අදු (අංජන දුෂ්‍යන්ත) පොත් කට්ටලය – Adhu Book Pack

 

ද ලාස්ට් මිශන් – The Last Mission

පටු අරමුණු වෙනුවෙන් සිවිල් ජනතාව කුපිත කරවන කළු චරිත බොහොමයක් අප සමාජයේ සුදු චරිත සේ ජීවත් වෙති.. නමුත් ඔවුන් රහසිගත සැලසුම් කරමින් දරන්නා වු එකී උත්සාහයන් ව්‍යාර්ථ කිරීමට උත්සහා දරන රාජ්‍ය නිලධාරීන් තවමත් අපගේ මව්බිම තුළ සිටීම සිවිල් ජනතාවගේ මනසට යම් අස්වැසිල්ලක් ගෙන දෙන කාරණාවකි..

අම්පාර ප්‍රදේශයේ සිදුවන පුංචි ඉඩම් ප්‍රශ්නයක්, ජාතිවාදි අරගලයක් තෙක් වර්ධනය කිරීමට එවැන් කූට අදහස් ඇති පුද්ගලයන් දරන උත්සාහය, ප්‍රධාන පොලිස් පරීක්ෂක යෂ්මන්තට ව්‍යාර්ථ කල හැකිවේද…? කිසි දිනක ප්‍රසිද්ධියට පත් කල නොහැකි මේ අභිරහස කුමක් විය හැකිද..? මෙම සිදුවීම් අනාගතයේ නැවත නැවත සිදුනොවිය හැකි බව කාට නම් කිව හැකිද..?

The Last Mission, පෞද්ගලික රහස් පරීක්ෂක යෂ්මන්ත ද සිල්වා විසින්, ඔහු සක්‍රිය පොලිස් සේවයේ රාජකාරි කරන සමයේදී විසඳු නමුත් ප්‍රසිද්ධියට පත් කල නොහැකි නිසාවෙන් ඔහුගේ සටහන් පොතක ලියා තැබු විමර්ශනයක් පිළිබඳ කතාවකි..

එන්කවුන්ටර් – ENCOUNTER 

1989 දී සිදුවුන, එකල භීෂණ සමයේදී අරගලකරුවන්ගේ ගිණුමට බැර වු උප පොලිස් පරීක්ෂකවරයෙකු⁣ගේ ඝාතනයක්.

2015 දි සිදුවන ⁣අතිශය ඛේදජනක සිදුවීමක්.

සිදුවීම් එකට යා කරන 2025 දී වු පොලිස් පරීක්ෂකවරයෙක්ගේ ඝාතන සිදුවීමක්.

වෙස් මුහුණ පැළඳි මිනිසුන්ගේ සත්‍ය යෂ්මන්ත ද සිල්වා නම් වු පෞද්ගලික රහස් පරීක්ෂකවරයාට හෙලිකිරීමට හැකිවේද..?

එතෙක් මෙතෙක් යෂ්මන්ත ද සිල්වාගේ නමින් ලිය වු දීර්ඝතම නව කතාව..’ එන්කවුන්ටර් ‘

බේකර් වීදියේ අබිරහස – The Mystery of Baker Street

“1881 වර්ෂයේ ලෝරිස්ටන් ගාර්ඩන්ස්වල සිද්ධ වුණු එනොක් ඩේ‍රබර්ගේ මරණය ගැන අහලා තියෙනවද?”
තොම්සන්ගේ නළල රැළි විය. ඔහු ඒ පිළිබඳ මතකය අවදි කරගැන්මට වෙර දරන්නට විය.

“මේක ලැබුණේ දැන්ද?”
“ඔබ එන්න මිනිත්තු කීපයකට කලින්.

දැන් මට කියන්න, ඔබ මේ තරම් බැරෑරුම් මුහුණකින් දොඩම් ඇට පහක් දිහා බලන්නේ ඇයි?”
එරික් කවරය අතේම තබාගෙන කල්පනා කරන්නට විය.

“ජෝන් ඔපෙන්ෂෝ කියන නම අහලා තියෙනවද?”
හැරින්ටන් හිස සැලුවේය.
“නැහැ. කවුද ඒ?”​

“මීට අවුරුදු කිහිපයකට කලින් ඔහුටත් මේ වගේම ලිපියක් ලැබුණා.”
හැරින්ටන් මේසය මත ඉතිරිව තිබූ දොඩම් ඇටය දෙස බැලුවේය.

“ඒකෙත් දොඩම් ඇට?”

“පහක්.”

හැරින්ටන්ගේ මුහුණේ තිබූ සැහැල්ලුව මඳින් මඳ පහව ගියේය.

Original price was: රු3,900.00.Current price is: රු3,120.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
අදු (අංජන දුෂ්‍යන්ත) පොත් කට්ටලය - Adhu Book Pack
You're viewing: අදු (අංජන දුෂ්‍යන්ත) පොත් කට්ටලය – Adhu Book Pack Original price was: රු3,900.00.Current price is: රු3,120.00.
Add to cart
Shopping cart close