ටාර්සන් හා ඇලන් සමග එන්ගායි දේශය – Tarzan Saha Alen Samaga Engayi Deshaya

19වන සියවසේ ලෝක සාහිත්යයේ නොමැකෙන සලකුණක් තැබූ ලේඛකයන් දෙපළක් ලෙස එඩ්ගාර් රයිස් බරෝස් සහ රයිඩර් හැගාර්ඩ් සැලකෙයි. රයිස් බරෝස් වඩාත් ජනප්රිය කරවීමට ඔහුගේ ටාර්සන් පොත් පෙළ හේතු විය. පසුකාලීනව සිනමාවට සහ මාලා නාටකවලට ද නැගුණු ටාර්සන් කතා මාලාව අදටත් ජනප්රියත්වයේ හිණිපෙත්තේ පවතී. රයිඩර් හැගාර්ඩ්ගේ කෘති රැසක් සිංහලට ද පරිවර්තනය විය. ඒ අතුරින් “ඈ”, “ඈ හෙවත් අයේෂා”, “ඈ සහ ඇලන්” වැනි කෘති නොමඳ පාඨක අවධානයට ලක්විය.

ටාර්සන් හා ඇලන් සමග එන්ගායි දේශය යනු මේ ලෝ ප්රකට ලේඛකයන් දෙදෙනාගේ ජනප්රියම කෘතිවල චරිත දෙකක් ප්රස්තුත කර ගනිමින් නදී ගුණතිලක ලේඛිකාව ලියූ ස්වතන්ත්ර කෘතියයි. ලෝ ප්රකට ලේඛකයන් දෙදෙනාගේ ප්රධාන චරිත දෙකක් යොදා ගනිමින් එම චරිතවලට ද සාධාරණය ඉටු කරමින් නව නිර්මාණයක් කිරීම එතරම් පහසු කාර්යයක් නොවේ. එහෙත් ලේඛිකාව ඒ අභියෝගය ජයගෙන ඇති බව කෘතිය කියවීමේදී පසක් වෙයි. මෙහිදී රයිස් බරෝස්ගේ සහ රයිඩර් හැගාර්ඩ්ගේ කෘති මෙරටදී පරිවර්තනය වූ ශෛලියට සමාන ශෛලියකින් මෙම කෘතිය රචනා කිරීමට කතුවරිය උත්සාහ දරා තිබීම විශේෂිත ය.

අසීරු අභියෝගයක් සාර්ථකව ජය ගැනීමට කතුවරිය දරා ඇති උත්සාහය අගය කළ යුතු ම ය.

මංජුල දිසානායක

 

 

 

Original price was: රු1,200.00.Current price is: රු960.00.

Available on: September 25, 2025 at 12:00 am
Available on: September 25, 2025 at 12:00 am

Latest Bookrack Publication

Latest Books

Book categories
ටාර්සන් හා ඇලන් සමග එන්ගායි දේශය - Tarzan Saha Alen Samaga Engayi Deshaya
You're viewing: ටාර්සන් හා ඇලන් සමග එන්ගායි දේශය – Tarzan Saha Alen Samaga Engayi Deshaya Original price was: රු1,200.00.Current price is: රු960.00.
Pre-order now
Shopping cart close