කොරියැන්ඩර් – I Coriander

ISBN – 9789556971439

එංගලන්තයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ එකම දියණිය වන ඇය 1649 වර්ෂයේ, එංගලන්තයේ පැවැති සිවිල් යුද්ධයට පෙර තේම්ස් නදිය අසල සුන්දර නිවහනක දෙමවුපියන් සමඟ ඉතා සාමකාමී ජීවිතයක් ගෙවන කෙළිලොල් දැරියකි. ඇයගේ ජීවිතය අද්භූත සිද්ධි දාමයකින් වෙලී යන්නට පටන් ගන්නේ අභිරහස් ලෙස ලැබෙන රිදී පාවහන් යුවල පැලඳීමෙන් පසුය. ඇයගේ මව වන සුන්දර එලිනෝර් අද්භූත ලෙස අසනීප වී අකල් මරණයකට පත් වේ. ඇයගේ පියා තෝමස් හොබී, පළමුවන චාර්ල්ස් රජුට පක්ෂපාතීත්වය දැක්වූ අයෙක් බැවින් ඔලිවර් ක්‍රොම්වෙල් ට හිතැති පියුරිටන් වරුන්ගේ ගැහැටවලට ලක්වේ. රාජ සන්තක වන්නට යන දේපළ රැුකගැනීම උදෙසා පියුරිටන් වැන්දඹුවක් හා විවාහ වන තෝමස් හොබී ගේ ජීවිතය වෙනස් වන ආකාරය සහ කොරියැන්ඩර් ට විඳින්නට සිදුවන ගැහැට මෙහි විස්තර වන්නේ, එංගලන්තයේ එවකට සිදුවෙමින් පැවති සමාජීය සහ ආගමික විපර්යාසයන් පසුබිම කරගෙනය. කොරියැන්ඩර්, ඇය නොහඳුනන ලොවකට යාම, එහිදී ඇයට ටයිකෝ කුමරු හමුවීම, ඇය ටයිකෝ කුමරු සමඟ ආදරයෙන් බැඳීම යන උපකල්පන ද මුසු කරගනිමින් නිමවෙන අපූරු ප‍්‍රබන්ධයකි ‘‘කොරියැන්ඩර්‘‘.

Original price was: රු650.00.Current price is: රු520.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close