Sale!

අවුරුදු වාසි පොත් කට්ටල – නවතම පරිවර්තන – New Translations

Original price was: රු9,700.00.Current price is: රු7,000.00.

ISBN – NEW YEAR OFFER PACK

දින පොතේ ඝාතකයා 

මේරිට නත්තල් තෑග්ගක් ලැබී තිබිණ.

ලැබුණේ කාගෙන්දැයි සදහනක් නැති ඒ තෑග්ග දිනපොතකි. දිනපොතක් ලැබීම ඒ හැටි විශේෂ දෙයකැයි මේරි සිතුවේ නැත. ඇයට එසේ සිතන්නට ලැබුණේ දිනපොත විවර කරන තෙක්… එය හිස් දිනපොතක් නොවන බව දකින තෙක් පමණකි.

ජනවාරි 01- ඔක්ෆර්ඩ්, ලීසාව මරන්න

පෙබරවාරි 01 – බර්මින්ග්හැම්, ජේන්ව මරන්න

මාර්තු 01 – කාඩිෆ්, ඩේවිඩ්ව මරන්න…

අප්‍රේල් 01 – චෙල්ටන්හැම්, මේරිව මරන්න.

ඇයට එය කාගේ හෝ විහිළුවක් යැයි සිතා බැහැර කරන්නට තිබිණ. එහෙත් ඒ වන විටත් ජනවාරි පළමුවෙනිදා පසුවී තිබිණ. ඔක්ස්ෆර්ඩ් නගරයේ උන් ලීසා නැමති යුවතියව මරා දමා තිබිණ.

ඉතින්, අප්‍රේල් පලවෙනිදා එළඹෙන්නේ මේරිගේ වාරයයි…

බොරුකාරි ද මං? – Borukari Da man – The Lies I Tell

විවිධ නම් වලින්, රැකියා වලින් එක් එක් නගරවල පෙනි සිටියද මා එකම පුද්ගලයෙකි..
නමුත් ඔබව පහසුවෙන් බොරු මගින් රැවටීම පිළිබඳව ඔබට මා හට දොස් පැවරිය නොහැක.
මන්ද මා සියල්ල සිදු කර ඇත්තේ නිතීයට අනූකුලවමය..

මාගේ අවසන් කාර්‍ය්ය සදහා

මා පෙනි සිටිනුයේ මාගේ සැබෑ නමිනි
මන්ද මෙය සාර්ථක වුවහොත්.
මම කවුද යන්න
මෙන්ම
මේ සඳහා මා පෙළඹවු
ඔබ සිදුකලේ කුමක්ද යන්න
ඔබේ මතකයේ රැදිය යුතුය..

ඔහුගේ අවසානය ද?
මට මගේ අරමුණ කරා යාමට හැකි වේද?

ඔබ මිස ඔහු නොව – Oba Misa Ohu Nowa

ඔවුන් අතර උපදින ප්‍රේමය අසීමාන්තිකය. කිසිදා බිඳිය නොහැකි තරම් බලවත්ය
එහෙත් ඒ සොඳුරු, බලගතු ප්‍රේමය පමණක් නොව, ඔහුගේ අසීමිත ධනය, බලය යන සියල්ල පසෙක ලා ඈ ඉවත්ව යන්නේ අනපේක්ෂිතව ය. කඩා වැටී අසරණ වන ඔහු නොදුටු ලෙසින් ඉවත ගොස් අන් මිනිසෙකු හා නව දිවියක් අරඹන ඈ සිත් පිත් නැති ගැහැනියක ලෙසින් අපවාද විඳින්නීය. එහෙත් පහළොස් වසරක් පුරා එම රහස නිසා ඈ අනේක පීඩා ලබන්නීය. අනතුරු ව නොනැසෙන සෙනෙහසින් යළි හමුවී හෙළිදරව් කරන එම රහස නිසා ඔවුන් දෙදෙනාගේම ජීවිතවලට අත්වන ඉරණම ඛේදජනකය

නිහඩ හඩ 

“කඳුකරයේන් මළ සිරුරක් හමුවේ.”

දකුණු පළාතේ කුඩා නගරයක, කුප්‍රකට දාම පැහැරගන්නෙකු වූ ජේකොබ් නෙස්ව අල්ලා ගැනීමට ෆ්ලෝරා ඩේන් අදිටනින් සිටින්නීය.

ඔහුගේ අවසාන වින්දිතයා වශයෙන්, සියල්ලන්ටම වඩා හොඳින් ඇය ඔහුව හඳුනයි.

ඔහුගේ රහස් තවමත් වැළලී ඇත.

එහෙත්, මේ නගරය පිටස්තරයන්ගේ ප්‍රශ්න කිරීම්වලට කාරුණිකව පිළිතුරු දෙන නගරයක් ද නොවේ.

එය එහි මතුපිටට යටින් අඳුරු රහස් සැරිසරනා නගරයකි.

මේ ඇයට ආපසු පණපිටින් යාමට නොහැකි වන ආකාරයේ නගරයකි.]

සෙවණැලි මිනිසා – Sewaneli Minisa – The Shadow Man

He Collects His Victims…

But He Doesn’t keep them Safe…

එල්ස්පෙත්, මෙගී හා සාවියර් ගොඩනැගිල්ලක් තුළ සිරගත කරනු ලැබ සිටිති. තමන් සිටින්නේ කොහේදැයි යන්න ඔවුහු නොදනිති. එසේම තමන් එතැන සිටින්නේ මන්දැයි යන්න පවා ඔවුහු නොදනිති. සෙවණැලි මිනිසා ඔවුන් පැහැරගත් බව පමණක් ඔවුහු දනිති. එසේම ඔහු තම ග්‍රහණයෙන් ඔවුන් මුදා නොහරින බවද ඔවුහු දනිති.

එය නරකාදියක්ම විය. ඔවුන් මෙතැනින් කෙසේ හෝ ගැලවී යා යුතුය. එහෙත් මේ පසුපස ඇත්තේ දැවැන්ත අබිරහසකි.

මන්ද යත් සෙවණැලි මිනිසා හුදු සෙවණැල්ලක් පමණක් නොවේ. ඔහු සත්‍ය මනුෂ්‍යයෙකි.

ඔහු සියල්ලම නිරීක්ෂණය කරයි.

හදවත මදකට නතර කරවනසුලු කතා වස්තුවකි…

Out of stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan