ශිතාග්නි 4 – භෂ්ම – Sheethagni 4

ISBN – 978-624-6743-69-7

ශිතාග්නි 4 – භෂ්ම  – Sheethagni 4

ශීතාග්නි පෙර ඇනවුම්

ශිතාග්නි – ශිත – පිටු 456
ශිතාග්නි – අග්නි – පිටු 440
ශිතාග්නි – මිෂන් කිං කාශ්‍යප – පිටු 320
ශිතාග්නි – භෂ්ම – පිටු 688

ඔබ මේ කියවන්නට සූදානම් වන්නේ තවත් එක් නවකතාවක්ද?

නැතිනම්… එතෙක් මෙතෙක් ඔබ සිංහල පොතකින් නොවිඳි ජිවිත අන්දරයක් ද?

වසර හයක් පුරා ලියැවුණු, හැඟීම්, වේදනාවන්, ආදරය, අහිමිවීම් සහ නොවිසඳුණු ප්‍රශ්න පිරුණු පිටු දෙදහසකට ආසන්න දැවැන්ත කතාවක් බවට පත්ව අද ඔබේ දෑතට පැමිණෙන
“ශීතාග්නි”,
නමෙන් ඔබට පැවසෙන පරිදිම
ගිනි සහ සිසිල අතර දෝලනය වන මිනිස් ජීවිතවල කතාවකි.

මෙහි කථානායක දේවක රත්මල්ගොඩ ඇතුළු චරිත ඔබට හමුවන්නේ නවකතාවක චරිත ලෙස පමණක් නොවේ. ඔවුන්ගේ සතුට, වේදනාව, ආදරය, බිය, රහස් සහ තීරණ අතරින් ගමන් කරන ඔබට, හුරුපුරුදු මිනිසෙකුගේ මුහුණක්… ඔබේම ජීවිතයේ මතකයක්… නැතිනම් ඔබ තුළ සැඟවුණු කිසියම් හැඟීමක් හමුවීමට ඉඩ තිබේ.

එහෙත් කතාව කියවාගෙන යන අතරතුර, ඔබට එක් පැනයක් නැවත නැවතත් මතුවනු ඇත.

“ඇත්තටම මේ හැමදෙයක්ම සිද්ධවුණාද?”
“මේක මේ පොළොවේ සිද්ධ වුණු සත්‍ය කථාන්තරයක් ද?”

සත්‍යය කොතැනින් අවසන් වී මනඃකල්පිතය කොතැනින් ආරම්භ වේදැයි සොයාගැනීම ඔබටම භාර කරමි.

පිටුවෙන් පිටුව ඉදිරියට යද්දී, ඔබ එය තුළ ජීවත් වීමට පටන් ගනු ඇත.
කෙනෙකුගේ ආදරයෙන් ඔබද සැනසෙනු ඇත.
කෙනෙකුගේ වේදනාව ඔබව නිහඬ කරනු ඇත.
කෙනෙකුගේ තීරණයක් ඔබව කෝපයට පත් කරනු ඇත.
තවත් කෙනෙකුගේ රහසක් අවසානය දක්වාම ඔබට අනුමාන කිරීමට ඉඩ නොදෙනු ඇත.

අවසානයේ…
ඔබ පොත කියවා නිම කලද කතාව පුරාවට වූ ඔබේ ගමන අවසන් නොවනු ඇත.

මන්ද, “ශීතාග්නි” ඔබට ඉතිරි කරන්නේ අවසානයක් නොවන
“ඇත්ත කුමක්ද?”
“අප විශ්වාස කරන දේ සැබෑද?”
“මනුෂ්‍ය ජීවිතයක සීමාව කොතැනද?”
යන නොවිසඳුණු ප්‍රශ්න කිහිපයකි.

ගිනි මෙන් දැවෙන හැඟීම් අතරට…
සිසිල මෙන් හිරිවැටෙන රහස් අතරට…
මනුෂ්‍යත්වයේ සීමාවන් අතරට…
ඔබව කැඳවාගෙන යන්නේ “ශීතාග්නි” යි.

කියවන්න.
දැනෙන්නට ඉඩ දෙන්න.
විශ්වාස කරන්න.
ඉන්පසු…
ඇත්ත කුමක්දැයි ඔබම තීරණය කරන්න.

පිටු 1900+ කට අධික වෙළුම් හතරකින්, වර්තමානයේ සාමාන්‍ය පොතක මිලටත් වඩා අඩු මිලට, ඝන කවර මුද්‍රණයකින් හැඩවී පැමිණෙන පෙර ඇනවුම් අද සිට ඔබට විවෘතයි.

ඇනවුම් කිරිමට පෙර විශේෂයෙන් කියවන්න..
2026 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමිව මෙහි මුල් කොටස් දෙක පමණක් නිකුත් වන අතර ඔක්තොම්බර් මස 18 සිට අනෙක් කොටස් ලබා ගත හැක. කොටස් 4 ම එක වර ලබා ගැනිමේදි ශ්‍රී ලංකාව තුල ඕනැම තැනකට නොමිලේ ප්‍රවාහන පහසුමක් ලබාදේ. කොළඹ ජ්‍යාත්න්තර පොත් ප්‍රදර්ශනයේදි 1,2 පොත් ලබා ගැනිමට බලාපොරොත්තු වන්නේ නම් 3,4 කෘති සඳහා පමණක් පෙර ඇනවුම් සිදුකරන්න.

වෙබ් අඩවිය හරහා සිදුකරන ඇනවුම් සියල්ල ප්‍රවාහනය කරනුයේ 2026 ඔක්තොම්බර් 10 වෙනිදා සිට වන අතර පොත් කට්ටලයම වෙනුවෙන් පෙර ඇනවුම් ලබා දී ඇත්නම්, එම ඇනවුම් ඔක්තෝම්බර් 18 දිනෙන් පසුව, 3,4 කෘති නිකුත් වීමෙන් අනතුරුව සිදු කරනු ලැබේ.

දැනුවත් කිරිමයි. – ඔබ මෙතෙක් සිංහල නවකතාවකින්, මේ රස විඳ නොමැති වගට පොරොන්දු විය හැක.
ඝන කවරයකින් සැරසුණු, අවම මිලකට උපරිම රසයක් සොයන ඔබට මේ පොත් කට්ටලය කිසිසේත්ම මග හැරිය නොහැකි වනු ඇත.

Original price was: රු2,900.00.Current price is: රු2,320.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
ශිතාග්නි 4 - භෂ්ම - Sheethagni 4
You're viewing: ශිතාග්නි 4 – භෂ්ම – Sheethagni 4 Original price was: රු2,900.00.Current price is: රු2,320.00.
Add to cart
Shopping cart close