Free Delivery
-
-20%
BOOKRACK DECEMBER BOOK PACK 2025
ISBN – BOOKRACK DECEMBER BOOK PACK 2025
හෙටත් නුඹ පිපෙනවාද ප්‍ර්‍රේමි
කැළෑ මලක්මැයි
සමයං පුංචා
බෝධිසත්ත රූපේ
කාබුල් දස්තාන්රු3,750.00Original price was: රු3,750.00.රු3,000.00Current price is: රු3,000.00. -
-20%
මොහාන් රාජ් මඩවල පොත් කට්ටලය – Mohan Raj Madawala Book Pack
ISBN – Mohan Raj Madawala Book Pack
ටොක්සික්
මන්දෝදරි
නිල් කට්රොල්
අයි . ඩී – I.D
කලම්බෝ
රැජිණ
ලොවිනා
මාගම් සෝලිය
ආදරණිය වික්ටෝරියාTOTAL = 14800
රු14,800.00Original price was: රු14,800.00.රු11,840.00Current price is: රු11,840.00. -
-20%
Bookrack නවකතා කට්ටල 01 – BookRack Nawakatha Kattala 01
Bookrack නවකතා කට්ටල 01 – BookRack Nawakatha Kattala 01
අප්‍රතිහත
අහස් සයුර මැද
සදැස් වී
ක්‍රෂ්
සංසාර ආවර්ජනා
රු5,160.00Original price was: රු5,160.00.රු4,120.00Current price is: රු4,120.00. -
-13%
ඩැන්ඩේලියන් වයින් + වොරන්ට් ඔෆ් ලව් + ජස්ට් ලව් දැට්ස් ඕල්
BOOKRACK POEM SET
ඩැන්ඩේලියන් වයින් + වොරන්ට් ඔෆ් ලව් + ජස්ට් ලව් දැට්ස් ඕල්
රු1,790.00Original price was: රු1,790.00.රු1,550.00Current price is: රු1,550.00. -
ෆියුරර් – Fuhrer – LIMITED EDITION – PRE ORDER
රු2,600.00ISBN – 978 624 6743 04 8
විශේෂ ඝන කවර මුද්‍රණය… (Limited Edition – Hardcover) සඳහා පෙර ඇනවුම් ගැනීම මෙතැන් සිට…
Limited Edition පිටපත් දෙසීයක් පමණි. – (Delivery Free)
ඝන කවර මුද්‍රණය සඳහා කුරියර් ගාස්තු අය නොකෙරේ.—————————————————————-
කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දී ජර්මානු තරුණියක් පැහැරගෙන යෑමේ සිදුවීමක් පිළිබඳ පරීක්ෂණ පවත්වන ආරක්ෂක අංශ එයට සැකපිට ශ්‍රී ලංකා බුද්ධි අංශයට අනුබද්ධ ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා වන කර්නල් රංග ජයවර්ධන අත්අඩංගුවට ගනු ලබයි. කර්නල්වරයාගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහුව රහසිගත ස්ථානයක රඳවා තබන්නේ ඔහුට එරෙහිව ඇති සාක්ෂි ඉතා ප්‍රබල වූ බැවිනි.
ජර්මානු බුද්ධි අංශ නිලධාරිනියක් බව පසුව අනාවරණය වන එම තරුණියගේ අතුරුදන් වීමත් සමඟින් ඇරඹෙන පැටළිලි සහගත සිදුවීම් දාමය පරීක්ෂණ නිලධාරීන් කිසිසේත්ම අපේක්ෂා නොකළ ඉසව්වකට ඇදී යයි. තත්වය වඩාත් සංකීර්ණ අවස්ථාවකට පත්වන්නේ කර්නල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන එන අතරතුර නාඳුනන පිරිසක් විසින් පැහැර ගැනීමත් සමඟිනි.
සිය තරුණ දිවිය දේශයේ ස්වෛරීභාවය වෙනුවෙන් කැපකරමින් සතුරන් හා යුධ වැදෙමින් තනිකඩ දිවියක් ගත කළ කර්නල් රංගගේ සිත සොරා ගැනීමට සමත් වූ ලතින් අමෙරිකානු රූමතිය කවරෙක්ද?
අලුත් අවුරුදු උදාවේ චන්ද්‍රිකා වැව් ඉස්මත්තේදී විදේශිකයන් පිරිසක් විසින් ඝාතනය කරන ලද නාඳුනන තරුණිය ඇයමද?
කර්නල් රංග අතුරුදන් වීමෙන් පසුව TAIB ඒජන්ත මොහොමඩ් රිස්වාන්ව හමුවීමට පැමිණි හිජාබයක් පැළඳ සිටි තුර්කි ජාතික රූමතිය කවරෙක්ද? කර්නල්වරයා පැහැරගැනීම සහ ඇය අතර ඇති සම්බන්ධතාවය කුමක්ද?
ජර්මානු තරුණිය අතුරුදන්වීමේ සිදුවීම පසුපස හඹා යන බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම මෙවරද හෙළිදරව් කරගන්නේ අති බිහිසුණු රහසකි.
ලෝක ඉතිහාසයට කිසිදා නොමැකෙන අඳුරු පැල්ලමක් එකතු කළ වියරු ඒකාධිපතියෙකුගේ මූලයන් හා බැඳුණු බිහිසුණු කුමන්ත්‍රණයක් පැරදවීමට තම ජීවිතය පරදුවට තබමින් ලොව වටා සැරිසරන බුද්ධි නිලධාරීන්ගේ වෑයම සාර්ථක වේද?
මානව ආචාරධර්ම සියල්ල පසෙකලා තම බිහිසුණු පර්යේෂණ සඳහා අසරණ මිනිසුන් යොදාගත් මරණයේ දේවදූතයාගේ මිලේච්ජ පර්යේෂණය සාර්ථක වේද?
අසහාරා කෘතියෙන් ඔබ හඳුනාගත් විශේෂ බුද්ධි අංශ නිලධාරී කර්නල් රංග ජයවර්ධනගේ දෙවැනි වික්‍රමාන්විත මෙහෙයුම…
2025 ජුලි මස 27 වෙනිදාගෙන් පසු නිකුත් වේ
-
-19%
අබාසාත්ති – කිරි කිරි බොලේ – නැනී – මැට්ටි – නිකිලා පොත් කට්ටලය
අබාසාත්ති – කිරි කිරි බොලේ – නැනී – මැට්ටි – නිකිලා පොත් කට්ටලය
2021 වසරේ හොඳම ස්වතන්ත්‍ර යොවුන් සාහිත්‍ය කෘතියට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ “මැට්ටි” කෘතිය රචනා කළ සම්මානනීය ලේඛිකා මනෝහරි ජයලත් මහත්මියගේ කෘති කට්ටලය
අබාසාත්ති – AbaSaththi
“මට මැරෙන්ඩ ඇරපං මෝඩයා! ඇයි මාව ගොඩගත්තේ? එහෙනං දැන් මගේ බෙල්ල මිරිකපං!”
“උඹ මැරියං ඔය බඩේ ඉන්න එකා ඉපදුණාට පස්සෙ, මිනී නොමරා!”
“ඒ හින්දා තමා යකෝ මං මැරෙන්නේ! මට එපා ඒකා! මට එපා…! මට පිළිකුල්… මට මගේ සරුවාංගෙම පිළිකුල්…”
“නැගිටපං ඔතනින්, ගමේ මිනිස්සු වටවෙන්ඩ කලින්!”කෙල්ල නැගිට්ටේ නෑ. පෙරළිලා හිටියා. නිකං නෙමෙයි, පොළොවේ පස් කකා.
“මට යන්ඩ දිහාක් නෑ. මට යන්ඩ දි…හ…ක් නෑ! උන් මා…ව අල්ලා ගනී. අනේ දෙයියනේ…”කාගේ හරි බයිසිකලයක් එපිටහින් ගියා. ගෝපාල් දැක්කේ නෑ. සිරී…….ස් ගාලා සද්දේ ඇහුණා විතරයි.
ඔය මොකාහරි එකෙක් මේ හෙලුකුටු ගෑනි මෙහෙම ඉන්නවා දැක්කොත් ගෝපාල හිරෙන් මෙහා නවතින්නෑ. එච්චර නම් බැරියෑ… මේකි! මේකිට මොකක් වෙයිද?මොකෙන් මොක වෙලා නවතීද?
“කිරි කිරි බොලේ”
එළිවෙච්චි වෙලේ ඉඳන් අර ළමයාව පතුරු ගහනවා. ඔය ළමයා ඉතුරු වෙයිද විභාගේ වෙනකල්..? කනත් හිරි වැටෙනවා. අහන් ඉඳලා අප්පිරියයි…
අපේ ගෙදර අපි ඔහොම කෑගහන්නෑ නේ. මේ ළමයටත් රවනවා ගොරෝනවා…”
තාත්තා මොකුත් කිව්වේ නෑ.
“අර කෝටුවක් තියාගෙන මේසෙට ගහනවා… පුටුවට ගහනවා…! එක විකාරයයි. ළමයට ඊයේ හොඳටම ගැහුවා. ලකුණු අඩු වුණොත් නෑයො හිනාවෙයි කියන්නේ…?
අනේ අපිට මොන රුදාවද ඕවට හිනා වෙන්ඩ… හිනා නෙමෙයි මාලායි මමයි අඬනවා ඕවට…
අම්මාත් පුදුම ගෑණියෙක් තමා. එහෙම තමයිලු ළමයි හදන්න ඕන. අපේ ළමයාටත් ගහලා බැනලා උගන්නන්නලු… බුරුල වැඩිලු… බෝලී සෙල්ලමේමලු. ඔය ගමේ කොල්ලෝ වනචරයොලු…
බෝලි! කාලා ඉවරනම් යනවා මෙතනින්…!” අම්මා ඒ ටික කිව්වේ මං ඉන්න බව දැක්කේ මේ දැන් වගේ.
මං කාලා ඉවර නෑ. ඒ නිසා මං එතනම හිටියා.
කවුද වනචර කොල්ලෝ…?
මං යන්නෑ වනචර කොල්ලෝ එක්ක සෙල්ලම් කරන්න…
මං දන්නෙත් නෑ වනචර කොල්ලෝ…
“නැනී”
“තාත්තා… ඔයා ගොඩක් ගොඩක් ගොඩක් හයියයි.
ගොඩාආආආ…ක් ශක්තියයි.
ගොඩාආආආ…රියක් උසයි.
ඔයා කොහොමද මෙච්චරක් කල් ටෙලිපෝන් එක අස්සෙ හිටියෙ? ආයේ කොහොමටවත් ඒක අස්සට යන්නෑනේ…?
මට පෑනෙන් ලියන්නත් පුළුවන්. මේ… මම දැන් ලොකුයි…”
********************************************************
ඒ උනාට ලොකු මිනිස්සු ගොඩ දෙනෙක් තාම කුඩායි.
චෝක් පෙට්ටියෙන්, බොරු ඇඬිල්ලෙන්, අතොරක් නැති කතාවෙන්, පුටුවටකට මේසෙකට බඩගෑමෙන් සිඟිත්තෙක් කියන වැදගත් කතා තේරුම් ගන්න ඒ ගොල්ලොන්ට පෑනෙන් ලියූ මේ කතාව රුකුලක් වේවි!
මැට්ටි – Matti
මැට්ටි’ වැඩිහිටියන් අපේක්ෂා කරන රාමුකල ජයග්‍රහණ නෙලා ගන්නේ නැත. එහෙත් ඇය, ඇයගේම සුවිශේෂී වූ ජයග්‍රහණයන් භුක්ති විඳිමින් මහා වෘක්ෂයක් වෙමින් මහ පොලොව මත වැඩේ. ආර්ථික අගයන් ඉපදවීමේ පමණක් නොව ජීවිතය වින්ඳනය කිරීමේ දක්ෂතාවයද කුසලතාවයකි. දරුවන් තුල ඇති එවන් කුසලතාවයන් මොට නොකොට ඔප දැමීමට වැඩිහිටියන්ට ඇති මහත් වූ වගකීම මෙහි සියුම් ලෙස ස්පර්ශ කරයි.
වැඩිහිටියන් අපේක්ෂා කරන සාර්තකත්වයේ හා හික්මීමේ මිනුම් දඬු දරුවන් නිහඬ කරවූවද, ඔවුන්ගේ නිර්මල ඇතුලාන්තය තුල වැඩිහිටියන් සියුම් පරික්ෂාවකට ලක්වෙන අන්දම මෙහි ඉතා සරලව දරුවෙකුගේ ඇසින්ම පෙන්වා ඇත.
කුඩා දැරියක වටා ගෙතුනු හාස්‍යරසයෙන් අනූන කතාවක් වුවද මේ පොත ළමා කතාවක් නොව, දරුවන්ගේ පෞරුෂය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරවිය හැකි වැඩිහිටි දුබලකම් හා අඩුපාඩු දෙස ඇස් ඇරවීමකි.නිකිලා – NIKILA
” පොත් මේසේ අස්කරලා මිසක් දුවන්නෑ සෙල්ලමට….”. ආච්චි එහෙම කියලා දොරත් වැහුවා.
” අනේ ආච්චි අද අපි කසාද බඳින්න යන්නේ ….. මං කසාද බැඳලා එන්නං ? ඉක්මනට එන්නම් ! ඈ….. ??”
ඒ උනාට ආච්චි මට යන්න දුන්නේ පොත් මේසේ අස් කරලා ඉවර උනාම.
යනකොට මඟුල පටන් අරං !!
************
මං හොඳටම දැක්කා හේලිගේ මේසේ උඩ රෝද හයි කරපු වතුර බෝතලයක් තිබුනා.
” වතුර බෝතල්වලට මොකටද බිනාල් රෝද….??. වතුර බෝතල් ඇවිදින්න යනවයෑ….. මං තාත්තට කියනවා අපේ ගේ පළාතෙවත් රෝද අල්ලපු වතුර බෝතල් ගේන්න එපා කියලා…..”
එතකොට ටීච ආවා. ටීච හොඳට දැක්කා හේලී තනියම ඉන්න හැටි. රෝද බෝතලෙත් දැක්කා.
රෝද අල්ලපු බෝතල් ඉස්කෝලෙට ගේන්න තහනම් කිව්වොත් කොච්චර හොඳද….?
***************
ඊට පස්සේ ආච්චි ලතෝනි දෙන්න ගත්තා.
“ දෙයියෝ සාක්කි…. මේ හැටි පූසෝ මොනවට උස්සන් ආවද….. ? ගිනිහින් දාන්ඩ! ගිනිහින් දාන්ඩ….!”
එතකොට ඇත්තටම මං විතරයි පූස් පෙට්ටිය ඇරියේ. ඒකත් බාගෙට…
තව මෆින්ගේ පූස් පෙට්ටිය ! මොනිටර් බාලදක්ෂයාගේ පූස් පෙට්ටිය !
මේ ඔක්කොම දැක්කෝත් ආච්චි කලන්තෙ දායිනේ. පුදුම ආච්චියෙක්…!
රු5,390.00Original price was: රු5,390.00.රු4,350.00Current price is: රු4,350.00. -
-20%
ක්ලිෆ්ටන් වන්ශාවලිය – The Clifton Chronicles 1-7 FULL SET
THE CLIFTON CHRONICLS කෘති මාලාව – FULL SET
ONLY TIME WILL TELL – කාලය ඉඳුරා පවසාවි.
පළමුවෙන් දුටු නිමේෂයේම එමා බැරින්ටන් හැරි ක්ලිෆ්ටන් හට පෙම් බැන්දාය.. ඔවුහු වේදිකාවේදි මෙන්ම බාහිරයේදි ද ශේක්ෂ්පියර් ගේ රොමියෝ සහ ජුලියට් මෙන්ම එකිනෙකාට බෙහෙවින් පෙම් කළ අය වුහ.
“ශුද්ධ වු සභාව ඉදිරිපිටදි දෙදෙන නිත්‍යානුකූලව එක් වියයුතු නැතැයි කිසිවකු සිතත් නම් දැන් එම විරුද්ධත්වය ප්‍රකාශ කරන්නැයි අල්‍තාරය ඉදිරිපිට සිට දේවගැතිවරයා ඉල්ලා සිටියේය.
“මම විරුද්ධයි” එම දුෂ්ඨ වචන දෙක තෙපලු කපිතාන් ටරන්ට් වෙත සැමගේ නෙත් හැරවිණි.”
The Sins of the Father -පියාගේ පාපයෝ
ලෝකයෙන් වසං වනු පිණිස ටොම් බ්‍රැඩ්ෂෝ යන නමින් අමෙරිකාව ට පා තබන හැරී ක්ලිෆ්ටන් අත් අඩංගුවට පත්ව වරද කරුවකු ලෙස යැවෙන්නේ ලවෙන්හම් බන්ධනාගාරය වෙතය.
තම පුතු ගේ පියා සොයා අමෙරිකාවට එමා පා තබන්නේ දෙවැනි ලෝක සංග්‍රාමය ඇවිළෙමින් තිබියදී ය.
හැරී ගේ අත්දැකීම් සහිතව නිකුත් වන ‘ සිරකරුවකුගේ දිනපොත’
හි කතුවරයා මැක්ස් ලොයිඩ් වන්නේ කෙසේද ? අමෙරිකාවේ ප්‍රකට නීතිඥ ජෙල්ක්ස් සමග ගැටෙන්නට තරම් එමා ශක්තිමත් ද?
විශේෂ වැඩ පිළිවෙළක් යටතේ යුද බිමට යැවෙන හැරී ගේ ඉරණම කුමක්ද ?
පියකු නැති දරුවකු සමග එමා මෙලොව තනි වේවිද ?Best Kept Secret – සුරැකි රහස
“කාලය ඉඳුරා පැවසූ“ හැරී ක්ලිෆ්ටන් හා එමා බැරින්ටන් ගේ ප්‍රේමය ගැටුණේ ‘ පියාගේ පාපයෝ‘ සමගිනි.
එමා, ජයිල්ස් සහ හැරී යන තරුණ ජීවිත තුනේ අනාගතය පිළිබඳ තීන්දුව චාන්සලර් සාමිවරයා අත රැඳිණි. ඔහු දුන් තීන්දුව තවත් ගැටලු රැසක ආරම්භය වීද?
එමා – හැරී යුවළගේ පුතු ක්‍රේම්බ්‍රිජ් සරසවියට යනු වෙනුවට ආර්ජන්ටිනාවට ගියේ කුමකටද? බ්‍රිතාන්‍යයේ සුවිශේෂී එස් ඒ එස් හමුදාව සමඟ හැරී එක්වූයේ කෙබඳු මෙහෙයුමකටද?පැරැණි හා අලුත් සතුරන් ක්ලිෆ්ටන් හා බැරින්ටන් පවුල් අතු ගා දමන්නට සැරසෙද්දී එක් සතුරකුගේ අදහස වූයේ මෙයයි.
” අධිරාජ්‍යය දණගැස්වියයුතු නම් මුලින්ම කිරුළ හිමි කුමරු නසන්න”
එමා – හැරී පුත් සෙබස්තියන් පැදවූ මෝටර් රිය ට්‍රක් රථ තුනකින් වට කෙරෙද්දී ඔහු ක්ෂණිකව තීරණයක් ගත යුතු වූයේය . එය ක්ලිෆ්ටන් වංශාවලියේ අනාගතය සඳහා මරණය පෙනිපෙනී ගත යුතු තීරණයක් වූයේය.
BE CAREFUL WHAT YOU WISH FOR – කදුළු සිත්තම
සෙබස්තියන් හට අවසානයටම ඇසුණේ බෲනෝ ගේ විලාපයයි.
“සෙබ් ගේ මළසිරුර හඳුනාගන්නට ඒ අයට කෙනකු අවශ්‍ය ලු” එමා ඉකිබිඳිමින් හැරීට පවසන විට ඔහු සිටියේ අමෙරිකාවේ ය.
“තමන්ගේ ආදරණීයයන් ඔවුන්ගේ වයස අවුරුදු හැත්තෑ අසූ ගණන්වලදී මියගිය විට අප එක්ව ඔවුන් වෙනුවෙන් ශෝක වෙනවා.” බිෂොප්වරයා අවමංගල සභාව අමතමින් පැවසුවේය. “නමුත් දක්ෂතා සපිරි නව යෞවනියක මියගිය විට අප වඩවඩාත් කඳුළු සලන්නේ සිදුවූ විපත කුමක්දැයි අදහාගත නොහැකිව”MIGHTIER THAN THE SWORD – සුසුම් මාරුතේ
සිය මංගල මුහුදු ගමනේ යෙදෙමින් සිටි බකිංහැම් නෞකාව එම පිපිරුම ද සමග දෙදරුම් කෑවේය .
සෝවියට් දේශයේ හිටපු නායක ස්ටාලින් ගැන පොතක් ලිවීමේ වරදට බන්ධනාගාර ගතව සිටි ලේඛකයා නිදහස් කරගනු පිණිස අරගල කළ.හැරී, අවසානයේ රුසියාවේ සිරකුටියක් ඇතුළත සිට ශීතලෙන් බැට කෑවේය.
බර්ලිනය දෙකඩ කළ පවුර පසුකොට නැගෙනහිර බර්ලිනය ට ගිය ජයිල්ස් පැණි උගුලක පැටලෙද්දී…
සෙබස්තියන් හට දාව තමන් උපත ලබා දුන් දියණිය ට සමන්තා , ජෙසිකා යන නම තැබුවේ බොහෝ ජීවිත සුසුම් මාරුතයක මැදි කරවමිනි
Cometh the Hour – නිවැරදි හෝරාවඅනතෝලි බාබකොෆ් වෙත සාහිත්‍යය සඳහා වූ නොබෙල් සම්මානය හිමිවෙද්දී ඔහු සහ හැරී එක්ව බලගතුම අවිය පෑන බව ලොවටම සනාථ කළද, බාබකොෆ් ගේ ඉරණම සෝවියට් දේශයේදී විසඳෙන්නේ කෙසේද ?
නැගෙනහිර ජර්මනියේ ‘ ස්ටාසි ‘ ඔත්තුකාරියකව ජයිල්ස් ගේ ජීවිතය ට ඇතුළු වූ කාරින් පෙන්ගෙලි ගේ ජීවිතය උණ්ඩයකින් කෙළවර වනු ඇත්ද?
සෙබස්තියන් හා සමන්තා අතරට පැමිණි ජෙසිකා ඔවුන්ගේ හා තමන්ගේ ඉරණම් ගමන් තීන්දු කරන්නිය බවට පත්වූ විට….
සියල්ල නිවැරදි හෝරාවේ දී නිසි පරිදි සිදුවනු ඇත.This Was a Man – නියම මිනිසා
මරණයට දින නවයකට පෙර ඔහු ඝාතකයෙක් වීද?
කෙසේ වෙතත් හැරීගේ පැරණිතම හා සමීපතම මිතුරා මෙසේ පැවසීය
“…..මේ අප අතර උදාරතමයාය. ඔහු අවංකවම සිතුවේ සියලු දෙනාගේ යහපතයි. නියම මහත්මයකු වු ඔහු තුළ සෑම උදාර ගුණයක්ම කැටිවී තිබුණා.. සොබාදහම පවා මුළු ලොවටම හඩගා පවසාවි මෙන්න “නියම මිනිසා” කියා
රු15,800.00Original price was: රු15,800.00.රු12,600.00Current price is: රු12,600.00. -
-10%
The Caroline Years Pack
කැරොලොයින් ක්විනර් යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ මවයි. THE CAROLINE YEARS ලෙසින් දිග හැරෙන්නේ ලොරාගේ මව විවාහ විමට පෙර කැරොලොයින්ගේ ළමා හා තරුණ කාලය ගෙවි ගිය අන්දමයි
රු6,150.00Original price was: රු6,150.00.රු5,530.00Current price is: රු5,530.00. -
-20%
ඔත්තු බව්වා පොත් කට්ටලය – Oththu Bawwa Pack
රු2,800.00Original price was: රු2,800.00.රු2,250.00Current price is: රු2,250.00. -
-20%
රියානාගේ ලෝකය + පෝල්ගේ ලෝකය + මකර රජදහන – SPELLBINDER PACK
රු4,650.00Original price was: රු4,650.00.රු3,725.00Current price is: රු3,725.00. -
-20%
දිනපොතේ ඝාතකයා + එකට එක + ද ලයිෆ් සෙන්ටෙන්ස් Pack
රු6,150.00Original price was: රු6,150.00.රු4,900.00Current price is: රු4,900.00. -
-18%
නයිට් ඒජන්ට් + බොරුකාරි ද මං? වාසි පැක් – Night Agent + Borukarida Man Wasi Pack
ISBN – Night Agent + Borukarida Man Wasi Pack
නයිට් ඒජන්ට් – Night Agent
ඇමරිකානු භුමියේ සිටිනා රුසියානු ඔත්තුකරුවන් සොයා යන රහස් නියෝජිතයන් අනතුරක ද?..
රහස් නියෝජිතයන්ගේ හදිසි කරදර පිළිබඳ ඇමතුම් ලැබෙන තුරු නිදිවර්ජිතව බලා සිටින ඔහු…
තමාගේ මාමාටත් නැන්දාත් මරණය කරා ගෙන ගිය භයානක ඝාතකයන් සොයා යන ඇය…
සියළු රහස් සටහන් කර ඇති ඒ රතු ලෙජරය සොයා යන අතරතුර මහා විනාශයක් මෙහෙයවන ඔහු..
මේ සියළු දේ මෙහෙයවන උපන් භුමියේ මහ මොළකරු ඇය ද?
සියල්ලට ඉහලින් සිටිනා ඔහු මේ පිළිබඳ දැනුවත් ද?
ඇමරිකානු භුමියේ සැගවි සිටිනා රුසියානු රහස් ඔත්තුකරුවන්ගේ හා තම දේශයට ද්‍රෝහී වු
දේශද්‍රෝහින්ගේ ඇස්වලින් ගැලවී ඔහුටත් ඇයටත් මේ භයානක කුමන්ත්‍රණය ලොවට හෙළි කිරීමට හැකි වේද?——————————————————————————————————
Original price was: රුCurrent price is:
බොරුකාරි ද මං? – Borukari Da man – The Lies I Tell
විවිධ නම් වලින්, රැකියා වලින් එක් එක් නගරවල පෙනි සිටියද මා එකම පුද්ගලයෙකි..
නමුත් ඔබව පහසුවෙන් බොරු මගින් රැවටීම පිළිබඳව ඔබට මා හට දොස් පැවරිය නොහැක.
මන්ද මා සියල්ල සිදු කර ඇත්තේ නිතීයට අනූකුලවමය..මාගේ අවසන් කාර්‍ය්ය සදහා
මා පෙනි සිටිනුයේ මාගේ සැබෑ නමිනි
මන්ද මෙය සාර්ථක වුවහොත්.
මම කවුද යන්න
මෙන්ම
මේ සඳහා මා පෙළඹවු
ඔබ සිදුකලේ කුමක්ද යන්න
ඔබේ මතකයේ රැදිය යුතුය..ඔහුගේ අවසානය ද?
මට මගේ අරමුණ කරා යාමට හැකි වේද?
රු3,350.00Original price was: රු3,350.00.රු2,750.00Current price is: රු2,750.00.
