• -20% තල් අරණක පෙම් සිහිනය

    තල් අරණක පෙම් සිහිනය

    ISBN – 9789553490117

    Thal Aranaka Pem sihinaya

    අඩේ..නැඟිටපන්කෝ..
    එහා ගෙදර අක්කා මොකද්ද කියනවා පොඩ්ඩක් බලපංකෝ.
    මොකද්ද කිවුවෙ? මම ඇසුවෙමි.
    පුක ඕනැද කියලා අහනවා බං..
    පුක??? මම නැවත ඇසුවෙමි.
    ඔවු යකෝ වරෙන්කෝ…
    මම වහා නැගිට ගොස් ඇයට කතා කළෙමි.
    තම්බි පුකෛ වේනුමා? යනුවෙන් ඇසුවාය. පුකෛ යනු දෙමළෙන් කිරිබත්ය..


    දෙමළ වුණාට මොකද ! අනික කැම්පස් ගිය ළමයෙක්නේ. එහෙම එකක් නෑ අපි හැමෝම මනුස්සයෝ.

    අපි වගේම තමයි ඒ මිනිස්සුත්. ඔයා නේ දැන් ඔය දෙමළ කතාවක් අල්ලගෙන ඉන්නේ

    මගේ හිතේ නම් එහෙම ප්‍රශ්නයක් නෑ.

    තාත්තාගේ ඒ කතාවත් එක්කම මගේ වෙවිලිල්ල එතැනින්ම නතර විය

    Original price was: රු400.00.Current price is: රු320.00.
    Read more
  • -20% මෙරිටාටන් - Meritaten

    මෙරිටාටන් – Meritaten

    ඊජිප්තු විද්‍යාව කියන්නේ සුන්දර ක්ෂේත්‍රයක්. නයිල් නිම්න ශිෂ්ටාචාරය ලෙස හඳුන්වන මෙම ඉතිහාසයේ සුවිශේෂ කාල පරිචේදය සැබවින්ම සිත්ගන්නා මෙන්ම ගුප්ත සිදුවීම් වලින් සමන්විත වසර 3500 ක් පමණ කාලයක් තුල පැතිරී පසුව ග්‍රීක සහ රෝම බලපෑම සහ අවසානයේ අරාබි සංස්කෘතියෙන් සම්පුර්ණයෙන්ම යටපත්ව ගිය කාලයක්. ඒවගේම අවාසනාවට බොහෝ පුද්ගලයන් විස්තර නොදන්නා දැනගත්තත් සීමාසහිත තොරතුරු පමණක් දන්නා කාල වකවානුවක්.

    එහෙම කියන්න හේතු බොහොමයි. ක්‍රිස්තු පුර්ව 3000 සිට ක්‍රිස්තුපුර්ව 200 අතර කාලයේ දැනට සොයාගෙන ඇති විස්තර අනුව පාරාවෝ වරුන් 170 ක් පමණ පාලනය කරනා ලද දීර්ග ඉතිහාසකින් සමන්විත කාලයක්. නමුත් බොහෝ දෙනා දන්නේ තුතන්ක්අමුන් පාරාවෝ ගැන පමණයි. නමුත් සත්‍යය නම් මෙම තුතන්ක්අමුන් පාරාවෝ කියන්නේ ඊජිප්තු සංස්කෘතියේ බොහොම කුඩා බලපෑමක් කරනා ලද සැබවින්ම අනෙක් පාරාවෝ වරුන් තරම් සැලකිය යුතු මට්ටමේ නොවන පාරාවෝ වරයෙක්. අවුරුදු 18 ක වයසක මිය ගිය ඔහුගේ කාලයේ සැලකිය යුතු මට්ටමේ වැදගත් කිසිදු ඉඳිකිරීමක් නොමැති තරම්. ඔහු මෙතරම් ජනප්‍රිය වීමට එකම හේතුව ඔහුගේ සොහොන් ගැබ රන් රිදී සහිතව සොයාගැනීම පමණයි. දැනට සොයාගෙන ඇති සොරුන්ගේ ග්‍රහණයට අඩුවෙන්ම හසුවූ එකම සොහොන් ගැබ එය පමණයි. එම නිසා රන් රිදී ඇතුළු විශාල වස්තුන් ප්‍රමාණයක් එම සොහොන් ගෙයින් සොයාගත්තා. සොරුන්ගේ අඩුම බලපෑම යනුවෙන් මම සඳහන් කලේ සොහොන් ගැබ නිර්මාණය කර අලුතම එය බිඳීමක ලක්ෂණ පෙන්නුම් කරන නිසා.

    ඒවගේම ඊජ්ප්තුව ගැන කතා කරනකොට අපිට එකවර මතකයට නැගෙන්නේ පිරමිඩ සහ මමී කරණය කරනා ලද මළසිරුරු ගැනයි. නමුත් සැබෑව පිරමිඩ ඉඳිකලේ ඊජ්ප්තුව පාලනය කරනා ලද පාරාවෝ පරම්පරා තිස් හතරෙන් තුනක් පමණි. ඒ තුන්වන පරම්පරාවේ සිට හයවන පරම්පරාව දක්වා පාරාවෝ වරුයි. මමී කරණය වූ සිරුරු සොයාගෙන ඇත්තේ පහළොස් වන පරම්පරාවෙන් පසුව පමණි. එම නිසා ඊජිප්තු සංස්කෘතියේ විශාල තොරතුරු ප්‍රමාණයක් සොයා ගැනීමටද සොයාගත් තොරතුරු වලින්ද බොහෝ ප්‍රමාණයක් සාමාන්‍ය පරිශීලකයින් ගෙන් සඟව ද පවතින බව පැවසිය හැකියි. තුතන්කාඅමුන් පාරාවෝ නව රාජදානි සමයේ දහඅට අටවන පාරාවෝ පරම්පරාවේ අවසන් බාගයේ පාලනය කරනා ලද පාරාවෝ වරයෙක්. ඊජිප්තුවේ සොහොන් ගැබ් නිර්මාණය ආරම්බව රජවරුන්ගේ නිම්නය නිර්මාණය වු දහ හත්වන පාරාවෝ පරම්පරාවේ සිට විසි හතරවන පරම්පරාව දක්වා හෙයින් ඒ කාලය පිලිබඳ බොහෝ තොරතුරු සොයාගෙන ඇති නිසා ජනප්‍රිය සහ ප්‍රසිද්ද වූ බොහෝ තොරතුරු මෙම කාලවකවානුවෙන් තමයි අපට සොයාගැනීමට හැකිව තියෙන්නේ.

    ඉතින් තෙරන්නම කියනවා නම් ඊජිප්තු ඉතිහාසය ගුප්ත සිදුවීම් වලින් ගහණ වූ කාලවකවානුවක්. දන්නා තොරතුරු වලට වඩා නොදන්නා තොරතුරු බොහෝයි. සුප්‍රසිද්ධ තුතන්ක්අමුන් (ටුටන්කාමන්) ජීවත්වූ දහ අටවන පාරාවෝ පරම්පරාව ඊජිප්තු ශිෂ්ටාචාරයේ බොහෝ තොරතුරු දන්නා මෙන්ම පුරාවිද්‍යා සාධක සොයාගෙන තිබෙනා කාලයක්.

    නමුත් තුතන්ක්අමුන් පාරාවෝට පෙර අවුරුදු 15 පමණ කාලය ඉතිහාසයේ ලොකු හිඩැසක්. විස්තර නැහැ.. තිබෙන ඒවාත් බොහෝ පැටළිලි සහිතයි. එස්මෙන්කාරා තුතන්ක්අමුන්ට පෙර ඊජිප්තුව පාලනය කල පාරාවෝ. නමුත් ඔහුගේ තොරතුරු සොයා ගන්නට නෑ. ඉතිහාසයේ සැඟව ගිහින්. නැතිනම් සඟවා දමලා. තුතන්ක්අමුන් සොහොන්ගැබේ එක ස්ථානයක ඔහුගේ නම සඳහන්. ඒවගේම තුතන්ක්අමුන් සැතපී සිටිනා මිනි පෙට්ටි (sarcophagus) වලින් එකක් එස්මෙන්කාරා වෙනුවෙන් නිර්මාණය වූවක්.

    ඉතින් එම ඉතිහාසයේ සැඟවුණු පාරාවෝ සහ ඔහුගේ රැජිනි වන අක්නාටන් දියණිය මෙරිටාටන් පිළිබඳ සුප්‍රසිද්ධ , අප්‍රසිද්ධ මෙන්ම උපකල්පනය කරනා ලද කරුණු මත පදනම්ව නිර්මාණය වූ ප්‍රබන්ධයක් තමයි මේ “මෙරිටාටන්”.

    2022 DEcember 18 න් පසු 

    Original price was: රු1,150.00.Current price is: රු920.00.
    Add to cart