ටෙල් මී – TELL ME

ISBN – 978 624 6743 19 2

“ඔයා ඒක සෝෂල් මීඩියා දාන්නෙ නෑ නේද?” ජෝර්ඩන් ඇසුවේය. “
සමහරවිට මං එහෙම කරයි. අපට සෙල් සර්විස් එක ලැබුණාම.”

“ඒක හොඳ දෙයක් නෙවෙයි, ඩීඩ්‍රා.”

“හැමෝම එහෙම දේවල් කරනවා.”

“ඒත් අපි එහෙම කරන්නෙ නෑ. අපි ඒ වගේ ජරා වැඩ කරන්නේ නෑ.”

ජෝර්ඩන් කඳවුරු භූමියෙන් ඉවතට ඇවිද යන්නට පටන් ගත්තේය. “අපි මේ මඟුලෙන් ඈත් වෙමු.”
“මම මගේ වීඩියෝව පෝස්ට් කළා!” ඩීඩ්‍රා කීවාය.

ඈ පිළිබඳව තැකීමක් නොකළ ජෝර්ඩන්ගේ ඇඟිල්ල 911 ඇමතීමට සූදානමින් දුරකතන තිරය මත රැඳී තිබිණ. පෙර ඇසුණු හඬට සමාන තවත් හඬකින් ජෝර්ඩන්ට බාධා කෙරිණ.

“ඒයි, යාළුවා.” ජෝර්ඩන් පැමිණෙමින් සිටි පුද්ගලයින් ඇමතුවේය. “ඔහේලා මොනවා කළත්, ඔය පැත්තට නම් යන්න එපා. අපට මිනියක් හම්බ වුණා.” ඔහු තමන් පැමිණි මාර්ගය දෙසට අත දිගු කළේය.

මිනිසා සිනාසුණේය. “ඔත්තුවට ස්තුතියි.”

ඒ සමඟම තුවක්කුවක් මතුවිය. තමන් පලා ආ අනතුර මෙය බව ජෝර්ඩන්ට වැටහුණි. ඔවුන් කෙළින්ම පැමිණ ඇත්තේ අනතුර වෙතය.

Original price was: රු1,980.00.Current price is: රු1,580.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
ටෙල් මී - TELL ME
You're viewing: ටෙල් මී – TELL ME Original price was: රු1,980.00.Current price is: රු1,580.00.
Add to cart
Shopping cart close