මිත්‍යාදෘෂ්ටිකයාගේ නිධානය – The Heretic’s Treasure

ISBN – 9786246743 58 

මිත්‍යාදෘෂ්ටිකයාගේ නිධානය (The Heretic’s Treasure)

​සහස්‍රක ගණනාවක් සැඟව තිබූ රහසක්… ලෝකය වෙනස් කළ හැකි මාරාන්තික දෛවයකට මඟ පෑදිය හැකි තරම් බලවත් නිධානයක්!

​ඊජිප්තුවේ දැවෙන කාන්තාර වැලි තලාව අතරේ අතීතයෙන් සඟවන්නට උත්සාහ කළ පාරාවෝවරයෙකුගේ නිධානයක් දක්වා විහිදෙන, මහා පාවාදීම් සහ ලේ වැගිරීම්වල සුළි කුණාටුවකට හිටපු SAS සෙබළ බෙන් හෝප් යළිත් මැදි වේ.

වර්තමානයේදී, එම නිධානයේ රහස සෙවීමට ගිය විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු අතිශය අමානුෂික ලෙස ඝාතනය කෙරේ.

අතීතයේ බෙන්ගේ පණ බේරාගත් හමුදා සගයෙකුගේ පුත්‍රයා වන මෙම
මහාචාර්යවරයාගේ ඝාතනය ගැන සොයායාමට බාරගන්නා බෙන් හට, එම නිධානය සොයායන්නට සිදුවන්නේ අනපේක්ෂිත ලෙසිනි.

මෙම ඝාතනය පිටුපස ඇති සත්‍යය සෙවීමට බෙන් හෝප් ඉදිරිපත් වූවද,
​ඔහුට අන්තිමේ ගැටෙන්නට සිදුවෙන්නේ සාමාන්‍ය සතුරෙකු සමඟ නොවේ. ලෝක ඉතිහාසය තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීමට මාන බලන, බලගතු, අනුකම්පාවක් නැති, බෙන් හා උරින් උර ගැටිය හැකි, ත්‍රස්තවාදී නායකයෙකුට එරෙහිවය.

පැරණි සංකේත, අභිරහස් සිතියම් සහ මාරාන්තික උගුල් පසුකරමින් බෙන් හෝප්ට “මිත්‍යාදෘෂ්ටිකයාගේ නිධානය” වෙත ළඟා විය හැකිද? නැතහොත් ඉතිහාසයේ අඳුරුතම රහස ඔහුත් සමඟම වැළලී යනු ඇත්ද?
​මිථ්‍යාව සහ යථාර්ථය අතර සීමාවන් බොඳ කරන, කියවා අවසන් වනතුරුම පොත බිම තැබිය නොහැකි තරම් කුතුහලයෙන් පිරි ස්කොට් මරියානිගේ (Scott Mariani) විශිෂ්ටතම ඓතිහාසික අභිරහස් නවකතාවේ සිංහල පරිවර්තනය.

2026 ජුනි මස 28 න් පසු නිකුත් වේ

Original price was: රු2,150.00.Current price is: රු1,720.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
මිත්‍යාදෘෂ්ටිකයාගේ නිධානය - The Heretic's Treasure
You're viewing: මිත්‍යාදෘෂ්ටිකයාගේ නිධානය – The Heretic’s Treasure Original price was: රු2,150.00.Current price is: රු1,720.00.
Add to cart
Shopping cart close