රෝස මාලිගාවේ මනුසත්තු – Rosa Maligawe Manusaththu

ISBN – 9789553

ගෙවුණු මාර්තු මාසයේ හිටිහැටියේම හිරු පැමිණි ඉරු දිනයක රෝස මාලිගාවේ ගෙවත්තේ තැනක පුටුවක් තබා නර්මදා වාඩි ගෙන සිටියාය. රත්නවීර ඇය අසළට ගියේ තමා අලුතින් ගත් කැමරාවත් අරගෙනයි. කැමරාවකුත් අරගෙන තමා ඉදිරියට ආ තාත්තා එයින් තමාගේ පින්තුරයක් ගන්නට උත්සාහ කරනු දකින දියණියට සිනහ පහළ විය. ඒ සිනහව කැමරාවේ සටහන් විය.

සතියකට පසු ඒ රූප පෙළ කළුවර කාමරයකදී රසායනික ද්‍රව්‍ය සමග සේදී , වියළී අනෙක් පින්තුර සමග රත්නවීර අතට පැමිණි විට යුරෝ දහයයි පනහක් දී ඔහු එය රෝස මාලිගයට ගෙන ආවේය. නර්මදා ගේ රූපය නම් සැබෑ ලස්සන බව කවුරුත් කීහ . එයින් පිටපත් ගසා ලංකාවටත් යැවිය යුතු යැයි සාමා කීවාය.

“ආච්චියි සීයයි පුදුම වෙයි ඔයා ලොකු වෙලා තියන හැටි දැක්කාම …”

දියණියගේ රූමත් බව තම කැමරාවේ සටහන් කර ගන්නට ලැබීමෙන් රත්නවීර ආඩම්බර විය. යම් දිනක ඇයට මනාලයෙක් සොයනා කාලයකදී මව්බිමට යැවිය යුත්තේ මේ පින්තුරය යයි ඔහු තීරණය කළේය .

ඒ පින්තූරය නිවසට පැමිණ ගෙවී යන දෙවන මාසයේදී පොලිස් නිලධාරින් හට එය ලබා දීමට රත්නවීර කටයුතු කළේය. දියණියගේ රුව වඩාත් පැහැදිලි ලෙස පෙනෙන ඡායාරූපයක් ලබා දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ. පොලිස් නිලධාරීන් නිවසට පැමිණියේ ඇය පිටව ගොස් දින පහකට පසුවයි. පතිරණ ආරච්චිලාගේ දොන් නර්මදා රත්නවීර අතුරුදහන් වූ අයෙක් ලෙස පොලිස් පොත් වල ඒ වන විටත් සඳහන්ව තිබුණි.

Original price was: රු700.00.Current price is: රු630.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close