අප්‍රතිහත – Aprathihatha

ISBN – 9786246743138

අප්‍රතිහත – Aprathihatha

”අපිට කැලේට නාකි වෙන්න වෙයි. ඒත් අපේ ළමයින්ට එහෙම වෙන්න දෙන්න බෑ. ඒක හොඳට හිතට ගනින්”‍

”‍ඔය ලොකු ලොකු දේවල් කොරන්න ගිහින් අනිතිමේදි මේ නිවිහැනහිල්ලේ කාලා ඇඳලා ඉන්න එකත් නැති වෙයිද කියලයි මට බය”‍

”අපි දැන් මේ මෙහෙම හිටියට ළමයි හරියට ඉගන ගත්තොත් අපේ නහින-දෙහින කාලේ උණත් වෙනස් වෙයි”‍

”‍අනේ මේ.. මට නම් ඕන්න ඕනේ නෑ ළමයින්ගෙන් හම්බ කොරගෙන”‍

”‍ඔය කිව්වේ! කවුද බන් දැන් ළමයින්ගෙන් හරි හම්බු කොරගෙන කන්න ලෑස්ති උණේ? මොකද ජීවත් වෙන්න කියලා මේ ලෝකෙ ඉතුරු වෙලා තියෙන්නෙ ගොවි තැනයි, වෙළඳාමයි විතරයැ. ගෑණුන්ට තියෙන්නේ ගෙදර දොරේ වැඩම විතරයෑ. කොයිම රස්සාව උණත් හොඳට ඉගනගෙන කොරන එක තමයි වඩා හොඳ. ඔය වෙළඳාම උණත් හොඳට කොරගෙන යන්න ගණන් ටිකක් හදන්න, ඉංග්‍රීසි ටිකක් නැතුව බෑ. හිතේ මිම්මට කරුමාන්ත කොරපු කාලේ දැන් ගියා බන්”‍

 


”‍පව් කෙල්ලෝ දෙන්න. උන්ට මොනවා තේරෙනවටද. ළමයිට නැති උණේ අද ඉස්කෝලෙට යන්න බැරි වෙච්ච එක විතරයි”‍.

ඒත් ළමයින්ගේ ඉගනීම ගැන තමන්ට තිබූ දහසකුත් හීන, මේ සිද්දියෙන් පසු පොඩ්ඩක් දෙදුරුම් කෑ විත්තිය දන්නේ තමන් විතරයි. ඒ ගැන පොඩ්ඩක් කියන්නට, හිත නිදහස් කරගන්නට ලඟ පාත දැනුම් තේරුම් ඇති කිසිවෙකුත් නැති කමේ අඩු පාඩුව ඔහුට තදින් දැනුනි.

”‍මෙහෙම වැටිලා බෑ. මේ තව පටන් ගත්තා විතරයි. අනිත් දෙන්නා ලොකු මහත් වෙද්දි තව මොන මොන රෙගුලාසි තියෙයිද දන්නේ නෑ. මොනවා කරලා හරි මං ළමයි දෙන්නව ඉස්කෝලෙට දා ගන්නවා මයි. මගේ ළමයි ඉගනගෙන ලොකු නෝනලා මහත්තුරු වෙන එක වලක්කන්න ආයේ සක්කරයට වත් බෑ”

 

2024 – සැප්තැම්බර් මස 20 වෙනිදාගෙන් පසු නිකුත් වේ..

Original price was: රු1,000.00.Current price is: රු800.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
අප්‍රතිහත  - Aprathihatha
You're viewing: අප්‍රතිහත – Aprathihatha Original price was: රු1,000.00.Current price is: රු800.00.
Add to cart
Shopping cart close