පිටුවහල් සිත්තරි – Pituwahal siththari

ISBN – 9789556912708

එදා රෑ උන් හදිසියේම අපේ ගෙදරටත් ආවා. ඇදගෙන හිටපු ඇදුම පිටින්ම උන් අපිව අපේ ගෙදරින් ඇදගෙන ආවා. කිසිම වරදක් නොකරපු අපිව හොරු සහ ගණිකාවෝ විදිහට ලේබල් ගහලා අපේ ගෙවල් වලින් අපේ අයගෙන් අපේ රටෙන් ගොඩක් ඇතට අරගෙන ආවා. 

අපේ ජිවිත සදහටම වෙනස් උනා.  අපේ විතරක් නෙමේ තවත් මිනිස්සු සිය දහස් ගණනකගේ ජිවිත වෙනස් උනා. ලෝකය අපි ගැන දැනගෙන හිටියේ නෑ. මුළු ලෝකයටම අපිව අමතක උනා. ලෝකයට රහසින් අපේ රටවල් ලෝක සිතියමිනුත් මැකිලා ගියා. 

එත් තවමත් ….

අපේ කතාව ලෝකයට කියන්න අවසර නෑ

ඒ නිසාම , අනන්ත දුක් විදපු අපේ මිනිස්සු වෙනුවෙන් අපේ ජාතිය වෙනුවෙන් අපේ රටවල් වෙනුවෙන් තරුණ දුවෙකුට කරන්න පුළුවන් උපරිම යුතුකම මම කළා. මුළු ලෝකයෙන්ම වසන් කරපු අපේ කටහඩවල් මං අකුරු පේලි මැද්දේ .. චිත්‍ර වල රේඛා ඇතුලේ හැංගුවා. ඒ සටහන් අපේ මව්බිමේ පස් ඇතුලේ හැංගුවා. මේ සටහන්.. 

ඔබේ හුස්ම මොහොතකට නවතාවි. ඇස් දෙක කදුලින් තෙත් කරාවි. එත් කියවන්න 

මම නවතින්නම්.

දැන් ඔබේ වාරය. මේ කතාව කාට හරි කියන්න.

මං

ලීනා.. පිටුවහල් සිත්තරි. 

Original price was: රු730.00.Current price is: රු584.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close