කඩොල් ඇත්තු – Kadol Aththu

ISBN – 9789556653793

ලොව මෙතෙක් බිහිවූ කaරතම සහ මිල්විඡතම ත්‍රස්තවාදී සංවිධානයක් වූ LTTE සංවිධානයට එරෙහිව වසර 30ක පිරිස කාලයක් පුරා යුද්ධයේ නිරතව සිටි ශ්‍රී ලංකා හමුදාවේ වසර 2009 මැයි මස 19 වන දින නන්දිකඩාල් කලපුවේදී එය ජයග්‍රාහීව අවසන් කිරීමට සමත් වූහ. මෙම යුද ජයග්‍රහණයේ විශාලතම කොටසට හිමිකම් ඇත්තේ අත පිටිසර ගම් දනව්වල ජීවත්වන දිලිඳු දෙමාපියනට දාව ඉපදී, නිසි කල වයස පැමිණි වහාම හමුදාවට බැදී තම රට, ජාතිය සහ අනාගත පරම්පරාව වෙනුවෙන් සටන් කළ වීරෝධාර සෙබළුන්ටය. ඔවුන් අතරින් දස දහස් ගණනක් වීරෝධාර සෙබළුන් මවිබිම වෙනුවෙන් දිවි පිදූ අතර තවත් දස දහස් ගණනක් යුද්ධයේදී දරුණු ලෙස තුවාල ලබා පූර්ණ ආබාධිත තත්වයට පත්වූහ. රට ජාතිය වෙනුවෙන් අති උතුම් යුග මෙහෙවරක යෙදුණු මෙම දේශයේ දරුවන්ට, ඔවුන් ලබා දුන් නිදහස භුක්ති විදින අපන්ගේ රට වැසියන් බොහෝ දෙනෙකුට අද අමතක වී ඇති බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. මෙම නවකතාවේ කථා නායකයා ලෙස එන නාලක ජිනසේන ඇතුලු චරිත සියල්ලක්ම මනඃකල්පිත චරිත වුවද කථා නායකයා මුහුණ දෙන පීඩාකාරී ප්‍රශ්න සියල්ලම පාහේ මෙම ආබාධිත සෙබළුන් හට අප සමාජය තුළ මුහුණ පෑමට සිදුවූ ඒවා බව සදහන් කළ යුතුය. මෙම ප්‍රශ්න මෙම නවකථාවට ඇතුළත් කිරීමෙන් කතුවරයා බලාපොරොත්තු වන්නේ පූර්ණ කාලීන ආබාධිත සෙබළුන් හට අප සමාජය තුළ අනුකම්පාවක් නොව, ගෞරවයක් ලබාදීමය.

Original price was: රු800.00.Current price is: රු750.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
කඩොල් ඇත්තු  - Kadol Aththu
You're viewing: කඩොල් ඇත්තු – Kadol Aththu Original price was: රු800.00.Current price is: රු750.00.
Add to cart
Shopping cart close