• -15% හුදෙකලාවේ කුමරිය - Hudakalawe Kumariya

    හුදෙකලාවේ කුමරිය – Hudakalawe Kumariya

    ISBN – 9789556972634

    ඔන්ජෙලීක් ලේතම් තම පියා වන වෙස්ටර්ෆීල්ඩ්වල ආදිපාදතුමාගේ ආදරණීය රැකවරණය යටතේ බෙල්ගේ‍්‍රව් මාලිගාවේදී හැදී වැඩෙන යුවතියකි. ප‍්‍රංශ රදළ පවුලක සාමාජිකාවක වෙන ඇගේ අම්මා ඇය උපදින වේලාවේ මිය යන හෙයින් ඔන්ජෙලීක්ගේ මුළු ලෝකයම වන්නේ ඇගේ පියාය. අවුරුදු දහ අටේ දී ඇගේ පියා මිය ගිය පසු පියාගේ පළමු විවාහයේ පුතුන් දෙදෙනා ඇය ඔවුන්ගේ පවුලේ කෙනෙකු කියා පිළිගැනීම ප‍්‍රතික්ෂේප කරමින් ඇය ඔවුන්ගේ නිවසින් පිටමං කරති. බුද්ධිමත් හා රූමත් ඔන්ජෙලීක් පියාගේ උරුමයෙන් කිසිවක් නොලැබ සුළු රැකියාවකින් ජීවිකාව ආරම්භ කරයි. ඇගේ රූමත්බවින් අයුතු ප‍්‍රයෝජන ගන්නට තනන සලෙලූන්ගෙන්ද ඊර්ෂ්‍යාකාර ඥාතීන්ගෙන්ද අහංකාර ස්වාමිවරුන්ගෙන්ද මිදී තම අරමුණ කරා යන ඇය තමාගේ උරුමය සොයා ආපසු එන ආකාරය අපූරුය.

    Original price was: රු1,475.00.Current price is: රු1,250.00.
    Add to cart
  • -20% හිමි අහිමි  - Himi Ahimi

    හිමි අහිමි – Himi Ahimi

    ISBN – 9789556971970

    රූමත් ප‍්‍රංශ කාන්තාවක් හා දක්ෂ අමෙරිකානු නළුවෙක්, සුරංගනා කතාවක් මෙන් ආරම්භ වෙන ඔවුන්ගේ ආදර කතාව අවසන් වන්නේ ශෝකාන්තයකිනි. එක් වරටම අනාථයන් බවට පත් වෙන ඔවුන්ගේ දියණියන් තිදෙනා, බොහොම නපුරු ලෙස එකිනෙකාගෙන් වෙන් කරනු ලබයි. තිදෙනා තෙආකාරයකට හැදී වැඩෙති. නොසිතූ ලෙස ජීවිතය ජය ගනු ලබති. 

    වසර ගණනාවකට පසු නීතිඥයකු හා වැදගත් පෞද්ගලික විමර්ශකයකු වෙන ජෝන් චැප්මන්ට ඒ වෙන විට වැඩුණු කාන්තාවන් බවට පත් වී ඇති මේ දැරියන් තිදෙනා සොයාගෙන, නැවත එකිනෙකා හා මුණ ගැස්වීමේ රාජකාරිය පැවරෙන්නේය. ඔවුන් සොයමින් යන ඔහුගේ ගමන සුඛෝපභෝගී නිව් යෝක් නගරයේ සිට බෝස්ටන්වල මුඩුක්කුවලට, ශෝභන පැරීසියානු විසිත්ත කාමරවල සිට ඇපලාචියානු කඳුකරය දක්වා ඔහු ගෙන යන්නේය. තම වර්තමාන ජීවන තත්ත්වය පරදුවට තබා ජලයට වඩා ලේවල ඝනකම වැඩි බව පෙන්වමින් සොහොයුරියන් එක් වන්නේ සියල්ල සතුටින් අවසන් කරවමිනි.

     

    Original price was: රු890.00.Current price is: රු712.00.
    Read more