ලින්ක්ස්ගේ සෙවණැල්ල – Lynx ge Sewanella

ISBN – 9786245519200

මෙම කතාව ගෙතෙන්නේ නෝරා සහ මින්ටා නැමැති තරුණියන් දෙපළක් වටාය. බොහෝ වෙනස් පවුල් පසුබිම් සහ ජීවිත ගත කරන නෝරා සහ මින්ටා යන දෙදෙනා එකිනෙකාට සම්බන්ධ වන්නේ ලින්ක්ස් නැමැති එක්තරා මිනිසකුගේ අධිෂ්ඨානයක් නිසාය. ඔහුට අවශ්‍ය දේ ලබාගැනීමට ඔහු ගමන් කිරීමට තෝරාගන්නා මාර්ගයේදී ඔහු ගන්නා පියවර හේතුවෙන් මෙම තරුණියන් දෙදෙනා හමුවීමත්, ඔවුන්ගේ ජීවිත එකිනෙකට බැඳීමත් සිදු වෙයි.
දුප්පත් පවුලක සහ සිහින මවන තාත්තා කෙනෙකුගේ දියණියක් වන නෝරාට කුඩා කල පටන්ම දුෂ්කරතා අරුමයක් නොවේ. ඇගේ තාත්තා ඔහුගේ සිහිනයක් පිටුපස හඹා යෑමේ ප‍්‍රතිඵලයක් ලෙසින් නෝරාගේ ජීවිතයට ලින්ක්ස් පිවිසෙයි. එතැන් පටන් ඇයට කිසිම දිනෙක අත්විඳින්න නොලැබූ අත්දැකීම් අත්විඳීමටත්, කිසිම දිනෙක නොගත් ආකාරයේ තීරණ ගැනීමටත් සිදු වෙයි.
උසස් පැළැන්තියේ පවුලක එකම දරුවා වන මින්ටා සුන්දර, සංවේදී තරුණියකි. සියලූ සැප පහසුකම් සහිත ජීවිතයක් ගත කළත් ඇගේ පවුලේ වාතාවරණය සම්පූර්ණයෙන් යහපත් එකක් නොවේ. ඒ වෙන විටත් ඇගේ දෙමාපියන් ඇගේ අනාගතය කෙසේ විය යුතුදැයි තීරණය කර අවසන්ය. එනමුත් ඇය එම තීරණය ගැන සම්පූර්ණයෙන්ම සතුටුු නැත. එක්තරා දිනක මුහුණදීමට සිදුවෙන සිදුවීමක් හේතුවෙන් ඇගේ ජීවිතය අනපේක්ෂිතව වෙනස් වෙයි.
නෝරාගේ සහ මින්ටාගේ ජීවිත මෙන්ම ඔවුන් වටා සිටිනා අයගේ ජීවිතද ලින්ක්ස් ගන්නා තීරණ මත, ඔහුගේ අදිටන මත වෙනස් වෙයි. එක් පුද්ගලයකුට එවැනි වෙනසක් ඇති කළ හැකිද? ලින්ක්ස් එවැනි දේ කරන්නේ ඇයි?

Original price was: රු2,250.00.Current price is: රු1,800.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
ලින්ක්ස්ගේ සෙවණැල්ල -  Lynx ge Sewanella
You're viewing: ලින්ක්ස්ගේ සෙවණැල්ල – Lynx ge Sewanella Original price was: රු2,250.00.Current price is: රු1,800.00.
Add to cart
Shopping cart close