අසහාරා – ASAHARA

ISBN – 978 624 5663 99 6

හිටපු යුධ හමුදා විශේෂ බලකා නිලධාරී, විශේෂ බුද්ධි අංශ ඒජන්ත ලුතිනන් කර්නල් රංග ජයවර්ධන, තමා යෙදී සිටින මෙහෙයුම අතරමඟ නතර කර ආපසු කැඳවන ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ විමර්ශන බියුරෝවේ අධ්‍යක්‍ෂවරයා, ඔහුට නව මෙහෙයුමක් බාරදීමට කටයුතු කිරීමත් සමඟින් ඔහු මවිතයට පත්වන්නේ, පාලු වනාන්තරයක් තුළ තිබී අහඹු ලෙස හමුවන වෙඩි වැදීමෙන් මරණයට පත් විදේශිකයෙකුගේ බවට සැකකරන මළසිරුරක් පිළිබඳ පරීක්ෂණයක් රාජ්‍ය බුද්ධි අංශය වෙත පැවරීම තරමක් අසාමාන්‍ය සිදුවීමක් නිසාවෙනි. එහෙත් රටේ මර්මස්ථාන රැසක සිතියම් අතැතිව මියගොස් සිටින එම විදේශිකයා, රටට ඇතුළු වී ඇත්තේ ව්‍යාජ හේතු දක්වමින් බව හෙළිවීමත් සමඟ ඔහු කිසියම් හෝ ත්‍රස්ත ක්‍රියාවකට සැරසුණු අයෙක්ද යන සැකය ඔහුගේ මරණය පසුපස හඹා යන රංග ප්‍රමුඛ බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම තුළ ඇතිවේ. තමා සතුව ඇති සීමිත තොරතුරු පසුපස හඹා යන ශූර බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම, තුච්ඡ පාවාදීම් සහ දැඩි අභියෝගයන් හමුවේ අවසානයේ හෙළිකර ගන්නේ අති බිහිසුණු රහසකි.

බිහිසුණු ත්‍රස්තයන්ගේ කුරිරු අරමුණු ව්‍යර්ථ කිරීමට බුද්ධි අංශ නිලධාරීන් පිරිස සමත් වේද?

නැතහොත්, අධර්මය නැවත වතාවක් ජය ගනීද?

 

2025 මැයි මස 24 වෙනිදාගෙන් පසු නිකුත් වේ

Original price was: රු2,000.00.Current price is: රු1,600.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
අසහාරා - ASAHARA
You're viewing: අසහාරා – ASAHARA Original price was: රු2,000.00.Current price is: රු1,600.00.
Add to cart
Shopping cart close