බුක්‍ රැක් නවතම පරිවර්තන – Bookrack New Translation Pack

බුක්‍ රැක් නවතම පරිවර්තන – Bookrack New Translation Pack
LIMITED TIME OFFER  – FREE DELIVERY 

මිත්‍යාදෘෂ්ටිකයාගේ නිධානය (The Heretic’s Treasure)

​සහස්‍රක ගණනාවක් සැඟව තිබූ රහසක්… ලෝකය වෙනස් කළ හැකි මාරාන්තික දෛවයකට මඟ පෑදිය හැකි තරම් බලවත් නිධානයක්!

​ඊජිප්තුවේ දැවෙන කාන්තාර වැලි තලාව අතරේ අතීතයෙන් සඟවන්නට උත්සාහ කළ පාරාවෝවරයෙකුගේ නිධානයක් දක්වා විහිදෙන, මහා පාවාදීම් සහ ලේ වැගිරීම්වල සුළි කුණාටුවකට හිටපු SAS සෙබළ බෙන් හෝප් යළිත් මැදි වේ.

වර්තමානයේදී, එම නිධානයේ රහස සෙවීමට ගිය විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු අතිශය අමානුෂික ලෙස ඝාතනය කෙරේ.

අතීතයේ බෙන්ගේ පණ බේරාගත් හමුදා සගයෙකුගේ පුත්‍රයා වන මෙම
මහාචාර්යවරයාගේ ඝාතනය ගැන සොයායාමට බාරගන්නා බෙන් හට, එම නිධානය සොයායන්නට සිදුවන්නේ අනපේක්ෂිත ලෙසිනි.

මෙම ඝාතනය පිටුපස ඇති සත්‍යය සෙවීමට බෙන් හෝප් ඉදිරිපත් වූවද,
​ඔහුට අන්තිමේ ගැටෙන්නට සිදුවෙන්නේ සාමාන්‍ය සතුරෙකු සමඟ නොවේ. ලෝක ඉතිහාසය තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීමට මාන බලන, බලගතු, අනුකම්පාවක් නැති, බෙන් හා උරින් උර ගැටිය හැකි, ත්‍රස්තවාදී නායකයෙකුට එරෙහිවය.

පැරණි සංකේත, අභිරහස් සිතියම් සහ මාරාන්තික උගුල් පසුකරමින් බෙන් හෝප්ට “මිත්‍යාදෘෂ්ටිකයාගේ නිධානය” වෙත ළඟා විය හැකිද? නැතහොත් ඉතිහාසයේ අඳුරුතම රහස ඔහුත් සමඟම වැළලී යනු ඇත්ද?
​මිථ්‍යාව සහ යථාර්ථය අතර සීමාවන් බොඳ කරන, කියවා අවසන් වනතුරුම පොත බිම තැබිය නොහැකි තරම් කුතුහලයෙන් පිරි ස්කොට් මරියානිගේ (Scott Mariani) විශිෂ්ටතම ඓතිහාසික අභිරහස් නවකතාවේ සිංහල පරිවර්තනය.

සැගවුණු මෙහෙයුම – The Shadow Project – Pre Order

විද්‍යාව සහ අද්භූත රහස් අතර සිරවුණු ලෝකයක මාරාන්තික සත්‍යය!
තත්පරයක පමාවීමක්… මුළු ලෝකයේම ඉරණම වෙනස් කරනු ඇත!
හිටපු රහස් නියෝජිතයෙකු වන බෙන් හෝප් මෙවර පැටලෙන්නේ ඔහුගේ ජීවිතයේ මුහුණ දුන් අතිශය භයානකම සහ අද්භූතම මෙහෙයුමටයි.

දෙවන ලෝක යුද්ධ සමයේ, එනම් 1944 සිට ලෝකයෙන් සඟවා තැබූ, මුළු මහත් මානව ඉතිහාසයම උඩුයටිකුරු කළ හැකි අතිශය රහසිගත ලියවිල්ලක්!
එය අත්පත් කරගැනීමට මාන බලන ‘නව-නාසි’ කල්ලියක්!
නමුත්, ඔහුගේ අතීතයේ සැඟවුණු අභිරහස් කාන්තාවකගේ හදිසි කරළියට පැමිණීමත් සමඟ, මෙම මෙහෙයුම හුදෙක් රාජකාරියක් නොව, ඔහුගේ ජීවිතයේ දරුණුතම පෞද්ගලික සටන බවට පත්වෙයි.
යුරෝපය පුරා ඇදෙන මාරාන්තික ලුහුබැඳීමක්…
සෑම තත්පරයකම මරණයේ සෙවනැලි…
ලෝකය පාලනය කිරීමට සැරසෙන ඒ දෘශ්‍යමාන නොවන සතුරා පරාජය කිරීමට බෙන් හෝප්ට හැකි වේවිද? නැතහොත් ඔහුත් එම සැඟවුණු මෙහෙයුමේම ගොදුරක් බවට පත්වේවිද?

සැගවුණු මතක – SEGAWUNU MATHAKA

එළියෙ වාහනයක් නතර වුණා. අපි මූණෙන් මූණ බලාගත්තා. අපි තුන්දෙනාගෙම ඇස් බයෙන් පිරිලා. ඩැනී නැගිටලා ජනේලය ළඟට දුවගෙන ගිහින්, තිර රෙද්ද අස්සෙන් එබිකම් කළා.
“පොලිසියෙන් ද?” මම කෙඳිරුවා.
“වෝල්ටර්. ඔයා තේ හදනවා වගේ රඟපාන්න. එයාට ඔයාගේ මූණේ ඔය පැත්ත පේන්න දෙන්න එපා. සෝෆාවෙ අඳුරුම කෙළවරේ වාඩි වෙලා අහක බලාගෙන ඉන්න….හායි, වෝල්ටර්.”
“ඔයාලා හොඳින්ද? වෙඩි සද්දයක් ඇහුණා.”
“ඔව්, ආයෙත් කබඩ්වල මීයො. මේ පාර නම් ඌව අහුවුණා.”
“ඔය ගෑණු ළමයි තුවක්කුව එක්ක පරිස්සමෙන් වැඩ කරන්න ඕන.”
“අපි පරිස්සම් වෙනවා. තාත්තා අපට උගන්නලා තියෙන්නේ.”
“ටිකකට කලින් එයාගේ ට්‍රක් එකේ සද්දේ ඇහුණා වගේ කියලා මට හිතුණා.”
“ඒ කෝට්නිව ඇරලවන්න ආපු එකක්.”
“ඔයාලගේ තාත්තා කවදාද ගෙදර එන්නේ? එයා කුලිය ගෙවන්න පරක්කුයි.”
“ඉක්මනටම එයි. අපට ඒ වෙනුවෙන් අමතර දෙයක් කරන්න පුළුවන් ද?”
“දන්නේ නෑ ඩැනී. ඔයා දන්නවා නෙ ඔයාලට දෙන්න පුළුවන් තරම් වැඩ අපි දීලා තියෙන්නේ….මොකක්ද ඒ සුවඳ?”
ෂිට්, එයාට ලේ සුවඳ දැනෙනවා ද?

 

 

 

Original price was: රු6,500.00.Current price is: රු5,200.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
බුක්‍ රැක් නවතම පරිවර්තන  - Bookrack New Translation Pack
You're viewing: බුක්‍ රැක් නවතම පරිවර්තන – Bookrack New Translation Pack Original price was: රු6,500.00.Current price is: රු5,200.00.
Add to cart
Shopping cart close