• -20% ටෙල් මී - TELL ME

    ටෙල් මී – TELL ME

    ISBN – 978 624 6743 19 2

    “ඔයා ඒක සෝෂල් මීඩියා දාන්නෙ නෑ නේද?” ජෝර්ඩන් ඇසුවේය. “
    සමහරවිට මං එහෙම කරයි. අපට සෙල් සර්විස් එක ලැබුණාම.”

    “ඒක හොඳ දෙයක් නෙවෙයි, ඩීඩ්‍රා.”

    “හැමෝම එහෙම දේවල් කරනවා.”

    “ඒත් අපි එහෙම කරන්නෙ නෑ. අපි ඒ වගේ ජරා වැඩ කරන්නේ නෑ.”

    ජෝර්ඩන් කඳවුරු භූමියෙන් ඉවතට ඇවිද යන්නට පටන් ගත්තේය. “අපි මේ මඟුලෙන් ඈත් වෙමු.”
    “මම මගේ වීඩියෝව පෝස්ට් කළා!” ඩීඩ්‍රා කීවාය.

    ඈ පිළිබඳව තැකීමක් නොකළ ජෝර්ඩන්ගේ ඇඟිල්ල 911 ඇමතීමට සූදානමින් දුරකතන තිරය මත රැඳී තිබිණ. පෙර ඇසුණු හඬට සමාන තවත් හඬකින් ජෝර්ඩන්ට බාධා කෙරිණ.

    “ඒයි, යාළුවා.” ජෝර්ඩන් පැමිණෙමින් සිටි පුද්ගලයින් ඇමතුවේය. “ඔහේලා මොනවා කළත්, ඔය පැත්තට නම් යන්න එපා. අපට මිනියක් හම්බ වුණා.” ඔහු තමන් පැමිණි මාර්ගය දෙසට අත දිගු කළේය.

    මිනිසා සිනාසුණේය. “ඔත්තුවට ස්තුතියි.”

    ඒ සමඟම තුවක්කුවක් මතුවිය. තමන් පලා ආ අනතුර මෙය බව ජෝර්ඩන්ට වැටහුණි. ඔවුන් කෙළින්ම පැමිණ ඇත්තේ අනතුර වෙතය.

    Original price was: රු1,980.00.Current price is: රු1,580.00.
    Add to cart
  • -20% ෆයින්ඩ් මී - FIND ME

    ෆයින්ඩ් මී – FIND ME

    ISBN – 978 624 5663 97 2

    කැතී දැරිය ඉදිරියේ බිමට පහත් වූවාය. “ඔයා අතරමං වෙලා ද?”
    අවුරුදු පහක හෝ හයක පෙනුමක් තිබුණු දැරිවිය නාසය ඉහළට ඇද සිය පිටි අත්ලෙන් නාසය පිසදා ගත්තාය. “ඔයාට පුළුවන් ද මට අම්මාව හොයාගන්න උදව් කරන්න?” දැරිවිය මාවතෙන් ඔබ්බට අත දිගු කළාය. “එයා ගියේ අර පැත්තට.”
    “අපි එයාව හොයාගමු.”
    “අපට ඒක කරන්න බැරි වුණොත් අපට ඔයාගේ ගෙදරට යන්න පුළුවන් ද?”
    මෙතරම් ළාබාල දරුවෙකුට නොගැලපෙන තරම් අමුතු වචන. “අනිවාර්යෙන්. ඔයාගේ නම මොකක්ද?”
    “මට ඒක කියන්න බෑ.”
    “ඇයි බැරි?”
    “නම් කියන්නේ සෙල්ලමේ කොටසක් නෙවෙයි. එහෙම නේද?”
    “මොන සෙල්ලමේ ද?”
    “සෙල්ලම. අපි කරන සෙල්ලම.”
    කොතැනක හෝ සිටි පිරිමි අයෙකුගේ කටහඬක් කෑ ගැසුවේය. “දුවන්න!”

     

    2025 මැයි මස 6 වෙනිදාගෙන් පසු නිකුත් වේ

    Original price was: රු1,980.00.Current price is: රු1,580.00.
    Add to cart