Imesh Madusanya Yapa Book Pack –

Imesh Madusanya Yapa Book Pack –

ඇලෙක්සැන්ඩර් කේතය – The Alexander Cipher 

මහා ඇලෙක්සැන්ඩර්…
මානව ඉතිහාසයේ සඳහන් වන වඩාත්ම අබිරහස් සහ රණකාමී රජු මහා ඇලෙක්සැන්ඩර් ය. ඉපැරැණි ලෝකයේ පුදුමයක් ලෙසින් සැලකෙන ඔහුගේ සොහොන් ගැබ, බොහෝ කාලයක් පුරාවට, සදාකාලයටම අතුරුදහන් වී ඇති බවක් පෙනෙන්නට තිබුණි. නමුත්, ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ හෝටලයක ඉදිකිරීම් කටයුතුවල නිරත වෙමින් සිටින කණ්ඩායමක් නොදැනුවත්වම ඉපැරැණි භූගත සුසානාගාරයක ද්වාරය විවර කිරීමත් සමඟින්ම, එම සර්වකාලීන මහා නිධානය, එනම් මහා ඇලෙක්සැන්ඩර්ගේ දේහය සොයාගැනීම වෙනුවෙන් වූ මාරාන්තික තරගයක් ආරම්භ වේ.
ඩැනියෙල් නොක්ස් යනු සමාජයෙන් පිටමං වී වෙනස්ම රැකියාවක නිරත වෙමින් සිටින අමෙරිකානු ජාතික ඊජිප්තු පුරාවිද්‍යාඥයෙකි. අහඹු සිදුවීම් දාමයක් සමඟින් ගිනිගෙන දැවෙන ඊජිප්තු වැලි කතර ඔස්සේ මහා ඇලෙක්සැන්ඩර් සහ ඔහුගේ සොහොන් ගැබ සොයා යෑමට පෙළැඹෙන ඔහුගේ එම දැඩි ආශාව, අවසානයේ ඔහුගේම විනාශයට හේතුව විය හැක. දාමරික නාවුක ව්‍යාපාරිකයෙකු වන හසන් අල්-අස්යුතිගේ ග්‍රහණයෙන් මිදී පලා යමින් සිටින ඔහුට තම ජීවිතය රැකගැනීමට ඇති එකම මඟ මෙම තරගයෙන් ජයග්‍රහණය කිරීම පමණි. කෙසේ වුවද, මෙම සුසානය පසුපස තවත් පිරිසක්ද හඹා එති; ඔවුහුද එය සොයා ගැනීම වෙනුවෙන් ඕනෑම අපරාධයක් කිරීමට වුවද පසුබට නොවන පිරිසකි. මෙම මාරාන්තික තරඟයෙන් ජයගනු ඇත්තේ කවරෙක්ද?
අවසානයේ ශතවර්ෂ ගණනාවක් ලොවෙන් වසන්ව තිබූ මහා අධිරාජ්‍යයාගේ සොහොන් ගැබ ලොව හමුවේ නිරාවරණය වේද?

ජුරාසික් පාක් – JURASSIC PARK

https://www.facebook.com/share/p/16FUYVtYgB/?mibextid=wwXIfr

කෘතිය පිළිබඳ කෙටියෙන්

ප්‍රධාන ගොඩබිමෙන් ඈත අත්ලන්තික් සාගරය මධ්‍යයේ පිහිටි, වනාන්තරයෙන් වැසුණු හුදෙකලා දිවයිනක ජාන ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරනු ලැබූ ඩයිනොසෝර සත්වෝද්‍යානයක්.

ඩයිනොසෝර DNA නැවත ලබාගෙන ක්ලෝනකරණය කිරීමෙන් එම සත්වයින් ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව සහිත, ඔවුන් විසින් සොයාගන්නා ලද ඇදහිය නොහැකි තාක්ෂණයක්.

එමඟින් මානව වර්ගයා දුටු වඩාත්ම ත්‍රාසජනක සිහිනයක් සැබෑ කරමින්, මානව ඉතිහාසයේ පෘථිවිය දුටු පළමු ඩයිනොසෝරයා මිහිමත බිහිවේ.

නමුත් මෙම සිහිනයේ ඇති වඩාත් බියකරු පැතිකඩ විද්‍යාමාන කරමින් බිහිසුණු ව්‍යසනයක් සමඟින් උද්‍යානයේ ආරක්ෂක පද්ධතිය බිඳ වැටීමෙන් පසුව, එහි සිටින විද්‍යාඥයින්ට සහ සංචාරකයින්ට සිදුවන්නේ, තම දිවි ගලවා ගැනීම සඳහා සටන් වැදීමටයි…

අසහාරා – ASAHARA

හිටපු යුධ හමුදා විශේෂ බලකා නිලධාරී, විශේෂ බුද්ධි අංශ ඒජන්ත ලුතිනන් කර්නල් රංග ජයවර්ධන, තමා යෙදී සිටින මෙහෙයුම අතරමඟ නතර කර ආපසු කැඳවන ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ විමර්ශන බියුරෝවේ අධ්‍යක්‍ෂවරයා, ඔහුට නව මෙහෙයුමක් බාරදීමට කටයුතු කිරීමත් සමඟින් ඔහු මවිතයට පත්වන්නේ, පාලු වනාන්තරයක් තුළ තිබී අහඹු ලෙස හමුවන වෙඩි වැදීමෙන් මරණයට පත් විදේශිකයෙකුගේ බවට සැකකරන මළසිරුරක් පිළිබඳ පරීක්ෂණයක් රාජ්‍ය බුද්ධි අංශය වෙත පැවරීම තරමක් අසාමාන්‍ය සිදුවීමක් නිසාවෙනි. එහෙත් රටේ මර්මස්ථාන රැසක සිතියම් අතැතිව මියගොස් සිටින එම විදේශිකයා, රටට ඇතුළු වී ඇත්තේ ව්‍යාජ හේතු දක්වමින් බව හෙළිවීමත් සමඟ ඔහු කිසියම් හෝ ත්‍රස්ත ක්‍රියාවකට සැරසුණු අයෙක්ද යන සැකය ඔහුගේ මරණය පසුපස හඹා යන රංග ප්‍රමුඛ බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම තුළ ඇතිවේ. තමා සතුව ඇති සීමිත තොරතුරු පසුපස හඹා යන ශූර බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම, තුච්ඡ පාවාදීම් සහ දැඩි අභියෝගයන් හමුවේ අවසානයේ හෙළිකර ගන්නේ අති බිහිසුණු රහසකි.

බිහිසුණු ත්‍රස්තයන්ගේ කුරිරු අරමුණු ව්‍යර්ථ කිරීමට බුද්ධි අංශ නිලධාරීන් පිරිස සමත් වේද?

නැතහොත්, අධර්මය නැවත වතාවක් ජය ගනීද?

Original price was: රු6,750.00.Current price is: රු5,400.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
Imesh Madusanya Yapa Book Pack -
You're viewing: Imesh Madusanya Yapa Book Pack – Original price was: රු6,750.00.Current price is: රු5,400.00.
Add to cart
Shopping cart close