අස්ථි නගරය – CITY OF BONES

ISBN – 9789553727565

පහළොස් හැවිරිදි ක්ලැරී ෆ්‍රේට නිව්යෝර්ක් නගරයේ පැන්ඩමෝනියම් ක්ලබ් නම් රාත්‍රී සමාජශාලාවේ විනෝද වෙමින් සිටියදී ඇය බලාපොරොත්තු නොවූ අවස්ථාවක, සිරුරේ අමුතු පච්ච කොටා ගත් යෞවනයන් තිදෙනෙකු විසින් අමුතු ආයුධවලින් සන්නද්ධව සිදු කරන ලද මිනීමැරුමක් දැකගන්නට ලැබේ…

මොහොතක ඇවෑමෙන් මළ සිරුර වාෂ්ප වූවාක් බඳුව නොපෙනී යයි.

මිනීමරුවන් අන් කිසිවකුටවත් නොපෙනීමත් පිරිමි ළමයකු මියගොස් ඇති බව පෙන්වීමට අඩුම තරමින් ලේ ගන්ධයක්වත් නොමැති විමත් නිසා පොලිසියට මේ ගැන දැනුම් දීගත නොහී ක්ලැරී අසරණ වන්නී ය.

සැබවින්ම මිය ගියේ පිරිමි ළමයෙක් ද ?

යක්ෂයන් පොළොවෙන් පලවා හැරීමට කැප වූ රණශූරයන් වන සේයා දඩයක්කරුවන්ගේ සහ ක්ලැරීගේ පළමු හමුව සිදුවන්නේ මෙයාකාරයෙනි. මදක් දේවදූතයෙකු මෙන් ද ඊටත් වැඩියෙන් කරදරකාරයකු මෙන් ද පෙනෙන සේයා දඩයක්කරුවකු වන ජේස්, ඇය හමු වූ පළමු අවස්ථාව ද මෙය යි.

පැය විසිහතරක් වැනි කාලයක් ඇතුළත ක්ලැරීගේ මව අතුරුදහන් වීම, කැලැරී, ජේස්ගේ ලෝකයට ඇද ගෙන යාම, ක්ලැරී යක්ෂයකුගේ ප්‍රහාරයකට ගොදුරු වීම ආදී සිදුවීම් රාශියක් සිදුවන්නට වන්නේ ය.

ක්ලැරී සහ ඇගේ මව වැනි සාමාන්‍ය ලෞකිකයන් ගැන යක්ෂයන්ගේ අවධානය යොමු වන්නේ මන්ද?

හදිසියේම ක්ලැරීට අනෙක් සාමාන්‍ය ලෞකික මිනිසුන්ට නොපෙනන දෑ පෙනෙන්නට හේතුව කුමක් ද?

Original price was: රු1,400.00.Current price is: රු1,260.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close