වියරු ඝාතක + බිරිඳ මගේ ඇය වාසි පැක් – Wiyaru Gathaka + Birida Mage Aya Wasi Pack

ISBN – වියරු ඝාතක + බිරිඳ මගේ ඇය වාසි පැක් 

වියරු ඝාතක – Wiyaru Gathaka – Look Behind You

කිසිවෙකු විසින් පැහැරගෙන විත් අත් පා බැඳ දමා පොළොව යට වූ සොහොන් ගෙයක් තුළ දමා ගොස් තිබූ ක්ලෝයී බෙන්සන් තමන් කොයි මොහොතක කුමන ආකාරයකින් මෙතැනට ගෙනත් දැමුවාදැයි හාංකවිසියකවත් මතකයක් නොමැතිවම නින්දෙන් ඇහැරුණය.

ඇය තම දිවි බේරාගෙන පාළු වනාන්තරය මැද්දෙහි වූ සොහොන් ගෙයින් පලා ඒමට සමත් වූවත්, කිසිවෙකුත් ඇයගේ කතාව විශ්වාස කළේ නැත.

එක් අවස්ථාවකදී ඇය සිත තුළ ඉපදුන සැකයක් නිසා මේ සැඟව ගිය සත්‍යය සොයා, තම ජීවිතය ආරක්ෂා කර ගැනීමට නම් ඒ වෙනුවෙන් ඇති එකම මාර්ගය වූයේ ඇයට අමතකව ගිය අතීතය සිතට මහත් වද දී නැවත මතක් කරගත් ඇය, පෙර ගිය ගමන් මග ඔස්සේම නැවත වතාවක් ගමන් කළාය.

නමුත්, සත්‍ය වශයෙන්ම ක්ලෝයී ව ලුහුබඳින්නේ කවුරුන් ද?

ආපසු හැරී ඔබගේ ගමන් මග දෙස බලන්න. ඔබව ලුහුබඳිමින් පැමිණෙන්නේ කවරෙකුදැයි ඔබට කෙදිනකවත්  සිතා ගැනීමට නම් නොහැකි වේවි.


බිරිද මගේ ඇය – My Lovely Wife – Birinda Mage Aya

මම පිටුපස නොබලාම ප්‍රධාන දොර වෙතට ගමන් කළෙමි.
“ඔයා ඇත්තටම බීරි ද?”
ඇය මගේ පිටුපසින් හිඳ මහ හයියෙන් කෑ ගෑවාය.
මට ඇයව හොඳින් ඇසුනි, ඒ මම කිසිසේත්ම බිහිරෙකු නොවන නිසාය.
මම කිසිවක් නොවූ ලෙසට ඉදිරියට පා තැබුවෙමි.

බිහිරෙකු ලෙස රඟපෑමට තරම් ඒ මිනිසාට ඇති අවශ්‍යතාව කුමක්ද? ඔහු වූ කලී රූමත් මෙන්ම ඉතා දක්ෂ කාන්තාවක් සමග විවාපත් දරුවන් දෙදෙනුකුගේ පියෙකි. දිවා කාළයේදී ටෙනිස් පුහුණු කරුවකු ලෙස ඔහු ක්‍රියා කරන අතර ඔහුගේ බිරිඳ දේපොළ වෙළඳාම් නියෝජිතවරියකි. අවට ලෝකයාට ඔවුන් අතිශයින්ම සාමාන්‍ය මධ්‍යයම ප්‍රාන්තික පවුලකි. එනමුත්… රාත්‍රී කාළයේදී ඔහු බිහිරෙකුගේ වෙස් ගෙන පිටස්තර කාන්තාවන් සමග හාද වන්නේ හුදෙක්ම විනෝදය තකා යැයි ඔබට සිතෙනු ඇත. ඔහුගේ ආදරණීය බිරිඳ මේ පිළිබඳව දැනුවත් ද? එසේ නම් ඔවුන් ගේ සැබෑම අරමුණ කුමක් ද?

මෙය එක් පොදු අරමුණක් වෙනුවෙන් සිදුවන යමක් නම්, එය සැබවින්ම පොදු අරමුණක් ද? නැතිනම් එය කොතැනකදී හෝ අත් වැරදීමක් නිසා හෝ එක් අයකුගේ තනි අරමුණක් බවටම පමණක් පත් වේද?

කොතරම් සාපරාධී ගණයේ ක්‍රියා වල නිරත වූවත් බිරිඳ යනු බිරිඳමය!

Original price was: රු4,650.00.Current price is: රු3,750.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
වියරු ඝාතක + බිරිඳ මගේ ඇය වාසි පැක් - Wiyaru Gathaka + Birida Mage Aya Wasi Pack
You're viewing: වියරු ඝාතක + බිරිඳ මගේ ඇය වාසි පැක් – Wiyaru Gathaka + Birida Mage Aya Wasi Pack Original price was: රු4,650.00.Current price is: රු3,750.00.
Add to cart
Shopping cart close