ගැබී – Gabee

ISBN – 9789556972375

මෑන්හැටන්වල ඇති තමන්ගේ දෙමාපියන්ගේ සුඛෝපභෝගී නිවසේ දෙවෙනි මහළට යන තරප්පු පේළියේ ඉහළ සැඟවී, සත් හැවිරිදි ගැබ්රියෙල්ලා නිවසේ පවත්වන සාදයට එන අමුත්තන් දෙස හොරෙන් බලා සිටින්නීය. අම්මාගේ අඩි උස සපත්තුවලින් නැෙඟන ක්ලික්, ක්ලික්, ක්ලික් ශබ්දය ඇසෙද්දී ඇගේ හදවත බියෙන් වෙළෙන්නේය. ඇගේ ලෝකය බිය, ද්‍රෝහිකම හා වේදනාවේ මිශ‍්‍රණයකි. තමන්ට සැඟවෙන්න පුළුවන් ආරක්ෂාව සහිත කිසිම තැනක් නැහැ කියා ඇය දන්නීය.

ඇගේ දෙමාපියන්ගේ විවාහය බිඳ වැටෙද්දී ඇගේ අම්මා ගැබ්රියෙල්ලා, කන්‍යාරාමයක දමා යන්නීය. කන්‍යාරාමයේ ආරක්ෂාව හා කන්‍යා සොයුරියන්ගේ නිහඬ පිළිවෙත් මැද්දේ පහර කෑමෙන් හෙම්බත් වුණු ගැබ්රියෙල්ලාගේ සිරුර හා මනස සුවපත් වෙන්න පටන් ගනියි. ගැබ්රියෙල්ලා තරුණියක් වුණු පසු තරුණ ෆාදර් ජෝ කොනර්ස් ඇගේ ජීවිතයට එන්නේය. ගැබ්රියෙල්ලා මෙන්ම ජෝ ද ළමා කාලයේ වේදනාවලින් පීඩා විඳින්නෙකි. ඇයත් සමග ඔහු සුවපත් වීමේ මාර්ගයට අවතීර්ණ වෙන්නේය. නමුත් ජෝට තමන්ගේ දේවගැතිකම හා ගැබ්රියෙල්ලා අතරින් එකක් තෝරා ගැනීමට සිදු වෙන නිසා ඔවුන්ගේ බැඳීම විනාශකාරී තත්ත්වයකට මුහුණ දෙන්නේය. ඇය තමන්ගේ ලිවීමේ හැකියාව යොදා ගනිමින්, අවසානයේ තමාටම සමාව දෙන්න, වරදකාරී බවෙන් නිදහස් වෙන්න හා සිත සුවපත් කර ගන්න හැකි වෙනතුරු තනියම නිව් යෝක් නගරයේ දිවි රැක ගන්න උත්සාහ කරන්නීය.

Original price was: රු1,800.00.Current price is: රු1,440.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
ගැබී - Gabee
You're viewing: ගැබී – Gabee Original price was: රු1,800.00.Current price is: රු1,440.00.
Add to cart
Shopping cart close