උමං සොහොන – Uman Sohona

ISBN – 9786245666085

“වාසනාවෙන් පරිස්සම් වෙන්න
ජයගොස වුවත් සෙමෙන් නගන්න
අස්ථි සිත්තරු
ඔබේ ඇටකටු සොරාගනු ඇත.”

මිනී වලවල් වලින්, මැරුණු මිනිස්සුන්ගෙ ඇටකටු හොරකම් කරගෙන, ගුප්ත “සුර” හදන “අස්ථි සිත්තරු” ගැන ඩෑන්ට අහන්න ලැබුණෙ ජෝර්ඩානුයි ඇබීයි එක්ක නිවාඩුවකට නිව් ඕර්ලින්ස් නගරයට ගියාට පස්සෙයි. “අස්ථි සිත්තරු” කියන්නෙ කාටත් අමතක වෙලා ගිය පරණ ජනප්‍රවාදයක් කියලා හැමෝම කිව්වාට, ඒ අස්ථි සිත්තරු තාමත් ඉන්න බවත්, මිනිස් ඇටකටු වලට වඩා ගැඹුරු, අන්ධකාර රහස් අස්ථි සිත්තරු ගාව තියෙන බවත් ඩෑන් හොයා ගත්තා.
ඒ අස්ථි සිත්තරු ඩෑන්ගේ එක ඇගිල්ලක් හොරකම් කරනකල්ම, ඒ හැංගුණ අභිරහස් කොයි තරම් භයංකාරද කියලා ඩෑන්ට තේරුණේ නෑ. ඇගිල්ලක් කියන්නෙ ශරීරයෙන් එක පුංචි කොටසක් විතරයි කියලා හිත හදාගන්න ඩෑන්ට ඉඩක් ලැබුණෙත් නෑ. ඇගිල්ලක් කියන්නෙ එයාගෙ ලේ, මස්, ඇගිලි සළකුණු, ඩී.එන්.ඒ…. හැම දෙයක්ම… ඩෑන්ගෙ ජීවිතේ වෙනස් කරවන්න පුළුවන් හැම දෙයක්ම…
ඉතින් ඒ දේවල් වලින් ඩෑන්ගෙ ජීවිතය සදහටම වෙනස් වෙයිද.?
ඒක දැන ගන්න නම් “උමං සොහොන” ට යන්නම වෙනවා…


ලෝකයේ රටවල් නවයක වැඩිම අලෙවි වාර්තා තැබූ  “Asylum” යොවුුන් සන්ත්‍රාස නවකතා මාලාවේ තෙවැන්න

Original price was: රු800.00.Current price is: රු640.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close