අබාසාත්ති + නැනී + මැට්ටි වාසි පැක් – Abasaththi + Nanny + Matti Wasi Pack

ISBN – Abasaththi + Nanny + Matti Wasi Pack

අබාසාත්ති – AbaSaththi

“මට මැරෙන්ඩ ඇරපං මෝඩයා! ඇයි මාව ගොඩගත්තේ? එහෙනං දැන් මගේ බෙල්ල මිරිකපං!”
“උඹ මැරියං ඔය බඩේ ඉන්න එකා ඉපදුණාට පස්සෙ, මිනී නොමරා!”
“ඒ හින්දා තමා යකෝ මං මැරෙන්නේ! මට එපා ඒකා! මට එපා…! මට පිළිකුල්… මට මගේ සරුවාංගෙම පිළිකුල්…”
“නැගිටපං ඔතනින්, ගමේ මිනිස්සු වටවෙන්ඩ කලින්!”

කෙල්ල නැගිට්ටේ නෑ. පෙරළිලා හිටියා. නිකං නෙමෙයි, පොළොවේ පස් කකා.
“මට යන්ඩ දිහාක් නෑ. මට යන්ඩ දි…හ…ක් නෑ! උන් මා…ව අල්ලා ගනී. අනේ දෙයියනේ…”

කාගේ හරි බයිසිකලයක් එපිටහින් ගියා. ගෝපාල් දැක්කේ නෑ. සිරී…….ස් ගාලා සද්දේ ඇහුණා විතරයි.
ඔය මොකාහරි එකෙක් මේ හෙලුකුටු ගෑනි මෙහෙම ඉන්නවා දැක්කොත් ගෝපාල හිරෙන් මෙහා නවතින්නෑ. එච්චර නම් බැරියෑ… මේකි! මේකිට මොකක් වෙයිද?

මොකෙන් මොක වෙලා නවතීද?


“නැනී”

“තාත්තා… ඔයා ගොඩක් ගොඩක් ගොඩක් හයියයි.

ගොඩාආආආ…ක් ශක්තියයි.

ගොඩාආආආ…රියක් උසයි.

ඔයා කොහොමද මෙච්චරක් කල් ටෙලිපෝන් එක අස්සෙ හිටියෙ? ආයේ කොහොමටවත් ඒක අස්සට යන්නෑනේ…?

මට පෑනෙන් ලියන්නත් පුළුවන්. මේ… මම දැන් ලොකුයි…”

********************************************************

ඒ උනාට  ලොකු මිනිස්සු ගොඩ දෙනෙක්  තාම කුඩායි.

චෝක් පෙට්ටියෙන්, බොරු ඇඬිල්ලෙන්, අතොරක් නැති කතාවෙන්, පුටුවටකට මේසෙකට  බඩගෑමෙන්  සිඟිත්තෙක් කියන වැදගත් කතා තේරුම් ගන්න ඒ ගොල්ලොන්ට පෑනෙන් ලියූ මේ කතාව රුකුලක් වේවි!

——————————————————————————————————-

2021 රාජ්‍ය සාහිත්‍ය සම්මාන – හොදම ස්වතන්ත්‍ර යොවුන් සාහිත්‍ය කෘතිය

මැට්ටි – Matti 

මැට්ටි’ වැඩිහිටියන් අපේක්ෂා කරන රාමුකල ජයග්‍රහණ නෙලා ගන්නේ නැත. එහෙත් ඇය, ඇයගේම සුවිශේෂී වූ ජයග්‍රහණයන් භුක්ති විඳිමින් මහා වෘක්ෂයක් වෙමින් මහ පොලොව මත වැඩේ. ආර්ථික අගයන් ඉපදවීමේ පමණක් නොව ජීවිතය වින්ඳනය කිරීමේ දක්ෂතාවයද කුසලතාවයකි. දරුවන් තුල ඇති එවන් කුසලතාවයන් මොට නොකොට ඔප දැමීමට වැඩිහිටියන්ට ඇති මහත් වූ වගකීම මෙහි සියුම් ලෙස ස්පර්ශ කරයි.
වැඩිහිටියන් අපේක්ෂා කරන සාර්තකත්වයේ හා හික්මීමේ මිනුම් දඬු දරුවන් නිහඬ කරවූවද, ඔවුන්ගේ නිර්මල ඇතුලාන්තය තුල වැඩිහිටියන් සියුම් පරික්ෂාවකට ලක්වෙන අන්දම මෙහි ඉතා සරලව දරුවෙකුගේ ඇසින්ම පෙන්වා ඇත.
කුඩා දැරියක වටා ගෙතුනු හාස්‍යරසයෙන් අනූන කතාවක් වුවද මේ පොත ළමා කතාවක් නොව, දරුවන්ගේ පෞරුෂය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරවිය හැකි වැඩිහිටි දුබලකම් හා අඩුපාඩු දෙස ඇස් ඇරවීමකි.

Original price was: රු2,900.00.Current price is: රු2,300.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
අබාසාත්ති + නැනී + මැට්ටි වාසි පැක් - Abasaththi + Nanny + Matti Wasi Pack
You're viewing: අබාසාත්ති + නැනී + මැට්ටි වාසි පැක් – Abasaththi + Nanny + Matti Wasi Pack Original price was: රු2,900.00.Current price is: රු2,300.00.
Add to cart
Shopping cart close