හැංගි මුත්තු – Hangi Muththu – Pre Order

ISBN – 978-624-6743-64-2 

හැංගි මුත්තු – Hangi Muththu – Pre Order

“ හෙර.. හෙර කෙල්ල. මේරී කිව්වා හරි. උඹ මහ හෙරක්. ”

සාරාගේ ඇස් යොමුව තිබුණේ නිවී නිවී දැල්වෙන විදුලි පහන වෙත වීද ඇය කතා කරමින් සිටියේ මා සමගය. ඒ ඇස් කැරකුණේය. ඒවායේ වූයේ අස්වාභාවික ගතියකි. ඒ ඇස් වල කළු ඉගිරියාව නොපෙනෙන තරමට උඩට ගොස් තිබිණ.

“ උඹ මගේ බෝනික්කව හොරකම් කළා.. දෙවනි පාරටත් ඒක හොරකම් කළා…ඒක අර ගෑනීට ගෙනියන්න දුන්නා. ”

සාරාගේ හඬ රුදුරුය. එය කොහෙත්ම අවුරුදු අටක දැරියකට ගැළපුනේ නැත. එය සාරාගේ බෝනික්කාය. දෙවියනි! යසෝමා එය ගෙනයන්නට පෙර මගේ හිතට එය නොහැඟුණේ මන්ද?

“ මම දැ…. දැනගෙන හිටියෙ නෑ… ඒ… ඒක මම ඒක… ඒක අ… ආපහු ඔ ඔයාට දෙන්නම්… මම මම යසෝමට කියන්නම්. ඒක ඒක ආපහු ගේන්න කියල.. ”

ඇය මගේ ගෙල සිරකර මරා දමනු ඇතැයි මට සිතුණේය. මරණ බියෙන් ගැහෙමින් මා ජීවත්වන්නට තවත් අවස්ථාවක් ලබා ගන්නට මුමුණා ගතිමි.

“ ඒ ගෑනි ආපහු එන්නේ නෑ… එන්නේ නෑ. ”

සාරා වියරුවෙන් මෙන් හිනැහුණාය. මගේ හිස කැරකැවෙමින් තිබිණ. සෝෆාව අසල වූ බිත්තියට තදින් හේත්තු වූ මම බිත්තිය දිගේ පහළට ලිස්සා බිම දණින් වැටුණෙමි.

සාරාගේ රුදුරු බැල්ම මගෙන් මිදී විදුලි පහන දෙසට හැරුණි.

“ ක්ලෑෂ් ” විදුලි පහන මහ හඬක් නගමින් මගේ දෙපා මුලට වැටුණේ, බිඳී විසිරී ගිය උණුසුමැති වීදුරු කැබලි මගේ නිරුවත් දෙපා මත තද වේදනාවක් ඇති කරමිනි. මම දෙඅතින් කන් වසා ගතිමි

Original price was: රු1,800.00.Current price is: රු1,440.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
හැංගි මුත්තු - Hangi Muththu - Pre Order
You're viewing: හැංගි මුත්තු – Hangi Muththu – Pre Order Original price was: රු1,800.00.Current price is: රු1,440.00.
Add to cart
Shopping cart close