ත්‍රොන් ඔෆ් ග්ලාස් සම්පුර්ණ කතා මාලාව – THRONE OG GLASS FULL SET SINHALA

ත්‍රොන් ඔෆ් ග්ලාස් සම්පුර්ණ කතා මාලාව – THRONE OG GLASS FULL SET SINHALA

ඝාතකයාගේ අසිපත – Gathakayage Asipatha – The Assassin’s Blade

සෙලේනා සදෝතියන්ගේ ප්‍රසිද්ධත්වය ඇයට ලැබෙන්නේ ඇරෝබේන් හැමෙල් නිසාය. ඔහු ඇයට ඝාතන සංසදය නිවෙසක් කරදී, ඇයට සටන් කලාව පුහුණු කළ අතරම, ජිවත් වෙන්නට අවශ්‍ය දේවල් ද ඉගැන්නුවේය.

ඇරොබෙන්ගේ සතුරන් ආඩර්ලන්හි මහ මැදුරුවල සිට පැල්පත් වාසීන් දක්වාද , දුර ඈත පිහිටි දූපත් සහ සතුරු කාන්තාර දක්වා බොහො ඈතට විහිදි තිබුනේය.

සෙලේනාගේ කාර්යය වුයේ ඒ සියලුදෙනා සොයා ගොස් දඬුවම් පැමිණවීමය.

නමුත් ඇගේ මේ සියලු කාර්‍යයන් පිටුපසින්, ඇගේ ඉරණම තීන්දු කරන හා හදවත දෙකඩ කරවන භයානක සත්‍යයක් සැඟව තිබුනේය.

ඝාතකයාගේ අසිපත තුලින් ඇයගේ වතගොත සොයා යන්නට….

වීදුරු සිහසුන – Widuru Sihasuna – Throne Of Glass

අඳුරු සහ කුණු ගඳ ගසන එන්ඩෝවියර්හි ලුණු පතලක ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වු දහ අට හැවිරිදි ඇය කිසිවෙකුගේ උඟුලකට හසුව ඔවුන්ගේ භාරයට පත්වන්නට පෙර දක්ෂතම ඝාතකයෙකු ලෙස ප්‍රචලිතව සිටියාය.

රාජකීය හමුදාවේ තරුණ කපිතාන්වරයා රජතුමාගේ ඔටුන්න හිමි කුමාරයා හා එක්ව ඇය සොයා විත් ගනුදෙනුවකට සැරසේ…

සෙලේනා ඔටුන්න හිමි කුමාරයාගේ තරගකරුවා වෙමින් රාජධානියේ සිටින දරුණුතම ඝාතකයින් , හොරුන් සහ මංකොල්ලකරුවන් සමග සටන් වැද ජයග්‍රහණය කල හැකි නම් ඇයට නිදහස ලබා ගත හැකිය.

ජය හෝ පරාජය පසෙක තබා ඇය තමාගේ සැබෑ ඉරණම සොයා යන්නට තිරණය කලාය..

අන්ධකාරයේ රැජින – Andakaraye Rajina – Crown of Midnight

සෙලේනා සදෝතියන්ගේ , රාජකීය ඝාතකයා , ආඩර්ලන්හි මාරක අවිය …

ඇයගේ නිදහස ලබා ගැනීමට නම් , රජුගේ සතුරන්ගේ ලේ වැගිරිය යුතු වුවද , කිරුළෙහි පැවැත්ම වෙනුවෙන් තවකෙකු මරා දැමීම ඇයට සිදු කළ හැක්කක් නොවීය.
ඇය සිදුකළා යැයි කියන සියළු මරණයන් ව්‍යාජ ලෙස සකසමින් ඇය රජු වෙත පවසන සෑම මුසාවක් නිසාවෙන්ම , ඇයගේ ආදරණීයන්ගේ ජීවිත අනතුරකට හෙළන බව දැන දැනම,

ඇය සටන් කරණුයේ…
ඇයගේ නිදහස වෙනුවෙන් ද? නැතහොත්
ඇ‍යගේ හෘද ශාක්ෂිය වෙනුවෙන් ද?

එසේ නොමැති නම්
රාජධානියේ ඉරණම වෙනුවෙන්ද ?

අග්නි දෙව් දුව – Agni Dew Duwa – Heir Of Fire.

සෙලේනා සදෝතියන් හද කම්පා කරවන සුළු හා මාරාන්තික අවස්ථාවලින් යන්තමින් ජිවිතය රැක ගැනීමට සමත් වුවද ඒ වෙනුවෙන් මිල කල නොහැකි තරමේ වන්දියක් ජිවිතයෙන් ගෙවා ඇත.

දැන්, ඇයගේ අඳුරුතම සත්‍යයට මුහුණ දීම සඳහා නව දේශයකට යා යුතුය. . .

සෙලේනා හට ඇගේ වර්ථමානය හා අනාගතය සදහටම වෙනස් කළ හැකි, තමන්ගේ ලේ උරුමය සොයා යන ගමනක්…

මේ අතර, ම්ලේච්ඡ හා බිහිසුණු බලවේග ඇගේ ජීවිතය ඔවුන්ගේ පාලනය යටතට ගැනීමට සටනකට සැරසේ…

සෙලේනාට ඇගේ ආත්මය සමඟ සටන් කිරීමට පමණක් නොව, සිය යෙහෙළියට වූ පොරොන්දුව මෙන්ම තමන්ගේ ජනතාවගේ නිදහස වෙනුවෙන් මුහුණ දීමට සිදුවන සතුරන්ගේ අභියෝග භාර ගැනීමට ශක්තියක් ලැබේවිද?

සැගවුණු අධිරාජිණිය – Sagawunu Adirajiniya – Queen Of Shadows

සෙලේනා සදෝතියන් නැවත වරක් ඝාතකයෙකුගේ වෙස් ගෙන බොහෝ කාලයකට පසු නැවතත් රිෆ්ට්හෝල්ඩ් වෙත..

නමුත් මෙවර ඇය පැමිණියේ කිසිවෙකුගේ වහලියක ලෙස නම් නොවේ..

ඇයගේ ජිවිතයේ විඳි දරුණුතම වදවේදනා මතකයන් මතින් ඇයගේ පැවත්ම උදෙසා සටන් කල යුතු කාලය එළඹි තිබේ.

ඝාතක සංසදයේ නායකයාට මෙන්ම දරුණුතම රජුට එරෙහිව දශකයක් පුරා බලා සිටි පළිගැනිමේ මෙහෙයුම සාර්ථක කර ගැනීමට ඇයට හැකි වේද?

කුණාටු අධිරාජ්‍යය 1 – Kunatu Adirajya 01 – Empire of Stroms

“මම ඔයාට කිව්වා සෙලේනා සාදෝතියන්,
ආයේ මගේ දූපතටඅඩියක් තිබ්බොත් මම ඔයාව මරලා දානවා කියලා”
රොල්ෆ් කීවේදැඩි කෝපයෙනි.

“එතකොට ඉතින් කිසිම ගතියක් නෑනේ” එලෙන් කීවේ මේසය
උඩ තියන දෙකකුල් පද්දමිනි.

රොවන් ඇය දෙස ඇසිපිය නොගසා බලාගෙන සිටියේය.
ඇය ඩෝරියන් දෙස බැලුවාය.

“කොහොමද රජතුමනි” ඇය ඇසුවාය.

“හොඳින් ඉන්නවා සෙලේනා” ඔහු කීවේය. ඔහුගේ හදවත
වේගයෙන් ගැහෙමින් තිබුණේය.
ඔහු පිටුපසින් සිටින ෆෙන්රිස්ටසහ ගැව්රියෙල්ට
ඔහුගේ හදවත ගැහෙන හඬ ඇසෙනවා ඇතැයිඔහුට සිතුනේය.

“ඔයා ඉස්සර තරම්ම කඩවසම් නෑ රොල්ෆ්. ඒත් ඉතින් හිතලා
බලනකොට ඔයාගේ නැව් හමුදාවෙන් භාගයක් විතර ඔයාව අත්
ඇරලා දාලා ගිහින් කියන එක,
ඒක එච්චර ලොකු පුදුමයකුත් නෙවෙයි” එලෙන් කීවාය.
“බහිනවා මගේ පුටුවෙන් බිමට”

කුණාටු අධිරාජ්‍යය 2 – Kunatu Adirajya 02 – Empire of Stroms

“අපොයි දෙයියනේ අපොයි දෙයියනේ මොකද මේ වෙන්නේ?
මට ගින්දර පාලනය කරගන්න බැරුව ගිනිගන්නවා නේද?”
ඇය බියෙන් කෑගැසුවාය.

“එලෙන්” ඇයට ඇසුනාය.
එය ඇය උපතේ සිට බලාපොරොත්තුවෙන් සිටි, පතාගෙන ආ කටහඬක් විය.
ඒ මුහුණ හෙමිහිට ගින්දර අතරින් ඇගේ මුහුණ දෙසට පහත් විය.
ඔහුගේ මුහුණ අයිස් සහ සීතල සුළඟින් වසාගෙන තිබුනේ ඇගේ ගින්දරින් බේරීම සඳහාය.

“එලෙන්. ඕක පාලනය කරගන්න. ඔයයි ඒකේ පාලකයා.
භයවෙන්න එපා. භයවෙනවා කියන්නේ ඔයා ඒකට ඉඩදෙනවා
ඔයාව නැති කරලා දාන්න.” රෝවන්ගේ කටහඬ ඇයට ඇසුනාය.
ඒ වනවිටත් ඇගේ සිරුරේ තිබූ සියලුම ඇඳුම් දැවී ගොස් තිබුනි.
“එලෙන්, හුස්ම ගන්න, හුස්මක් ගන්න” රෝවන්ගේ හඬ තදින් ඇසුනේය.
ඇය ඉතා අපහසුවෙන් හුස්මක් ගත්තේය.

බලාපොරොත්තුවේ ආලෝකය 01 – TOWER OF DAWN

“මම හිතන්නේ මම සටන්වලට ගොඩාක් දක්ෂ වුණා. පුංචි කාලේ ගහ ගන්නයි, කඩු සටන් වලටයි, දුනු විදීමටයි, ඒ හැමදෙයකටම මම සාමාන්‍ය අයට වඩා දක්ෂයෙක් වුණා.

මට ලැබුණේ හොද පුහුණුවක්. ඒ කියන්නේ ඇනිඑල්ලේ කදුකර මිනිස්සු අතර පාලනය කරන ආදිපාදවරයාගේ පුතා හැටියට,

වයිට් ෆැන්ග් කදුකරයේ හිටපු බලවන්තමපුද්ගලයා මගේ තාත්තා. ඒ නිසා මට විශේස පුහුනුවක් ලැබුනත් , මට හරි විදිහේ පුහුණුවක් ලැබෙන්න පටන් ගත්තේ මම රිෆ්තෝල්ඩ් මාලිගාවට ආවට පස්සේ, ඒ ඇවිල්ලා රාජකීය හමුදාවට බැදුනාට පස්සේ” ඇය ඔහු පිටු පසින් ගමන් කලාය.

ඔහු ඇවිදින්න අමාරු විදිහට මුල් උඩට ඇවිත් තිබු තැන් වලින් ඇයව ප්‍රවේසමෙන් කැදවාගෙන ගියේ ඔහුත් එම මුල් වල පැටලෙන්නේ නැතිවය.

මම හිතන්නේ ඔයාගේ අකීකරුකමයි, හරකෙක් වගේ ඔළුව කෙලින් කරගෙන ඉන්න එකයි වෙන්න ඇති ඔයාව හොද විනය ගරුක සොල්දාදුවෙක් කරන්න ඇත්තේ නේද? ඇය සිනාසි ඇසුවාය

බලාපොරොත්තුවේ ආලෝකය 02 – TOWER OF DAWN

“මම හිතන්නේ මම සටන්වලට ගොඩාක් දක්ෂ වුණා. පුංචි කාලේ ගහ ගන්නයි, කඩු සටන් වලටයි, දුනු විදීමටයි, ඒ හැමදෙයකටම මම සාමාන්‍ය අයට වඩා දක්ෂයෙක් වුණා.

මට ලැබුණේ හොද පුහුණුවක්. ඒ කියන්නේ ඇනිඑල්ලේ කදුකර මිනිස්සු අතර පාලනය කරන ආදිපාදවරයාගේ පුතා හැටියට,

වයිට් ෆැන්ග් කදුකරයේ හිටපු බලවන්තමපුද්ගලයා මගේ තාත්තා. ඒ නිසා මට විශේස පුහුනුවක් ලැබුනත් , මට හරි විදිහේ පුහුණුවක් ලැබෙන්න පටන් ගත්තේ මම රිෆ්තෝල්ඩ් මාලිගාවට ආවට පස්සේ, ඒ ඇවිල්ලා රාජකීය හමුදාවට බැදුනාට පස්සේ” ඇය ඔහු පිටු පසින් ගමන් කලාය.

ඔහු ඇවිදින්න අමාරු විදිහට මුල් උඩට ඇවිත් තිබු තැන් වලින් ඇයව ප්‍රවේසමෙන් කැදවාගෙන ගියේ ඔහුත් එම මුල් වල පැටලෙන්නේ නැතිවය.

මම හිතන්නේ ඔයාගේ අකීකරුකමයි, හරකෙක් වගේ ඔළුව කෙලින් කරගෙන ඉන්න එකයි වෙන්න ඇති ඔයාව හොද විනය ගරුක සොල්දාදුවෙක් කරන්න ඇත්තේ නේද? ඇය සිනාසි ඇසුවාය

දැවුනු දේශය 1 – Kingdom Of Ash 

“එලෙන්, මාව වඩාත්ම පීඩාවට පත් කරන්නේ මොකක්ද කියලා ඔයා දන්නවාද?

ඒක තමයි මේකේ දුෂ්ටයා මම කියලා ඔයා විශ්වාස කරන එක.” මේවිගේ වචන පෙම්වතියකගේ වචන මෙන් මෘදු විය.

එලෙන් තම අත සෙලවීමට ගත් උත්සාහය අසාර්ථක වෙද්දී, දත් අතරින් කෙඳිරිගාමින් හැඬුවාය. දෑත් දෙකම පණ නැති වී තිබුණි. ඇය තම බැල්ම ඒ අවකාශය පුරා යොමු කළාය. මෙය සැබෑ වූත්, එහෙත් සැබෑ නොවූත් කාමරයකි.

ඔවුන් විසින් ඇය තළා දැමූ යකඩ පෙට්ටිය අලුත්වැඩියා කර තිබුණි. එහි පියන මත අලුත් යකඩ තට්ටුවක් වෑල්ඩින් කර තිබුණි.
ඉන්පසු එහි දෙපැත්තට සහ පතුලටත් එලෙසම කර තිබුණි. ඇතුළතට එන වාතය අඩු වී තිබූ අතර, හුස්ම හිරවන සුළු දැඩි උණුසුම මැද පැය ගණනාවක් හෝ දින ගණනාවක් එහි ගත කිරීමට ඇයට සිදු විය.

නමුත් ඒවා විඳදරා ගන්නවා හැර ඇයට කළ හැකි දෙයක් නොවීය.

දැවුනු දේශය II – Kingdom Of Ash 

එලෙන්ගේ දෑස් තුළ ගැඹුරු නොරිස්සුමක් මතු වී සැණින් මැකී ගියේය. එහෙත් ඇය නැවත කතා කළේ නැත. ඔවුන්ගේ මීළඟ පියවර ගැන කුමරියට බල කළේ ද නැත. ඇය තම තොල් සපා ගනිමින් නැවතත් සටන් බිම දෙස බලා සිටියාය.

සටන අතරතුර ඇය මොහොතකටවත් නතර නොවූ අතර, ඇය නතර වූයේ මරා දැමීමට තවත් වැල්ග් සෙබළෙකු ඉතිරි නොවූ විට පමණි. තාප්ප පිරිසිදු කළ මොහොතේ සිට ඇය නිහඬව සහ දුරස්ථව සිටියාය. එය හරියට සටන් කරද්දී ඇය පිවිසි ඒ සන්සුන්, ගණන් බලන මානසිකත්වයෙන් ඇය තවමත් මිදෙමින් සිටින්නාක් මෙනි. ඇය තම සන්නාහය ඉවත් කිරීමටවත් වෙහෙසුනේ නැත.

ඇගේ ලෝකඩ සටන් ඔටුන්න සහ හිසකෙස් රුධිරයෙන් පිරී තිබුණි.

කේඕල්ගේ පියා ඇගේ සහ රෝවන්ගේ සන්නාහ දෙස බලා කෝපයෙන් සුදුමැලි වී තිබුණි. නමුත් කේඕල් තම රෝද පුටුව පියා අසලට ගෙන ගොස් රෝවන්ට නොඇසෙන තරම් සෙමින් යමක් පැවසූ අතර, එම මිනිසා පිටුපසට විය.

දැවුනු දේශය III – Kingdom Of Ash

ඔබ තමයි රැජින, ඉතින් ඡන්දය විමසන්න තියෙන්නේ මොනවා ගැනද?” ලෝර්කන් පුදුමයෙන් ඇසුවේය.
“තමන්ව පාලනය කරන්නේ කොහොමද කියන එක ගැන ජනතාවට අයිතියක් තියෙන්න ඕනේ. ඔවුන්ට බලපාන ප්‍රතිපත්ති ගැන,
මේ රාජ්‍යය නැවත ගොඩනගන්නේ කොහොමද කියන එක ගැන ඔවුන්ට හඬක් තියෙන්න ඕනේ.” එලෙන් කීවාය.
මොහොතකට පසු එලෙන් තම නිකට එසවූවාය.
“මම රැජින වෙයි, මගේ දරුවෝ…” රෝවන් දෙස බලා සිනාසෙද්දී ඇගේ කම්මුල් රතු විය.
“අපේ දරුවෝ.” ඇය මෘදු ලෙස පැවසුවාය,
“කවදා හරි පාලනය කරයි.

නමුත් ටෙරාසෙන්ට හඬක් තියෙන්න ඕනේ. සෑම ප්‍රදේශයකටම, ඒක පාලනය කරන පාලකයෝ කවුරු වුණත්, ඒ ජනතාව විසින් තෝරාගනු ලැබූ හඬක් තියෙන්න ඕනේ.” ඇය කීවාය.

Original price was: රු26,300.00.Current price is: රු21,000.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
ත්‍රොන් ඔෆ් ග්ලාස් සම්පුර්ණ කතා මාලාව - THRONE OG GLASS FULL SET SINHALA
You're viewing: ත්‍රොන් ඔෆ් ග්ලාස් සම්පුර්ණ කතා මාලාව – THRONE OG GLASS FULL SET SINHALA Original price was: රු26,300.00.Current price is: රු21,000.00.
Add to cart
Shopping cart close