දහස් ගව් දුර – Dahas Gaw Dura

ISBN – 978955

මුරසෙබළු පැමිණියහ. ඔවුන් දොර විවර කරන විටම, මළමිණී වලින් දෙකක් ඉවතට පෙරලී ගියේය. රුසියානුවන් පුදුමයට පත් වූයේ නැත. ඔවුහු කිසි ගණනකට නැතිව වෙනදා පුරුදු වාක්‍යය කියා කෑ ගැසූහ.
“මැරිච්ච අය එළියට දාන්ඩ.! හිම එකතු කරන්ඩ එක්කෙනෙක් එන්ඩ.! අර්තාපල් බාල්දිය ගන්ඩ තවත් එක්කෙනෙක් එන්ඩ.!”
මුුර සෙබලා සිරකරුවන් පෝලිමේ හිද අල්ලාගෙන උන් බාල්දි යාන්තමින් ඇද, එතුලට අර්තාපල් අල කිහිපයක් විසි කලේ ඒවායිින් කොටසක් රේල්පාරට වැටෙන පරිද්දෙනි. ෆොරෙල්ට යකා නැග්ගේය.
“තියාගනියව් තොපේ කෙහෙම්මල.!”
දුම්රිය මැදිරිය තුළ උන් හෙම්බත් වූ මිනිස්සු, හාමතින් හා වෙහෙසින් නොපැහැදිලි වූ මනැස් වෙහෙසවමින් මේ සිදුවෙන්නේ කුමක්දැයි තේරුම් ගන්නට උත්සාහ කළහ. ෆොරෙල් සහ ඔහුගේ දඩබ්බරකම් ගැන ඔවුන් තුල මේ දක්වාම පැහැදීමක් තිබුණේ නැත. ඉන්පසු ලීිබ්‍රෙච්ට් කෝච්චි පෙට්ටියෙන් පහලට පැන්නේය. ඔහුගේ සුපුරුදු ආචාරශීලී බවෙන් යුතුව මුරසෙබලාට කතා කළේය.
“කරුණාකරල ඔය අර්තාපල් ටික ඔහොමම තියන්ඩ. ඊට පස්සෙ ප්‍රවාහන නිලධාරියාට කියන්ඩ අපිට එයත් එක්ක කතා කරන්ඩ ඕන කියලා..”
මින් පෙර උන් කිසිම සිරකරුවෙකු, කිසිදිනක එවන් ඉල්ලීමක් කර නැති බව පෙනිණ.. මුරසෙබලා මදකට පසුබෑවේය. ඉන්පසු දෙවන ලුතිනන් වරයාම ඒ ප්‍රශ්නය විසදන්නට එතැන පෙනී උන්නේය.
“මොකක්ද ප්‍රශ්නෙ.?” ඔහු පැහැදිලි ජර්මන් බසිින් ඇසුවේය.
ලීීබ්‍රෙච්ට් දුුටවේ ප්‍රසන්න, එහෙත් උදාසීන මුහුණකි.
“මිනිස්සුන්ට සාධාරණව කෑම ටිකක් දෙන්ඩ.. එ්ගොල්ලො හාමත් වෙලා ඉන්නෙ..”
“කැරලි ගහන්ඩද යන්නෙ.?”
“”නෑ. සමාරා වලදි, එන්ජින් පෙට්ටියයි, ගාඩ් පෙට්ටියයි මැද එක පෙට්ටියක කෑම ජාති පුරවලා තිබ්බා. ඕගොල්ලන්ට තිබ්බා ඕගොල්ලන්ගෙ හිරකාරයින්ටත් දවසගාණෙ හරියකට කෑම සලාකයක් දෙන්ඩ… මේ බාගෙට කුණුවෙච්ච අර්තාපල් කන්ඩ දෙනව වෙනුවට..”
“මොනවද තමුසේ දැන් කියන්නෙ.?”
“ඒ කෝච්චි පෙට්ටියෙන් එකක් කෑම පුුරවලා තිබ්බා. දැන් ඒක හිස්..’
නිලධාරියා බියකරු හීන් හිනාවක් පෑවේය. “නගිනවා කෝච්චියට.!” ඔහු අණ කලේය.
ලීීබ්‍රෙච්ට් ආපසු දුම්රිය මැදිරියට ගොඩ වූයේය. මුුළු දුම්රියේම උන් මිනිසුන් අතර විරෝධතාවයේ ගිනි දැල්ලක් ඇවිලී ගියේය. බොහෝ අය තමන්ගේ අර්තාපල් රේල් පාරට විසි කළහ. ඉන්පසු දුම්රිය මැදිරි ඇතුලත සිටින අයට ඇසෙන්නට වූයේ මුර සෙබලුන් දුම්රිය මැදිරියෙන් මැදිරියට යමින් ඒවායේ දොරවල් වසමින් අගුළු ලන හඩය. අටවෙනි මැදිරියද එසේ අගුලු දැමිණ. දොර වැසී සියල්ල අන්ධකාරයේ ගිලුණු පසුව සිරකරුවන්ගේ සිත් තුළට බිය කාන්දු වෙන්නට පටන් ගත්තේය.
———————————————–

පෙනෙන තෙක් මානයට ඇත්තේ සයිබීරියානු මුඩුබිම් පමණකි. දෑස් නිලංකාර කරවන සුදුපාට හිම පමණකි.
කිසිම මග සලකුණක්, මිනිස් වාසයක්, ගහක් කොළක් නැති ඒ හිම කාන්තාරයට ඔහු පිවිසෙන්නේ යලිත් තමන්ගේ රටට යාමේ උමතු බලාපොරොත්තුවක් ඇතිවය.
රුසියානු සෙබලුන්ට හසුවුවහොත් දඩුවම මරණයය. හිමේ සැරිසරණා වෘකයින්ට අසු වුවහොත් ඉරණම මරණයය. කුසගින්න, සීතල, හුදෙකලාව.. හැම අතින්ම මරණය බලා සිටිද්දී, නොනැවතී ඉදිරියට යන්නට, එක් තනි මිනිසෙකුගේ තිබුණු ඒ ධෛර්යය ඇදහිය නොහැකි තරම්ය.
ජර්මානු සෙබලෙකු වූ ෆොරෙල් ක්ලෙමෙන්ස්, රුසියානුවන්ගේ අත්අඩංගුවට පත්ව, අවුරුදු විසිපහක වහල් සිරදඩුවමකට යටත්ව, අන්ධකාර ඊයම් පතලක ගත කරන අවුරුදු කිහිපයත්…
ඉන් පසුව ඔහු නිදහස සොයමින්, සැතපුම් අටදහසක් දුර, අවුරුදු තුනක් තිස්සේ ආ ගමන.. එය විශ්වාස කරන්නට නොහැකි තරම් විශ්මිත ගමනකි.
———————————————————-

පිටපත් මිලියන දොලහක් අලෙවි වූ, වසර හතලිහක් තිස්සේ සාර්ථක අලෙවි වාර්තා තැබූ, ලොව පුරා භාෂා 15 කට පරිවර්තනය වූ මේ කෘතිය දෙවන ලෝක යුධ සමයේදී සිදුවුණු සත්‍ය කතාවක් ඇසුරෙන් ලියන ලද්දකි.

Original price was: රු750.00.Current price is: රු675.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close