Free Delivery

  • -20% බුක්‍ රැක් නවතම ස්වතන්ත්‍ර  - Bookrack New Books Pack

    බුක්‍ රැක් නවතම ස්වතන්ත්‍ර – Bookrack New Books Pack

    බුක්‍ රැක් නවතම ස්වතන්ත්‍ර – Bookrack New Books Pack

    සංග්‍රාම -SANGRAMA

    අද රාත්‍රිය මඩොල්වෙල ගම්මානයේ වැසියන්ට මෙන්ම කොළඹ හමුදා මූලස්ථානයටද නින්ද නොඑන දීර්ඝ රාත්‍රියකි. එක් අතකින් මඩොල්වෙල ගම්මානයේ සියලු දෙනා ප්‍රාණ ඇපකරුවන් බවට ඒ වනවිට පත්ව හමාරය. තවත් අතකින් කොළඹ හමුදා මූලස්ථානයේ අණ දෙන නිලධාරි වසන්ත දිසානායක සහ ඔහුගේ සහයක උදාර සේනානායක ඇතුළු හමුදා කණ්ඩායම ඔවුන්ගේ ජිවිතයේ මුහුණ දීමට සිදුවන තවත් එක් බිහිසුණු ක්‍රියාන්විතයක් ඇරඹිමට සියළු කටයුතු සුදානම් කොට හමාරය. ඉදිරි පැය කිහිපය තුළ ගතවන සෑම මොහොතකම ඔවුන් ගන්නා තීරණ රටේ අනාගතය පමණක් නොව ඔවුන්ගේම ජිවිතද වෙනස් කිරිමට තරම් ප්‍රබලය.

    “මහලොකු කෙරුමෝ නම් උබලට පුළුවන් දෙයක් ඇවිල්ලා අපට කරලා අපිව නවත්තපල්ලා.අපි ජීවත් වෙන්නෙත් මේ රටේම තමයි!”

    මඩොල්වෙල ගම්මානයේ වැසියන් ප්‍රාණ ඇපයට ගත්තේ කවුරුන්ද? ඒ කුමක් නිසාද ?වසන්ත හා උදාර ඇතුළු කණ්ඩායම ඇරඹිමට සුදානම්ව සිටින බිහිසුණු ක්‍රියාන්විතය කුමක්ද? තම ජිවිත පමණක් නොව රටේ අනාගතය පවා වෙනස් කිරිමට තරම් සමත් ඒ තීරණ මොනවාද?

    අද රාත්‍රිය නම් අතිශයින්ම අමුතුම රාත්‍රියකි!

    වික්ටිම්ස් -VICTIMS

    ​අහිමි ව ගිය ප්‍රේමයෙන් සෝදාපාළුවී ගිය සිත කොතැනකවත් නොඅලවාගෙන වසර දෙක තුනක් ගෙවූ ඇයට මේ සිදුවූ අහඹුව තවමත් සිතාගැනීමට නොහැකි පුදුමයකි. නිරංගව පළමු වරට දුටු දින ඔහු වෙත පෑ රළු ප්‍රතිචාරය වෙනස් කරන්නට තමා ගත් තීරණය නිරංගව මේ තත්ත්වයට පොළඹවාවී යැයි අවබෝධයක් එවෙලේ ඇයට තිබුණේ නැත. එහෙත් එය එසේ වන්නට යන බවට ඉංගිතයන් සම්මුඛ වන්නට වූ කල තමන් ඔහුව ඊට පොළඹවනසුළු ප්‍රතිචාර දැක්වූ බව ඇය පිළිගන්නීය. දැන් ඇය විඳවන්නේද ඒ හේතුවෙන්මය. නිරංගට තම සිත තුළ ඉඩක් වෙන් වී තිබුණද, ඒ ඉඩට ඔහුව ඇතුළු කරගන්නට ඇය තවමත් ඉන්නේ විචිකිච්ඡාවෙනි. දෙගිඩියාවකිනි. අහිමිව ගිය ප්‍රථම ප්‍රේමයට සපුරා වෙනස් වූ මෙම නවතම පෙම පිළිගන්නට සිතේ එක් පසක් බල කරද්දී, අනෙක් පස ඊට විරුද්ධව නැගී සිටියි. පැරණි පෙම පිළිබඳ සිතුවිලි සිතට බලහත්කාරයෙන් ගෙන එන්නට තැත් කරයි. ඒ හරහා නිරංග කෙරෙහි ඇගේ සිත බිඳවන්නට තැත් කරයි. එක සිත දෙතැනක නතර වී කරන මේ විගඩම දැන් දින දෙක තුනක සිටම ඇගේ නින්දද සැනසීමද විනාශ කර දමා අවසානය.

    ❄️❄️❄️❄️

    සිය නැගණියගේ සිය දිවි නසා ගැනීමට හේතු සොයන තරුණයෙක්…..

    ඔහුගේ පිහිටට එන, විරහ වේදනාව හදෙහි ගුළි කරගත් යුවතියක්…..

    ඔවුන්ගේ ජීවිත කෙසේ නම් එකිනෙකාගේ ජීවිත මත අතිපිහිත වේවිද?

    සිය බලාපොරොත්තු සඵල කරගැනීමට ඔවුනට හැකිවේවිද?

    VICTIMS

    අසම්මත ඉරණමක වින්දිතයෝ

    ඩී එන් ඒ – DNA 

    එදා සිදු වූ ඒ සිද්ධියත් සමඟ අකමැත්තෙන් හෝ රීටා නෝනාගේ බසට අවනත වනු හැරෙන්නට නිව්ටන්ට වෙනත් විකල්පයක් සොයාගත නොහැකි විය. විකල්පයක් තිබෙනවා නම් තිබෙන්නේ ආපහු ලංකාවට යෑමය. නමුත් එය කබලෙන් ලිපට වැටීමක් බවද හේ දනියි. එබැවින් යාන්තම් අතගසාගත් මේ දූපතේම තව කාලයක් සිටීම අතමිට සරුවීමට එකම මඟ බවද ඔහු දනියි. සරණාගතයෙක් ලෙස මෙරට හිරේ විලංගුවේ වැටෙනවාටත් වඩා වරදකරුවෙක් ලෙස ලංකාවට යාමට කිසිසේත්ම කැමැත්තක් නොතිබූ නිව්ටන්ට දූපතෙන්ම කසාදයක් කරගන්නවා හැරෙන්නට වෙනත් විසඳුමක්ද නොපෙනිණ. සෝමේට අවශ්‍ය වූයේද එයමයි. ඊට අවශ්‍ය සියලු කරුණු කාරණා සම්පාදනය කිරීමෙහි මූලිකයා ලෙස ඔහු විශාල බරක් කරට ගත්තේද එනිසාය. අවසානයේ නිව්ටන්ගේ දිවියේ තීරණාත්මක දිනය එසේ උදාවිය.

    “දැන් කිසිදේකට බයවෙන්න ඕනෙ නැහැ. නිව්ටන් අයියා ළඟත් දැන් කසාද සහතිකේ තියෙනවා. දැන් ඉතින් කුරුල්ලා වගේ ඕනෙ තැනක නිදහසේ පියාඹන්න පුළුවන්.”

    “ඒත් මගෙ හිතට හරි නැහැ සෝමෙ.”

    දෙව්භරණ – DewBaraNa

    “මගේ ළඟට වරෙන් භරණ… ආයෙත් මගේ ළඟට වරෙන්… මං බලාගෙන ඉන්නම් උඹ එනකල්… උඹ මගේ ළඟට එනවා නේද මගේ භරණ”

    * * * * * * * * * * * * * * *

    “මම මේ හිතුවේ උඹ ගෑනු ආත්මෙක ඉපදුනේ ඇයි කියලා… උඹ දන්නව ද ගෑනු වෙලා උපදින්නේ පවුකාරකමටලු”
    ඔහු පැවසුවේ යුවතිය දෙස නොබලමින්ය.

    “මගේ පවුකාරකමෙන් මිස්ටර් මෞර්යට වැඩක් නෑනේ. හැබැයි මිස්ටර් මෞර්ය ඔය පවුකාරයි කිව්වේ තමුන්ගෙ ම අම්මාටත් එක්ක කියලා මතක තියාගන්න”
    යුවතිය කෝපයෙන් පැවසුවාය.

    “නෑ බන් මං කිව්වේ එහෙම එකක් නෙවෙයි. පිරිමි ආත්මෙකින් පස්සේ ආයෙම ගෑනු ආත්මෙක ඉපදෙන්න උඹ කලින් ආත්මේ මොනවා හරි පවුකාරකමක් කරන්න ඇති”

    Original price was: රු4,350.00.Current price is: රු3,500.00.
    Add to cart
  • -20% බුක්‍ රැක් නවතම පරිවර්තන  - Bookrack New Translation Pack

    බුක්‍ රැක් නවතම පරිවර්තන – Bookrack New Translation Pack

    බුක්‍ රැක් නවතම පරිවර්තන – Bookrack New Translation Pack
    LIMITED TIME OFFER  – FREE DELIVERY 

    මිත්‍යාදෘෂ්ටිකයාගේ නිධානය (The Heretic’s Treasure)

    ​සහස්‍රක ගණනාවක් සැඟව තිබූ රහසක්… ලෝකය වෙනස් කළ හැකි මාරාන්තික දෛවයකට මඟ පෑදිය හැකි තරම් බලවත් නිධානයක්!

    ​ඊජිප්තුවේ දැවෙන කාන්තාර වැලි තලාව අතරේ අතීතයෙන් සඟවන්නට උත්සාහ කළ පාරාවෝවරයෙකුගේ නිධානයක් දක්වා විහිදෙන, මහා පාවාදීම් සහ ලේ වැගිරීම්වල සුළි කුණාටුවකට හිටපු SAS සෙබළ බෙන් හෝප් යළිත් මැදි වේ.

    වර්තමානයේදී, එම නිධානයේ රහස සෙවීමට ගිය විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු අතිශය අමානුෂික ලෙස ඝාතනය කෙරේ.

    අතීතයේ බෙන්ගේ පණ බේරාගත් හමුදා සගයෙකුගේ පුත්‍රයා වන මෙම
    මහාචාර්යවරයාගේ ඝාතනය ගැන සොයායාමට බාරගන්නා බෙන් හට, එම නිධානය සොයායන්නට සිදුවන්නේ අනපේක්ෂිත ලෙසිනි.

    මෙම ඝාතනය පිටුපස ඇති සත්‍යය සෙවීමට බෙන් හෝප් ඉදිරිපත් වූවද,
    ​ඔහුට අන්තිමේ ගැටෙන්නට සිදුවෙන්නේ සාමාන්‍ය සතුරෙකු සමඟ නොවේ. ලෝක ඉතිහාසය තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීමට මාන බලන, බලගතු, අනුකම්පාවක් නැති, බෙන් හා උරින් උර ගැටිය හැකි, ත්‍රස්තවාදී නායකයෙකුට එරෙහිවය.

    පැරණි සංකේත, අභිරහස් සිතියම් සහ මාරාන්තික උගුල් පසුකරමින් බෙන් හෝප්ට “මිත්‍යාදෘෂ්ටිකයාගේ නිධානය” වෙත ළඟා විය හැකිද? නැතහොත් ඉතිහාසයේ අඳුරුතම රහස ඔහුත් සමඟම වැළලී යනු ඇත්ද?
    ​මිථ්‍යාව සහ යථාර්ථය අතර සීමාවන් බොඳ කරන, කියවා අවසන් වනතුරුම පොත බිම තැබිය නොහැකි තරම් කුතුහලයෙන් පිරි ස්කොට් මරියානිගේ (Scott Mariani) විශිෂ්ටතම ඓතිහාසික අභිරහස් නවකතාවේ සිංහල පරිවර්තනය.

    සැගවුණු මෙහෙයුම – The Shadow Project – Pre Order

    විද්‍යාව සහ අද්භූත රහස් අතර සිරවුණු ලෝකයක මාරාන්තික සත්‍යය!
    තත්පරයක පමාවීමක්… මුළු ලෝකයේම ඉරණම වෙනස් කරනු ඇත!
    හිටපු රහස් නියෝජිතයෙකු වන බෙන් හෝප් මෙවර පැටලෙන්නේ ඔහුගේ ජීවිතයේ මුහුණ දුන් අතිශය භයානකම සහ අද්භූතම මෙහෙයුමටයි.

    දෙවන ලෝක යුද්ධ සමයේ, එනම් 1944 සිට ලෝකයෙන් සඟවා තැබූ, මුළු මහත් මානව ඉතිහාසයම උඩුයටිකුරු කළ හැකි අතිශය රහසිගත ලියවිල්ලක්!
    එය අත්පත් කරගැනීමට මාන බලන ‘නව-නාසි’ කල්ලියක්!
    නමුත්, ඔහුගේ අතීතයේ සැඟවුණු අභිරහස් කාන්තාවකගේ හදිසි කරළියට පැමිණීමත් සමඟ, මෙම මෙහෙයුම හුදෙක් රාජකාරියක් නොව, ඔහුගේ ජීවිතයේ දරුණුතම පෞද්ගලික සටන බවට පත්වෙයි.
    යුරෝපය පුරා ඇදෙන මාරාන්තික ලුහුබැඳීමක්…
    සෑම තත්පරයකම මරණයේ සෙවනැලි…
    ලෝකය පාලනය කිරීමට සැරසෙන ඒ දෘශ්‍යමාන නොවන සතුරා පරාජය කිරීමට බෙන් හෝප්ට හැකි වේවිද? නැතහොත් ඔහුත් එම සැඟවුණු මෙහෙයුමේම ගොදුරක් බවට පත්වේවිද?

    සැගවුණු මතක – SEGAWUNU MATHAKA

    එළියෙ වාහනයක් නතර වුණා. අපි මූණෙන් මූණ බලාගත්තා. අපි තුන්දෙනාගෙම ඇස් බයෙන් පිරිලා. ඩැනී නැගිටලා ජනේලය ළඟට දුවගෙන ගිහින්, තිර රෙද්ද අස්සෙන් එබිකම් කළා.
    “පොලිසියෙන් ද?” මම කෙඳිරුවා.
    “වෝල්ටර්. ඔයා තේ හදනවා වගේ රඟපාන්න. එයාට ඔයාගේ මූණේ ඔය පැත්ත පේන්න දෙන්න එපා. සෝෆාවෙ අඳුරුම කෙළවරේ වාඩි වෙලා අහක බලාගෙන ඉන්න….හායි, වෝල්ටර්.”
    “ඔයාලා හොඳින්ද? වෙඩි සද්දයක් ඇහුණා.”
    “ඔව්, ආයෙත් කබඩ්වල මීයො. මේ පාර නම් ඌව අහුවුණා.”
    “ඔය ගෑණු ළමයි තුවක්කුව එක්ක පරිස්සමෙන් වැඩ කරන්න ඕන.”
    “අපි පරිස්සම් වෙනවා. තාත්තා අපට උගන්නලා තියෙන්නේ.”
    “ටිකකට කලින් එයාගේ ට්‍රක් එකේ සද්දේ ඇහුණා වගේ කියලා මට හිතුණා.”
    “ඒ කෝට්නිව ඇරලවන්න ආපු එකක්.”
    “ඔයාලගේ තාත්තා කවදාද ගෙදර එන්නේ? එයා කුලිය ගෙවන්න පරක්කුයි.”
    “ඉක්මනටම එයි. අපට ඒ වෙනුවෙන් අමතර දෙයක් කරන්න පුළුවන් ද?”
    “දන්නේ නෑ ඩැනී. ඔයා දන්නවා නෙ ඔයාලට දෙන්න පුළුවන් තරම් වැඩ අපි දීලා තියෙන්නේ….මොකක්ද ඒ සුවඳ?”
    ෂිට්, එයාට ලේ සුවඳ දැනෙනවා ද?

    Original price was: රු6,500.00.Current price is: රු5,200.00.
    Add to cart
  • -20% බුක්‍ රැක් නවතම ප්‍රකාශන - Bookrack New Book Bundle

    බුක්‍ රැක් නවතම ප්‍රකාශන – Bookrack New Book Bundle

    ISBN – බුක්‍ රැක් නවතම ප්‍රකාශන – Bookrack New Book Bundle

    සංග්‍රාම -SANGRAMA -PRE ORDER

    අද රාත්‍රිය මඩොල්වෙල ගම්මානයේ වැසියන්ට මෙන්ම කොළඹ හමුදා මූලස්ථානයටද නින්ද නොඑන දීර්ඝ රාත්‍රියකි. එක් අතකින් මඩොල්වෙල ගම්මානයේ සියලු දෙනා ප්‍රාණ ඇපකරුවන් බවට ඒ වනවිට පත්ව හමාරය. තවත් අතකින් කොළඹ හමුදා මූලස්ථානයේ අණ දෙන නිලධාරි වසන්ත දිසානායක සහ ඔහුගේ සහයක උදාර සේනානායක ඇතුළු හමුදා කණ්ඩායම ඔවුන්ගේ ජිවිතයේ මුහුණ දීමට සිදුවන තවත් එක් බිහිසුණු ක්‍රියාන්විතයක් ඇරඹිමට සියළු කටයුතු සුදානම් කොට හමාරය. ඉදිරි පැය කිහිපය තුළ ගතවන සෑම මොහොතකම ඔවුන් ගන්නා තීරණ රටේ අනාගතය පමණක් නොව ඔවුන්ගේම ජිවිතද වෙනස් කිරිමට තරම් ප්‍රබලය.

    “මහලොකු කෙරුමෝ නම් උබලට පුළුවන් දෙයක් ඇවිල්ලා අපට කරලා අපිව නවත්තපල්ලා.අපි ජීවත් වෙන්නෙත් මේ රටේම තමයි!”

    මඩොල්වෙල ගම්මානයේ වැසියන් ප්‍රාණ ඇපයට ගත්තේ කවුරුන්ද? ඒ කුමක් නිසාද ?වසන්ත හා උදාර ඇතුළු කණ්ඩායම ඇරඹිමට සුදානම්ව සිටින බිහිසුණු ක්‍රියාන්විතය කුමක්ද? තම ජිවිත පමණක් නොව රටේ අනාගතය පවා වෙනස් කිරිමට තරම් සමත් ඒ තීරණ මොනවාද?

    අද රාත්‍රිය නම් අතිශයින්ම අමුතුම රාත්‍රියකි!

    වික්ටිම්ස් -VICTIMS -PRE ORDER

    ​අහිමි ව ගිය ප්‍රේමයෙන් සෝදාපාළුවී ගිය සිත කොතැනකවත් නොඅලවාගෙන වසර දෙක තුනක් ගෙවූ ඇයට මේ සිදුවූ අහඹුව තවමත් සිතාගැනීමට නොහැකි පුදුමයකි. නිරංගව පළමු වරට දුටු දින ඔහු වෙත පෑ රළු ප්‍රතිචාරය වෙනස් කරන්නට තමා ගත් තීරණය නිරංගව මේ තත්ත්වයට පොළඹවාවී යැයි අවබෝධයක් එවෙලේ ඇයට තිබුණේ නැත. එහෙත් එය එසේ වන්නට යන බවට ඉංගිතයන් සම්මුඛ වන්නට වූ කල තමන් ඔහුව ඊට පොළඹවනසුළු ප්‍රතිචාර දැක්වූ බව ඇය පිළිගන්නීය. දැන් ඇය විඳවන්නේද ඒ හේතුවෙන්මය. නිරංගට තම සිත තුළ ඉඩක් වෙන් වී තිබුණද, ඒ ඉඩට ඔහුව ඇතුළු කරගන්නට ඇය තවමත් ඉන්නේ විචිකිච්ඡාවෙනි. දෙගිඩියාවකිනි. අහිමිව ගිය ප්‍රථම ප්‍රේමයට සපුරා වෙනස් වූ මෙම නවතම පෙම පිළිගන්නට සිතේ එක් පසක් බල කරද්දී, අනෙක් පස ඊට විරුද්ධව නැගී සිටියි. පැරණි පෙම පිළිබඳ සිතුවිලි සිතට බලහත්කාරයෙන් ගෙන එන්නට තැත් කරයි. ඒ හරහා නිරංග කෙරෙහි ඇගේ සිත බිඳවන්නට තැත් කරයි. එක සිත දෙතැනක නතර වී කරන මේ විගඩම දැන් දින දෙක තුනක සිටම ඇගේ නින්දද සැනසීමද විනාශ කර දමා අවසානය.

    ❄️❄️❄️❄️

    සිය නැගණියගේ සිය දිවි නසා ගැනීමට හේතු සොයන තරුණයෙක්…..

    ඔහුගේ පිහිටට එන, විරහ වේදනාව හදෙහි ගුළි කරගත් යුවතියක්…..

    ඔවුන්ගේ ජීවිත කෙසේ නම් එකිනෙකාගේ ජීවිත මත අතිපිහිත වේවිද?

    සිය බලාපොරොත්තු සඵල කරගැනීමට ඔවුනට හැකිවේවිද?

    VICTIMS

    අසම්මත ඉරණමක වින්දිතයෝ

    ඩී එන් ඒ – DNA – PRE ORDER

    එදා සිදු වූ ඒ සිද්ධියත් සමඟ අකමැත්තෙන් හෝ රීටා නෝනාගේ බසට අවනත වනු හැරෙන්නට නිව්ටන්ට වෙනත් විකල්පයක් සොයාගත නොහැකි විය. විකල්පයක් තිබෙනවා නම් තිබෙන්නේ ආපහු ලංකාවට යෑමය. නමුත් එය කබලෙන් ලිපට වැටීමක් බවද හේ දනියි. එබැවින් යාන්තම් අතගසාගත් මේ දූපතේම තව කාලයක් සිටීම අතමිට සරුවීමට එකම මඟ බවද ඔහු දනියි. සරණාගතයෙක් ලෙස මෙරට හිරේ විලංගුවේ වැටෙනවාටත් වඩා වරදකරුවෙක් ලෙස ලංකාවට යාමට කිසිසේත්ම කැමැත්තක් නොතිබූ නිව්ටන්ට දූපතෙන්ම කසාදයක් කරගන්නවා හැරෙන්නට වෙනත් විසඳුමක්ද නොපෙනිණ. සෝමේට අවශ්‍ය වූයේද එයමයි. ඊට අවශ්‍ය සියලු කරුණු කාරණා සම්පාදනය කිරීමෙහි මූලිකයා ලෙස ඔහු විශාල බරක් කරට ගත්තේද එනිසාය. අවසානයේ නිව්ටන්ගේ දිවියේ තීරණාත්මක දිනය එසේ උදාවිය.

    “දැන් කිසිදේකට බයවෙන්න ඕනෙ නැහැ. නිව්ටන් අයියා ළඟත් දැන් කසාද සහතිකේ තියෙනවා. දැන් ඉතින් කුරුල්ලා වගේ ඕනෙ තැනක නිදහසේ පියාඹන්න පුළුවන්.”

    “ඒත් මගෙ හිතට හරි නැහැ සෝමෙ.”

    දෙව්භරණ – DewBaraNa

    “මගේ ළඟට වරෙන් භරණ… ආයෙත් මගේ ළඟට වරෙන්… මං බලාගෙන ඉන්නම් උඹ එනකල්… උඹ මගේ ළඟට එනවා නේද මගේ භරණ”

    * * * * * * * * * * * * * * *

    “මම මේ හිතුවේ උඹ ගෑනු ආත්මෙක ඉපදුනේ ඇයි කියලා… උඹ දන්නව ද ගෑනු වෙලා උපදින්නේ පවුකාරකමටලු”
    ඔහු පැවසුවේ යුවතිය දෙස නොබලමින්ය.

    “මගේ පවුකාරකමෙන් මිස්ටර් මෞර්යට වැඩක් නෑනේ. හැබැයි මිස්ටර් මෞර්ය ඔය පවුකාරයි කිව්වේ තමුන්ගෙ ම අම්මාටත් එක්ක කියලා මතක තියාගන්න”
    යුවතිය කෝපයෙන් පැවසුවාය.

    “නෑ බන් මං කිව්වේ එහෙම එකක් නෙවෙයි. පිරිමි ආත්මෙකින් පස්සේ ආයෙම ගෑනු ආත්මෙක ඉපදෙන්න උඹ කලින් ආත්මේ මොනවා හරි පවුකාරකමක් කරන්න ඇති”

    බලාපොරොත්තුවේ ආලෝකය 01 / 02

    “මම හිතන්නේ මම සටන්වලට ගොඩාක් දක්ෂ වුණා. පුංචි කාලේ ගහ ගන්නයි, කඩු සටන් වලටයි, දුනු විදීමටයි, ඒ හැමදෙයකටම මම සාමාන්‍ය අයට වඩා දක්ෂයෙක් වුණා.

    මට ලැබුණේ හොද පුහුණුවක්. ඒ කියන්නේ ඇනිඑල්ලේ කදුකර මිනිස්සු අතර පාලනය කරන ආදිපාදවරයාගේ පුතා හැටියට, 

    වයිට් ෆැන්ග් කදුකරයේ හිටපු බලවන්තමපුද්ගලයා මගේ තාත්තා. ඒ නිසා මට විශේස පුහුනුවක් ලැබුනත් , මට හරි විදිහේ පුහුණුවක් ලැබෙන්න පටන් ගත්තේ මම රිෆ්තෝල්ඩ් මාලිගාවට ආවට පස්සේ, ඒ ඇවිල්ලා රාජකීය හමුදාවට බැදුනාට පස්සේ” ඇය ඔහු පිටු පසින් ගමන් කලාය.

    ඔහු ඇවිදින්න අමාරු විදිහට මුල් උඩට ඇවිත් තිබු තැන් වලින් ඇයව ප්‍රවේසමෙන් කැදවාගෙන ගියේ ඔහුත් එම මුල් වල පැටලෙන්නේ නැතිවය.

    මම හිතන්නේ ඔයාගේ අකීකරුකමයි, හරකෙක් වගේ ඔළුව කෙලින් කරගෙන ඉන්න එකයි වෙන්න ඇති ඔයාව හොද විනය ගරුක සොල්දාදුවෙක් කරන්න ඇත්තේ නේද? ඇය සිනාසි ඇසුවාය

    JUNE මස 28 වෙනිදාගෙන් පසු නිකුත් වේ

    Original price was: රු15,200.00.Current price is: රු12,160.00.
    Add to cart
  • -20% මොහාන් රාජ් මඩවල පොත් කට්ටලය - Mohan Raj Madawala Book Pack

    මොහාන් රාජ් මඩවල පොත් කට්ටලය – Mohan Raj Madawala Book Pack

    ISBN – Mohan Raj Madawala Book Pack

    මන්දෝදරි

    නිල් කට්රොල්
    අයි . ඩී – I.D
    කලම්බෝ
    රැජිණ
    ලොවිනා
    මාගම් සෝලිය
    ආදරණිය වික්ටෝරියා

    Original price was: රු13,150.00.Current price is: රු10,520.00.
    Add to cart
  • -20% දිල්හානි වික්‍රමරත්න කෘති එකතුව - Dilhani Wickramarathna Book Pack

    දිල්හානි වික්‍රමරත්න කෘති එකතුව – Dilhani Wickramarathna Book Pack

    ISBN – දිල්හානි වික්‍රමරත්න කෘති එකතුව – Dilhani Wickramarathna Book Pack

    Original price was: රු10,035.00.Current price is: රු8,000.00.
    Add to cart
  • -20% අගර දගර ඉස්කෝලේ 1-21 - Agara Dagara Iskole 1-21- PRE ORDER

    අගර දගර ඉස්කෝලේ 1-21 – Agara Dagara Iskole 1-21- PRE ORDER

    ISBN – 9786246743482

    අගර දගර ඉස්කෝලේ 1-21 – Agara Dagara Iskole 1-21- PRE ORDER

    2026 මාර් තු මස 15 වෙනිදා නිකුත් වේ

    අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
    අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ සිංහල පරිවර්තනයයි.

    Original price was: රු7,000.00.Current price is: රු5,600.00.
    Add to cart
  • -19% එන්කවුන්ටර් - ගෙදරම්මා - රන්හුයක සිරවී -

    එන්කවුන්ටර් – ගෙදරම්මා – රන්හුයක සිරවී –

    ISBN – 978 624 6743 49 9

    එන්කවුන්ටර් – ENCOUNTER – PRE ORDER

    1989 දී සිදුවුන, එකල භීෂණ සමයේදී අරගලකරුවන්ගේ ගිණුමට බැර වු උප පොලිස් පරීක්ෂකවරයෙකු⁣ගේ ඝාතනයක්.

    2015 දි සිදුවන ⁣අතිශය ඛේදජනක සිදුවීමක්.

    සිදුවීම් එකට යා කරන 2025 දී වු පොලිස් පරීක්ෂකවරයෙක්ගේ ඝාතන සිදුවීමක්.

    වෙස් මුහුණ පැළඳි මිනිසුන්ගේ සත්‍ය යෂ්මන්ත ද සිල්වා නම් වු පෞද්ගලික රහස් පරීක්ෂකවරයාට හෙලිකිරීමට හැකිවේද..?

    එතෙක් මෙතෙක් යෂ්මන්ත ද සිල්වාගේ නමින් ලිය වු දීර්ඝතම නව කතාව..’ එන්කවුන්ටර් ‘

    ගෙදරම්මා – GEDARAMMA – PRE ORDER

    ISBN – 978 624 6743 50 5

    අප දැන් කොටියාට හසුවී තිබේ. මමත්, ආසිරි මල්ලිත් බුදුගෙය දෙසින් මහගෙදර මිදුලට දුවගෙන ආවෙමු. මාලි අප පසුපසින් එලවාගෙන ආවේ තරමක දුරක සිටය. ගෙදරම්මා මිදුලේ සිටියාය. කොළ කෑලි ගුලිකර සාදාගත් මයික්‍රෝෆෝනය ගෙදරම්මාට දිගුකලේ මිදුලේ නැවතෙමිනි.

    “ ආන්ටි, ආන්ටි, මේ පැත්තට කොටියෙක් ඇවිත් නේද.?”

    ගෙදරම්මාගෙන් ඇසූ පළමු සහ එකම පැනය එයයි. මාලි ද ළඟ ළඟම දුවගෙන එමින් සිටියාය. අවාසනාවකට වේලෙන්නට තබා තිබූ මිරිස් වට්ටියේ කොනක් මට පෑගුනි. ගෙදරම්මාට යකා නැග්ගේය.

    ISBN – 978 624 6743 50 5

    රන් හුයක සිරවී – RAN HUYAKA SIRAWI – PRE ORDER

    ” ඕන උනත් අපිට ආදරේ ඇතුලේ හිනාවක් වත් සතුටක් වත් හොයන්න බැහැ කේසර. ඔයා ඉගිලෙන්න හැදුවොත් ආදරේ ඔයාගේ අත්තටු කපලා දාවි. ඔයා හිනා වෙන්න හැදුවොත් ඔයාගේ හිනාව මකලම දාවි. ආදරේ කියන්නේ අපිව රිදවන්න පාවිච්චි වෙන තවත් වචනයක් විතරයි. අනික මැරීගෙන ආදරේ කරපු මිනිස්සුන්ට ආදරේ හැමදාම දුන්නේ දරාගන්න බැරි වේදනාවල් විතරයි. රැය එලිවෙනකන් ඔයා එක්ක පවුල් ජීවිතයක් ගත කරන කෙනා දවල්ට වෙන කෙනෙක් එක්ක බෙදාගන්න ඔයා කැමතිද කේසර? ගෑණු කවද්ද උන්ට කියලා ලියාගත්ත පිරිමි පපුව හුස්මකින්වත් බෙදාගන්න කැමති වුනේ.! මමත් එහෙම ගෑණියෙක් කේසර. මට මැරෙන්න නොදී ඔයාලා ඇයි මාව බේරගත්තේ කේසර? ඔයාලට තිබ්බේ මට මැරෙන්න ඉඩ දීලා බලන් ඉන්නනේ. අනික මම දන්නවා ආදේව් බලන් ඉන්නේ මම මැරෙනකන් කියලා. මම ඉද්දි එයාටයි ශේවානිටයි එකතු වෙන්නත් බෑනේ කේසර “

    APRIL මස 10 වෙනිදාගෙන් පසු නිකුත් වේ

    Original price was: රු4,150.00.Current price is: රු3,350.00.
    Add to cart
  • -20% රතු වදමල් - අබාසාත්ති - කිරි කිරි බොලේ - මැට්ටි - නිකිලා - පැණි ලුණු දෙහි -පොත් කට්ටලය

    රතු වදමල් – අබාසාත්ති – කිරි කිරි බොලේ – මැට්ටි – නිකිලා – පැණි ලුණු දෙහි -පොත් කට්ටලය

    රතු වදමල් – අබාසාත්ති – කිරි කිරි බොලේ – මැට්ටි – නිකිලා – පැණි ලුණු දෙහි -පොත් කට්ටලය

    2025 වසරේ ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශිත අබාසාත්ති නවකතාව මෙන්ම2021 වසරේ හොඳම  ස්වතන්ත්‍ර යොවුන් සාහිත්‍ය කෘතියට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ “මැට්ටි” කෘතිය රචනා කළ සම්මානනීය ලේඛිකා මනෝහරි ජයලත් මහත්මියගේ කෘති  කට්ටලය

    රතු වදමල් – Rathu Wada Mal

    මොකද්ද ඉක්කි මේ නෙයියාඩගම?

    අපිට පාරක තොටක යන්න නැද්ද? සේසිරි ඔච්චර ඉවසුවා ඇති. වෙන මිනිහෙක් නම්
    ගුටි කෙළියක්!

    ඉක්කි… කොටින් කියන්නං, ආයෙ නම් මේ පළාතේ නාවට කමක් නෑ!”

    මට වචනයක්වත් කියන්න ඉඩක් ලැබුණෙ නෑ, නෙලුම් මුලකුත්
    නැති අගකුත් නැති හුඟක් කියලා හුස්ම ගත්තා.

    “බැරිම තැන මේ උඹට එන්න කියලා ලියුම දැම්මෙ… මේක ඉවරයක් කරගන්න! ඉක්කි, උඹ මට දුන්නෙ අර මිනිහගෙ සල්ලිද? දන්නවා නම් අපි හිඟාකෑවත් ඒවා ගන්නෙ නෑ. අපිව පාච්චල්
    කරන්ඩ එපා ඒකාට මේකාට. මං කිව්වනෙ මේ බඩු මුට්ටු විකුණලා
    හරි ඔව්වා ගෙවනවා කියලා. අපෙන් සල්ලි ඉල්ලන්ඩ ඌ එවන්ඩ, උඹට ලැජ්ජා නැද්ද? ආයෙ
    ආවොත් ඇත්තමයි අඬු කඩනවා!

    එතකොට උඹට අබ්බගාතයෙක් තමා බඳින්න වෙන්නෙ. කෙළින් කතා කරපං ඉක්කි උඹම…! ආයේ
    තෝල්කයො මොකටද…”

    “නෙලුම්! කියන මඟුලක් තේරෙන්ඩ කියනවද? ඇඟට කඩා පනින්ඩද මට මේ ලහියෙ එන්ඩ කිව්වේ?”

    “රඟපාන්ඩ එපා ඉක්කි! උඹ අර කොල්ලාව එව්වේ සේසිරිව බය කරලා සල්ලි ගන්ඩද? සේසිරිට තර්ජනේ කරලා…? ඌ උඹට ලොකු ඇති! මට නං ඔය සෙප්පඩියා ලොකු නෑ…!

    ——————————————————————————————————————

    අබාසාත්ති – AbaSaththi

    “මට මැරෙන්ඩ ඇරපං මෝඩයා! ඇයි මාව ගොඩගත්තේ? එහෙනං දැන් මගේ බෙල්ල මිරිකපං!”
    “උඹ මැරියං ඔය බඩේ ඉන්න එකා ඉපදුණාට පස්සෙ, මිනී නොමරා!”
    “ඒ හින්දා තමා යකෝ මං මැරෙන්නේ! මට එපා ඒකා! මට එපා…! මට පිළිකුල්… මට මගේ සරුවාංගෙම පිළිකුල්…”
    “නැගිටපං ඔතනින්, ගමේ මිනිස්සු වටවෙන්ඩ කලින්!”

    කෙල්ල නැගිට්ටේ නෑ. පෙරළිලා හිටියා. නිකං නෙමෙයි, පොළොවේ පස් කකා.
    “මට යන්ඩ දිහාක් නෑ. මට යන්ඩ දි…හ…ක් නෑ! උන් මා…ව අල්ලා ගනී. අනේ දෙයියනේ…”

    කාගේ හරි බයිසිකලයක් එපිටහින් ගියා. ගෝපාල් දැක්කේ නෑ. සිරී…….ස් ගාලා සද්දේ ඇහුණා විතරයි.
    ඔය මොකාහරි එකෙක් මේ හෙලුකුටු ගෑනි මෙහෙම ඉන්නවා දැක්කොත් ගෝපාල හිරෙන් මෙහා නවතින්නෑ. එච්චර නම් බැරියෑ… මේකි! මේකිට මොකක් වෙයිද?

    මොකෙන් මොක වෙලා නවතීද?

    “කිරි කිරි බොලේ”

    එළිවෙච්චි වෙලේ ඉඳන් අර ළමයාව පතුරු ගහනවා. ඔය ළමයා ඉතුරු වෙයිද විභාගේ වෙනකල්..? කනත් හිරි වැටෙනවා. අහන් ඉඳලා අප්පිරියයි…

    අපේ ගෙදර අපි ඔහොම කෑගහන්නෑ නේ. මේ ළමයටත් රවනවා ගොරෝනවා…”

    තාත්තා මොකුත් කිව්වේ නෑ.

    “අර කෝටුවක් තියාගෙන මේසෙට ගහනවා… පුටුවට ගහනවා…! එක විකාරයයි. ළමයට ඊයේ හොඳටම ගැහුවා. ලකුණු අඩු වුණොත් නෑයො හිනාවෙයි කියන්නේ…?

    අනේ අපිට මොන රුදාවද ඕවට හිනා වෙන්ඩ… හිනා නෙමෙයි මාලායි මමයි අඬනවා ඕවට…

    අම්මාත් පුදුම ගෑණියෙක් තමා. එහෙම තමයිලු ළමයි හදන්න ඕන. අපේ ළමයාටත් ගහලා බැනලා උගන්නන්නලු… බුරුල වැඩිලු… බෝලී සෙල්ලමේමලු. ඔය ගමේ කොල්ලෝ වනචරයොලු…

    බෝලි! කාලා ඉවරනම් යනවා මෙතනින්…!” අම්මා ඒ ටික කිව්වේ මං ඉන්න බව දැක්කේ මේ දැන් වගේ.

    මං කාලා ඉවර නෑ. ඒ නිසා මං එතනම හිටියා.

    කවුද වනචර කොල්ලෝ…?
    මං යන්නෑ වනචර කොල්ලෝ එක්ක සෙල්ලම් කරන්න…
    මං දන්නෙත් නෑ වනචර කොල්ලෝ…

    ********************************************************

    ඒ උනාට  ලොකු මිනිස්සු ගොඩ දෙනෙක්  තාම කුඩායි.

    චෝක් පෙට්ටියෙන්, බොරු ඇඬිල්ලෙන්, අතොරක් නැති කතාවෙන්, පුටුවටකට මේසෙකට  බඩගෑමෙන්  සිඟිත්තෙක් කියන වැදගත් කතා තේරුම් ගන්න ඒ ගොල්ලොන්ට පෑනෙන් ලියූ මේ කතාව රුකුලක් වේවි!

    මැට්ටි – Matti 

    මැට්ටි’ වැඩිහිටියන් අපේක්ෂා කරන රාමුකල ජයග්‍රහණ නෙලා ගන්නේ නැත. එහෙත් ඇය, ඇයගේම සුවිශේෂී වූ ජයග්‍රහණයන් භුක්ති විඳිමින් මහා වෘක්ෂයක් වෙමින් මහ පොලොව මත වැඩේ. ආර්ථික අගයන් ඉපදවීමේ පමණක් නොව ජීවිතය වින්ඳනය කිරීමේ දක්ෂතාවයද කුසලතාවයකි. දරුවන් තුල ඇති එවන් කුසලතාවයන් මොට නොකොට ඔප දැමීමට වැඩිහිටියන්ට ඇති මහත් වූ වගකීම මෙහි සියුම් ලෙස ස්පර්ශ කරයි.
    වැඩිහිටියන් අපේක්ෂා කරන සාර්තකත්වයේ හා හික්මීමේ මිනුම් දඬු දරුවන් නිහඬ කරවූවද, ඔවුන්ගේ නිර්මල ඇතුලාන්තය තුල වැඩිහිටියන් සියුම් පරික්ෂාවකට ලක්වෙන අන්දම මෙහි ඉතා සරලව දරුවෙකුගේ ඇසින්ම පෙන්වා ඇත.
    කුඩා දැරියක වටා ගෙතුනු හාස්‍යරසයෙන් අනූන කතාවක් වුවද මේ පොත ළමා කතාවක් නොව, දරුවන්ගේ පෞරුෂය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරවිය හැකි වැඩිහිටි දුබලකම් හා අඩුපාඩු දෙස ඇස් ඇරවීමකි.

    නිකිලා – NIKILA

    ” පොත් මේසේ අස්කරලා මිසක් දුවන්නෑ සෙල්ලමට….”. ආච්චි එහෙම කියලා දොරත් වැහුවා.

    ” අනේ  ආච්චි අද අපි කසාද බඳින්න යන්නේ …..  මං කසාද  බැඳලා  එන්නං ?   ඉක්මනට එන්නම් !   ඈ…..  ??”

    ඒ උනාට ආච්චි මට යන්න දුන්නේ පොත් මේසේ අස් කරලා ඉවර උනාම.

    යනකොට මඟුල පටන් අරං !!

    ———————————-

    මං  හොඳටම දැක්කා හේලිගේ මේසේ උඩ  රෝද හයි කරපු   වතුර බෝතලයක් තිබුනා.

    ” වතුර බෝතල්වලට මොකටද බිනාල් රෝද….??.    වතුර බෝතල් ඇවිදින්න යනවයෑ…..  මං තාත්තට කියනවා අපේ ගේ පළාතෙවත්  රෝද අල්ලපු වතුර බෝතල් ගේන්න එපා කියලා…..”

    එතකොට ටීච ආවා.   ටීච හොඳට දැක්කා  හේලී තනියම ඉන්න හැටි.  රෝද බෝතලෙත් දැක්කා.

    රෝද අල්ලපු බෝතල් ඉස්කෝලෙට ගේන්න තහනම් කිව්වොත් කොච්චර හොඳද….?

    ———————————-

    ඊට පස්සේ ආච්චි ලතෝනි දෙන්න ගත්තා.

    “ දෙයියෝ සාක්කි….  මේ හැටි පූසෝ  මොනවට උස්සන් ආවද….. ?   ගිනිහින් දාන්ඩ!  ගිනිහින් දාන්ඩ….!”

    එතකොට ඇත්තටම මං විතරයි පූස් පෙට්ටිය ඇරියේ. ඒකත් බාගෙට…

    තව මෆින්ගේ පූස්  පෙට්ටිය !  මොනිටර් බාලදක්ෂයාගේ පූස් පෙට්ටිය !

    මේ ඔක්කොම  දැක්කෝත්  ආච්චි කලන්තෙ දායිනේ.   පුදුම ආච්චියෙක්…!

    Original price was: රු5,980.00.Current price is: රු4,780.00.
    Add to cart
  • -20% BOOKRACK DECEMBER BOOK PACK 2025

    BOOKRACK DECEMBER BOOK PACK 2025

    ISBN – BOOKRACK DECEMBER BOOK PACK 2025

    හෙටත් නුඹ පිපෙනවාද ප්‍ර්‍රේමි
    කැළෑ මලක්මැයි
    සමයං පුංචා
    බෝධිසත්ත රූපේ
    කාබුල් දස්තාන්

    Original price was: රු3,750.00.Current price is: රු3,000.00.
    Add to cart
  • -20% Bookrack නවකතා කට්ටල 01 - BookRack Nawakatha Kattala 01

    Bookrack නවකතා කට්ටල 01 – BookRack Nawakatha Kattala 01

    Bookrack නවකතා කට්ටල 01 – BookRack Nawakatha Kattala 01

    අප්‍රතිහත

    අහස් සයුර මැද

    සදැස් වී

    ක්‍රෂ්

    සංසාර ආවර්ජනා

    Original price was: රු5,160.00.Current price is: රු4,120.00.
    Add to cart
  • -13% ඩැන්ඩේලියන් වයින් + වොරන්ට් ඔෆ් ලව් + ජස්ට් ලව් දැට්ස් ඕල්

    ඩැන්ඩේලියන් වයින් + වොරන්ට් ඔෆ් ලව් + ජස්ට් ලව් දැට්ස් ඕල්

    BOOKRACK POEM SET

    ඩැන්ඩේලියන් වයින් + වොරන්ට් ඔෆ් ලව් + ජස්ට් ලව් දැට්ස් ඕල්

    Original price was: රු1,790.00.Current price is: රු1,550.00.
    Add to cart
  • ෆියුරර් - Fuhrer - LIMITED EDITION - PRE ORDER

    ෆියුරර් – Fuhrer – LIMITED EDITION – PRE ORDER

    ISBN – 978 624 6743 04 8

    විශේෂ ඝන කවර මුද්‍රණය… (Limited Edition – Hardcover) සඳහා පෙර ඇනවුම් ගැනීම මෙතැන් සිට…
    Limited Edition පිටපත් දෙසීයක් පමණි. – (Delivery Free)
    ඝන කවර මුද්‍රණය සඳහා කුරියර් ගාස්තු අය නොකෙරේ.

    —————————————————————-

    කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දී ජර්මානු තරුණියක් පැහැරගෙන යෑමේ සිදුවීමක් පිළිබඳ පරීක්ෂණ පවත්වන ආරක්ෂක අංශ එයට සැකපිට ශ්‍රී ලංකා බුද්ධි අංශයට අනුබද්ධ ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා වන කර්නල් රංග ජයවර්ධන අත්අඩංගුවට ගනු ලබයි. කර්නල්වරයාගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහුව රහසිගත ස්ථානයක රඳවා තබන්නේ ඔහුට එරෙහිව ඇති සාක්ෂි ඉතා ප්‍රබල වූ බැවිනි.

    ජර්මානු බුද්ධි අංශ නිලධාරිනියක් බව පසුව අනාවරණය වන එම තරුණියගේ අතුරුදන් වීමත් සමඟින් ඇරඹෙන පැටළිලි සහගත සිදුවීම් දාමය පරීක්ෂණ නිලධාරීන් කිසිසේත්ම අපේක්ෂා නොකළ ඉසව්වකට ඇදී යයි. තත්වය වඩාත් සංකීර්ණ අවස්ථාවකට පත්වන්නේ කර්නල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන එන අතරතුර නාඳුනන පිරිසක් විසින් පැහැර ගැනීමත් සමඟිනි.

    සිය තරුණ දිවිය දේශයේ ස්වෛරීභාවය වෙනුවෙන් කැපකරමින් සතුරන් හා යුධ වැදෙමින් තනිකඩ දිවියක් ගත කළ කර්නල් රංගගේ සිත සොරා ගැනීමට සමත් වූ ලතින් අමෙරිකානු රූමතිය කවරෙක්ද?

    අලුත් අවුරුදු උදාවේ චන්ද්‍රිකා වැව් ඉස්මත්තේදී විදේශිකයන් පිරිසක් විසින් ඝාතනය කරන ලද නාඳුනන තරුණිය ඇයමද?

    කර්නල් රංග අතුරුදන් වීමෙන් පසුව TAIB ඒජන්ත මොහොමඩ් රිස්වාන්ව හමුවීමට පැමිණි හිජාබයක් පැළඳ සිටි තුර්කි ජාතික රූමතිය කවරෙක්ද? කර්නල්වරයා පැහැරගැනීම සහ ඇය අතර ඇති සම්බන්ධතාවය කුමක්ද?

    ජර්මානු තරුණිය අතුරුදන්වීමේ සිදුවීම පසුපස හඹා යන බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම මෙවරද හෙළිදරව් කරගන්නේ අති බිහිසුණු රහසකි.

    ලෝක ඉතිහාසයට කිසිදා නොමැකෙන අඳුරු පැල්ලමක් එකතු කළ වියරු ඒකාධිපතියෙකුගේ මූලයන් හා බැඳුණු බිහිසුණු කුමන්ත්‍රණයක් පැරදවීමට තම ජීවිතය පරදුවට තබමින් ලොව වටා සැරිසරන බුද්ධි නිලධාරීන්ගේ වෑයම සාර්ථක වේද?

    මානව ආචාරධර්ම සියල්ල පසෙකලා තම බිහිසුණු පර්යේෂණ සඳහා අසරණ මිනිසුන් යොදාගත් මරණයේ දේවදූතයාගේ මිලේච්ජ පර්යේෂණය සාර්ථක වේද?

    අසහාරා කෘතියෙන් ඔබ හඳුනාගත් විශේෂ බුද්ධි අංශ නිලධාරී කර්නල් රංග ජයවර්ධනගේ දෙවැනි වික්‍රමාන්විත මෙහෙයුම…

    2025 ජුලි මස 27 වෙනිදාගෙන් පසු නිකුත් වේ

    රු2,600.00
    Read more