ගෝලියත් අසිපත – Goliyath Asipatha

ISBN – 9786245865154

පෙබරවාරි 4 වෙනිදාගෙන් පසු බෙදා හැරේ

“සාගර පතුලේ සැඟවුණු නිධානයක්. බයිබලයේ සදහන් වන ඉපැරණි වස්තුවක්. මානව වර්ගයාගේ ඉතිහාසය දක්වා දිගු ඉතිහාසයක් සහිත අබිරහසක් . 1829 ජනවාරි 25 වැනිදා ඉන්දුනීසියානු වෙරළාසන්නයේදි ඩොරාඩෝ නම් පෘතුගීසි රුවල් නැව මුහුදුබත් වන්නේ ශුද්ධවූ දේශයේ සිට රැගෙන එමින් තිබු අමිල පුරාවස්තු සමුදායක්ද සමඟය. මේ පුරාවස්තු අතර මානව ඉතිහාසය දෙදරුම් කැවිය හැකි සුවිශේෂී පුරාවස්තුවක්ද විය. ඒ නිසාදෝ මේ පුරාවස්තු ගවේෂණය කිසියම් අදිසි හස්තයක් විසින් වලක්වනු ලබයි
ඩොරාඩෝ පුරාවස්තු ගවේෂණය කළ කේලින් මැක්ස්වෙල් ගේ පියා අබිරහස් ලෙස ඝාතනය වෙයි. ඉනික්බිති ඇය පුරාවස්තු ගවේෂකයෙකු සහ හිටපු සීල් බලකායේ භටයකු වූ ඩේන් මැඩොක් සහ ඔහුගේ සහායකයා වන ඌරියා බෝන්බ්‍රේක් හා එක්ව පියා නතර කළ තැනින්. ඩොරාඩෝ ගවේෂණය නැවත ආරම්භ කරයී. අසීරු සහ මාරාන්තික අත්දැකීම් සමුදායකට පසුව ඔවුන් ආන්දෝලනාත්මක ගෝලියත් අසිපත සොයාගනිති. මෙය බයිබල් පුරාවෘත්තයට සම්බන්ධ ගෝලියත් නම් පිලිස්තියානු යෝධයාගේ අසිපතයි.
ගෝලියත් අසිපත මගින් බයිබල් පුරාවෘත්තයක් ජීවමානව සනාථ කිරීමේ අවස්තාව ලැබී තිබුණත් පල්ලිය ක්‍රියාකලේ ඒ සත්‍යය යටපත් කරන්නටයි. එසේ වූයේ මක්නිසාද ?
ගෝලියත් අසිපත හා සබැඳි විශ්මිත පසුබිමක් තිබිණි. ඒ පසුබිමින් අනාවරණය වන්නේ පල්ලියේ ඉගැන්වීම් වල මූලික හරය දෙදරුම් කන ආකාරයේ කරුණක්ද…..?

Original price was: රු950.00.Current price is: රු760.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
ගෝලියත් අසිපත - Goliyath Asipatha
You're viewing: ගෝලියත් අසිපත – Goliyath Asipatha Original price was: රු950.00.Current price is: රු760.00.
Add to cart
Shopping cart close