• -10% නාග මෙහෙයුම - Naga meheyuma ( Cobra)

    නාග මෙහෙයුම – Naga meheyuma ( Cobra)

    ISBN –  9789556562408

    ඇමරිකාවට හා යුරෝපයට මහත් ව්‍යවසනයක් වූ කොකේන් ජාවරාම් මුලිනුපුටා දැමීම සදහා විශාල වියදමක් දරා ක්‍රියාත්මක කරන COBRA වියාපෘතිය සදහා තෝරා ගන්නා නිලධාරින් අනුගමනය කරන ලද අද්විතීය උපක්‍රම මෙන්ම කොකේන් ජාවාරම්කරුවන් ඒවාට ප්‍රතික්‍රියාකරන ආකාරය ෆෙඩ්රික් ෆොසයිත් තම ගවේශනාත්මක මාධ්‍ය ජිවිතයේ අත්දැකීම් තුලින් ඉතා මැනවින් විස්තර කරයි.

    නුතන තාක්ෂනය මැනවින් යොදාගෙන ක්‍රියාත්මක කරන COBRA වියාප්රුතියට සම්බන්ධ නිලධාරින් තම ජීවිතය පරදුවට තබා ක්‍රියාත්මක වන අයුරු හා මෙම වියාපෘතියේ බලපෑම නිසා කොකේන් ජාවාරම්කරුවන් මුහුණදෙන සිදුවීම් ද මෙවැනි ජාවාරම් නිසා අසීමිතව මුදල් ඉපැයීමේ තෘෂ්ණාවෙන් පෙලෙන මිනිසුන්ගේ විකෘති ස්වභාවය ද මෙම නවකතාවෙන් මැනවින් පැහැදිලි වෙයි.  

     

    Original price was: රු550.00.Current price is: රු495.00.
    Add to cart
  • -10% හිට්ලර්ගේ SS හමුදාව - Hitlerge SS Hamudawa ( The Odessa File)

    හිට්ලර්ගේ SS හමුදාව – Hitlerge SS Hamudawa ( The Odessa File)

    ISBN –  9789558425710

    ඒ 1963 වර්ෂයයි . ස්ථානය… ජර්මනියේ හැම්බර්ග් නුවර.. මහළු යුදෙව් ජාතිකයෙක් සියදිවි නසා ගනී. ඔහු ලග තිබු දිනපොතක් පීටර් මිලර් නම් පුවත්පත් කලාවේදියෙක් අතට පත්වෙයි. දිනපොතෙන් හෙළිවන්නේ යුද සමයේ රිගා සහ ලැවිටියා හි ඝාතන කදවුරු වල අණදෙන නිලධාරියා වූ හිට්ලර් ගේ SS හමුදාවේ කපිතාන් එඩ්වඩ් රෝශ්ච්මාන් විසින් සිදුකරන ලද කෘර අති බිහිසුණු, අමානුෂික වධ හිංසා සහ සමුහ ඝාතන පිළිබද සත්‍ය තොරතුරුය. මිනීමරු රෝශ්ච්මාන් සෙවීමේ අති පුද්ගලික වෑයමක් අරබන පීටර් මිලර් තම පරීක්ෂණ තුලින් ODESSA හි කේන්ද්‍රස්ථානයට යොමුවෙයි.ODESSA වූ කලි යුද්දයෙන් පසු පලා ගිය SS මිනිමරුවන්ගේ ගේ ආරක්‍ෂාව හා පැවැත්ම සදහා SS හමුදාව මගින් ස්ථාපිත කරන ලද අති ප්‍රභල රහස් සංවිධානයකි. 

    රෝශ්ච්මාන් හමු වූ මිලර්ට දැනගන්නට ලැබෙන්නේ…….

     

    Original price was: රු750.00.Current price is: රු675.00.
    Add to cart