ලෝකාන්තිමය අනාවැකිය – The Doomsday Prophecy – Pre Order

ISBN – 978-624-6743-75-8

ලෝකාන්තිමය අනාවැකිය – The Doomsday Prophecy –

​සියවස් ගණනාවක් තිස්සේ සැඟව තිබූ මාරාන්තික රහසක්… මුළු මහත් මානව සංස්කෘතියම අළුධූලි කර දැමිය හැකි තරම් බලවත්, බයිබලයේ සඳහන් අනාවැකියක්!

​තමන් ගෙවූ අන්තරායකර ජීවිතයට තිත තබා, පූජකවරයකු වීමේ අරමුණින් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ දේවධර්ම අධ්‍යයනයට යොමුව සිටින හිටපු ගුවන් විශේෂ කාර්‍ය බලකා සෙබළ බෙන් හෝප්, යළිත් වරක් තමන්ට පලා යා නොහැකි ලේ වැගුරීම් හා පාවාදීම්වලින් පිරි මහා සුළි කුණාටුවකට මැදි වේ.

පුරාවිද්‍යා කැණීම් අතරතුර, සමස්ත ක්‍රිස්තියානි ලෝකයේ පදනමම සොලවා දිය හැකි අතිශය අභිරහස් බයිබලයේ සඳහන් සත්‍යයක් සොයාගන්නා තරුණ පුරාවිද්‍යාඥ සෝයි බ්‍රැඩ්බරි,​ ග්‍රීක දූපතක සිටියදී,
අතුරුදහන් කෙරේ.

​තමන්ගේ ආදරණීය මහාචාර්යවරයාගේ ඉල්ලීම මත, ඇයව සොයා යාමේ මෙහෙයුම බාරගන්නා බෙන් හට, මුහුණ දීමට සිදුවන්නේ තමන් මුහුණ දුන් අතිශය අන්තරායකර සහ ලේ වැගිරීම් සහිත අභියෝගයකටයි.

​එම අතුරුදහන් වීම පිටුපස ඇති සත්‍යය සොයා යන බෙන් හෝප්ට අන්තිමේ ගැටෙන්නට සිදුවෙන්නේ සාමාන්‍ය සතුරෙකු සමඟ නොවේ. බයිබලයේ, යොහාන්ගේ එළිදරව්ව, මඟින් සටහන් කර ඇති පරිදි ලෝකාන්තිමය ළඟා කරමින්, ලෝකය පාලනය කිරීමට මාන බලන, අනුකම්පාවක් නැති, බලගතු අන්තවාදී ත්‍රස්තවාදී කල්ලියකට සහ මාරාන්තික CIA නියෝජිතයින් පිරිසකට එරෙහිවය.

​ග්‍රීසිය, ඇමෙරිකාවේ දකුණු පළාතේ සහ පූජනීය ජෙරුසලම් නගරය හරහා විහිදෙන මාරාන්තික හඹායාම හමුවේ, මිලියන සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත බේරාගැනීමට බෙන් හෝප්ට “ලෝකාන්තිමය අනාවැකිය” පිටුපස ඇති අඳුරු සත්‍යය හෙළි කරගත හැකිද?

නැතහොත් යුගයේ අවසානය සටහන් වන මහා විනාශයේ ගින්නට ඔහුත් බිලිව යනු ඇත්ද?

​ආගමික අභිරහස්, ත්‍රාසය සහ නොනවතින ක්‍රියාදාමයන්ගෙන් පිරි, කියවා අවසන් වනතුරුම පොත බිම තැබිය නොහැකි තරම් කුතුහලයෙන් පිරි, ස්කොට් මරියානිගේ (Scott Mariani) විශිෂ්ටතම ඓතිහාසික අභිරහස් නවකතාවේ සිංහල පරිවර්තනය.

Original price was: රු2,100.00.Current price is: රු1,680.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
ලෝකාන්තිමය අනාවැකිය - The Doomsday Prophecy - Pre Order
You're viewing: ලෝකාන්තිමය අනාවැකිය – The Doomsday Prophecy – Pre Order Original price was: රු2,100.00.Current price is: රු1,680.00.
Add to cart
Shopping cart close