ජැකී කබ්ලර් පොත් කට්ටලය – JACKIE KABLER BOOK PACK

 

පාප විපාක – THE VANISHING CLASS 3B

බස් එකක්…
ළමයින් දහ දෙනෙක්…
වැඩිහිටියො තුන්දෙනෙක්,,,
හිටි හැටියෙම අතුරුදහන්…
ලෝකෙම කළඹවමින්…
රට පුරා කෙරෙන පොලිස් මෙහෙයුමක්…
ගමකම ජීවිත උඩු යටිකුරු කරවපු…
එක්කෙනෙකුගෙ රහසක්..!

දින පොතේ ඝාතකයා – MURDER LIST

මේරිට නත්තල් තෑග්ගක් ලැබී තිබිණ.

ලැබුණේ කාගෙන්දැයි සදහනක් නැති ඒ තෑග්ග දිනපොතකි. දිනපොතක් ලැබීම ඒ හැටි විශේෂ දෙයකැයි මේරි සිතුවේ නැත. ඇයට එසේ සිතන්නට ලැබුණේ දිනපොත විවර කරන තෙක්… එය හිස් දිනපොතක් නොවන බව දකින තෙක් පමණකි.

ජනවාරි 01- ඔක්ෆර්ඩ්, ලීසාව මරන්න

පෙබරවාරි 01 – බර්මින්ග්හැම්, ජේන්ව මරන්න

මාර්තු 01 – කාඩිෆ්, ඩේවිඩ්ව මරන්න…

අප්‍රේල් 01 – චෙල්ටන්හැම්, මේරිව මරන්න.

ඇයට එය කාගේ හෝ විහිළුවක් යැයි සිතා බැහැර කරන්නට තිබිණ. එහෙත් ඒ වන විටත් ජනවාරි පළමුවෙනිදා පසුවී තිබිණ. ඔක්ස්ෆර්ඩ් නගරයේ උන් ලීසා නැමති යුවතියව මරා දමා තිබිණ.

ඉතින්, අප්‍රේල් පලවෙනිදා එළඹෙන්නේ මේරිගේ වාරයයි…

ද රිවෙන්ජ් ප්ලොට් – The Revenge Plot

“වෙනදා වගේම එලා, එදාත් උදේම වැඩට ආවා.
ඒක එයාගෙ පුංචි කෝපිහල…ඒත් එදා එලා එනකොට එයාගෙ කෝපිහල තිබුණෙ නෑ. ඒක වහලා දාලා නෙවෙයි. හිටි හැටියෙම අතුරුදහන් වෙලා!

ඊළගට…
එලා ගෙදර යනකොට…
එයාගෙ බඩු මුට්ටු ගෙයින් එළියට දාලා. ගෙදර දොර වහලා. අගුලත් මාරු කරලා..
එලාට හැම දෙයක්ම නැති වෙලා…
නැති වෙලා නෙවෙයි, නැති කරලා… එලාගෙන් හැමදේම උදුරගෙන…

ඒත් කවුද ඒක කළේ..
ඇයි එහෙම කළේ…
එලාට ඒක අබිරහසක්….
එලාගෙ හැමදේම උදුරගෙන, එයාව පාරට ඇදලා දැම්මම කතාව එතනින් ඉවරද….?

නෑ.
ඒක තාම පටන් ගත්තා විතරයි…

ඉස්සරහට වෙන්න තියෙන දේවල් ඊටත් වඩා භයංකාරයි….

එකට එක –  The Happy Family

“මොනවද අර ෆේස්බුක් එකේ දාලා තියෙන්නෙ?”
ඒ එදා උදේම මට ආපු ඇමතුම…

මං මුහුණුපොතට ගියා…

දෙයියනේ…
මගේ නිරුවත් පින්තූරයක්…

ඒත් එක්කම තව ලින්ක් එකක්.
ඒ ලින්ක් එක අසභ්‍ය වෙබ් අඩවියක සබැදියක්… අසභ්‍ය වෙබ් අඩවියක මගේ නිරුවත් වීඩියෝවක්!

ඇත්තමයි,

මං එහෙම වීඩියෝවකට පෙනී හිටියෙ නෑ…

ඒත්…
ඒ මමමයි.

මං පුංචිම කාලෙදි මාව දාලා ගිහින්, අවුරුදු තිහකට පස්සෙ ආපහු මගේ ගාවට ආව මගේ අම්මත් එක්ක එක පවුලක් විදිහට සතුටින් ඉන්න හිතපු මට ඇයි එහෙම වුණේ?

ද ලයිෆ් සෙන්ටෙන්ස් – The Life Sentence

 

ඉස්සර මට නමක් තිබුණා.
ඒ කාලෙ මගේ නම ඇම්බර් රයන්…
ඒත් දැන් මට තියෙන්නෙ නමක් නෙවෙයි.
අංකයක්.
A6868RX…
ඔව්. මං හිරකාරියක්…
මං ජීවිතාන්තය දක්වා සිර දඩුවමකට නියමවුණ හිරකාරියක්…
මං මේ හිර දඩුවම් විදින්නෙ මම කරපු අපරාධයකට නෙවෙයි…
ඒක වෙන කවුරුවත් කරපු අපරාධයකුත් නෙවෙයි. මාව ජීවිතාන්තය දක්වා හිරගෙට නියම වුණේ කවදාවත්ම සිද්ධ වුණේ නැති අපරාධයකට…
මං නිර්දෝෂියි කියලා ඔප්පු කරන්න මගේ හොදම යෙහෙළිය හෙදර්ට..
මං වෙනුවෙන් ඒ අපායට… ඒ අන්ධකාරයට ආපහු යන්න සිද්ධ වුණා….

– – – – – – – –  – – –  – –  – –  – –  – – –  – – –  — – – –  – – – –

පොත් සාප්පුවකදි ඔයාගෙ මුළු ජීවිතේම වෙනස් වෙයි කියලා ඔයා හිතන්නෙ නෑ නේද?
පොත් කියන්නෙ මේ ලෝකෙ තියෙන හොදම දේවල් වලින් එකක්නෙ. ඉතින් සමහරවිට, පොත් කියවන එකෙන් නම් ජීවිතේ වෙනස් වෙන්න පුළුවන්.

ඒත් ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්නෙ.

මං මේ කියන්නෙ, ඔයා පොත් සාප්පුවක, ඔයාගෙ ප්‍රියතම කතුවරුන්ගෙන් කෙනෙකුගෙ කතාවකට ඇහුම්කන් දිදී ඉන්න වෙලාවෙදි,

ඔයාගෙ එහාපැත්තෙ ඉදගෙන හිටපු ආගන්තුකයෙක් ඔයාගෙ ජීවිතේට බෝම්බයක් ගහයි කියලා කවුද හිතන්නෙ? ඒ බෝම්බෙන් ඔයාගෙ ආරක්ෂිත පුංචි ලෝකෙ කෑලි කෑලි වලට කැඩිලා යයි කියලා කවුද හිතන්නෙ?

එහෙම කෙනෙක් ඔයාගෙ අත්බෑග් එක හොරකම් කරයි කියලාවත් ඔයා හිතන්නෙ නෑ නේද?

ඒත්, මං දැන් ඕනවට වැඩිය ඉස්සරහට පනිනව වගේ. ඉතින් අපි මුල ඉදන්ම කතාව පටන් ගනිමුකො.

මගේ නම හෙදර් හැරිස්. මං බටහිර ලන්ඩනයෙ, චිස්වික් වල තියෙන හරිම ලස්සන සාප්පුවක, පොත් වෙළදාම් කරන කෙනෙක්.

ඒත් අද බදාදා දවසක්නෙ. අද මගේ නිවාඩු දවස් වලින් එකක්. ඉතින් මං උමං දුම්රියෙ නැගලා, තේම්ස් ගග පහුකරගෙන, හැතැම්ම කීපයක් දුරින් තියෙන රිච්මන්ඩ් වලට ආවා.

අවුරුදු ගාණක ඉදන්, මං අපරාධ සම්බන්ධ නවකතා ලියන ලිඩියා කෝර්නිෂ්ගෙ රසිකාවියක්නෙ. ඉතින් “Words on the Street“ සාප්පුවෙදි එයාගෙ කතාවක් පැවැත්වෙන බවත්, එතනදි එයා පොත් වල සමරු සටහන් තියන බවත් මට දැනගන්න ලැබුණා.

ඒක හයිස්ට්‍රීට් වල තියෙන විශාල පොත් සාප්පුවක්. මට ඒක මගඇරෙන්න දෙන්න පුළුවන්කමක් නැති බව මං දැනගෙන හිටියා.

මට නිවාඩු තියෙන දවසකට මෙහෙම දෙයක් තිබුණොත් මං අනිවාර්යෙන්ම ඒකට යනවාමයි.

“ඒක නම් ඕනවට වැඩි බැදීමක්“ කියලා මගේ යාළුවො ඇස් කරකවලා, මට නෑහෙන ගාණට කතාවෙන බව මං දන්නව.

Original price was: රු10,600.00.Current price is: රු8,480.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
ජැකී කබ්ලර් පොත් කට්ටලය - JACKIE KABLER BOOK PACK
You're viewing: ජැකී කබ්ලර් පොත් කට්ටලය – JACKIE KABLER BOOK PACK Original price was: රු10,600.00.Current price is: රු8,480.00.
Add to cart
Shopping cart close