හන්තානේ කතාව – Hanthane Kathawa

ISBN – 

අපේ ගෙවල් තිබුනේ නුවර හන්තානේ. හන්තාන ස්කීම් එකේ. ඒක ලස්සන නිවාස යෝජනා ක්‍රමයක්. ඒ දවස්වල මම උසස් පෙළ කරලා ගෙදර උන්නේ. අයියා රස්සාවට ගිහින්. අප්පච්චිත් කොළඹ ගිහින්. අම්මා පුංචි අම්මලාගේ ගෙදර ගිහින්. මල්ලිලා දෙන්නා ඉස්කෝලේ ගිහින්. ගෙදර උන්නේ මං විතරයි. එදා උදේ දහයට විතර ඇති. මං සීතල බලන්නෙත් නැතුව උදේම නා ගත්තා. කරන්න දෙයක් නැතිකමට. නාලා පහළට ඇවිත් තේ ටිකකුත් හදාගෙන මිදුල පුරා සක්මන් කළා. උදේ නාලා අව්වේ ඉන්නකොට හරි සනීපයි. මම උන්නේ යන්තමට පිපෙන්න එන ජපන් පොහොට්ටු දිහා බලාගෙනයි. එක පාරටම අවුරුදු විසිපහක තිහක විතර කොල්ලෙක් හන්තාන ස්කීම් එක දිගේ දුවගෙන ආවා. නිල් පාට ඩෙනිම් කලිසමට උඩින් සුදු පාට ෂර්ට් එකක් දාගෙන හිටපු ඒ කොල්ලා පුදුමාකාර වේගයකින් දුවගෙන ආවේ. අපේ ගෙවල් ළඟින් ස්කීම් එක ඉවරයි. වටපිට බලපු ඒ කොල්ලා එක පාරටම ඒ තරම් උස නැති තාප්පයෙන් පැන්නා. මට මොනවත් හිතාගන්න බැරි වුණා.

Original price was: රු590.00.Current price is: රු500.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close