ත ක්‍රියාත්මක වන්නට පෙර යළි සිය අත් දෙස බැලුවේය. ඒවා තවමත් බොද වී ඇත. රේඛා හඳුණාගැනීමට ඔහුට නොහැකිය.
ක්ශණිකව දෑත් වීදා ඔහු ජලයට පැන්නේය. තමා පසුපසින් ලොකු මල්ලීද පනුණු ඔහු දුටුවේය. ජලයේ වුවද සමන්තට හුස්ම ඇල්ලීම ගැටලුවක් නොවන බව තේරුණි. ඔහු වතුරේ ගැඹුරට ගැඹුරට පීනන්නට විය. පතුළ ආලෝකමත් වී තිබුණේ කොළ පැහැති එළි වලිනි. ඒවා ඉතා කාන්තිමත් වූ අතර ඔහුගේ හිත ඒ තුළ ගිලි ගියේය. එළි අසලට ඔහු තව තවත් පීනන්නට විය. ඒ එළි රටාවකට මඟක් පාදා තිබුණි. ඒ මඟ වැටී තිබුණේ දිය පතුලේ ගුහාවකටයි. ඔවුන් දෙදෙන දිය පතුලේ ආලෝකයන්ගේ මඟ අනූව ගුහාව තුළට පිවිසියහ.
එය ඉතා දීප්තිමත් නේක වර්ණ මුතු මැණික් වලින් පිරී තිබූ අතර ගලින් තැනූ විශාල බුදු පිළිම වහන්සේ අසල ස්වර්ණමය නෙළුම් මල් පිහිටුවා තිබුණි. අසල තිබූ පෙට්ටගමින් රන් කාසි කිපයක් සාක්කුවේ හොවාගත් ඔවුහු ආපසු ගොඩට විත් බයිසිකලයට නැග ප්‍රීතියේ උන්මාදයෙන් බොහෝ දේ කියවමින් ඉගිලී එන්නට වූහ.
ලොකු මල්ලීට සිය කාසිය මවට පෙන්වන්නට ඉවසුම් නැතිව ගොසින්ය.
“සමන්ත අයියෙ ඔය ලොරිය ඉස්සර කරහංකො”
ඔවුන්ගේ ගමන අඩාල කර තිබූ ලොරිය දැක ලොකු මල්ලී සමන්තගේ උරහිසට ඇණ කීවේය.
සමන්ත ලොරියට පිටුපසින් සිට යතුරු පැදිය හැරෙව්වා පමණි.
“දඩාං…..”
බෝම්බ හඬක අනුකරණයෙන් ලොවම අඳුරු වී ගියේය.

හරි සරල මිනිහෙක් – Just a Simple Man Current price is: රු465.00.

සංහිද ළඟ කවුරුහරි පහනක් පත්තු කරලා. ඒ පහන කළුවරේ ගුප්ත කම වැඩි කරලා හෙවනැලි අඳිනවා. කොහොමටත් එළිය දෙනවා කිව්වට ගොඩක් පහන් කරන්නේ ඔය වැඩේ තමයි. උඹලගේ ලොකේ කොච්චර අඳුරුද කියලා අපිට ඇණ ඇන පෙන්නනවා. එළිය කියලා පුංචි සීමාවක් ලකුණු කරලා ඒක ඇතුලේ නැවතියන් කියලා අපිට බල කරනවා. අපිව බය කරනවා

2025 JUNE මස 07 වෙනිදාගෙන් පසු නිකුත් වේ

Original price was: රු1,800.00.Current price is: රු1,400.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
වහල - සසංඛාරයෝ - හරි සරල මිනිහෙක් - Pre Order 3in1 Pack
You're viewing: වහල – සසංඛාරයෝ – හරි සරල මිනිහෙක් – Pre Order 3in1 Pack Original price was: රු1,800.00.Current price is: රු1,400.00.
Add to cart
Shopping cart close