• -20% ලිහිල් අගිසි - Lihil Agisi

    ලිහිල් අගිසි – Lihil Agisi

    0

    ISBN – 9789553490278

    ලිහිල් අගිසි – Lihil Agisi – The secrets Of Lost Stones

    චාන්ස් අට හැවරදි පිරිමි දරුවෙකි. බොහෝ සුරතල් දරුවෙකු වූ ඔහු අවිවාහක මවක් වූ ජෙස් ට මෙලොව හිමිවූ එකම සම්පතය. චාන්ස් ගේ අනපේක්ශිත මරණය ඇයට හිමි කරනුයේ තදබල කම්පනයකි. නිවසේ නිදා සිටි දරුවා රෑ මැදියමේ ශිතලෙන් ගල් වී පාරක් මැද නිදන ඇදුම පිටින්ම මරණයට පත්වූයේ කෙලෙස දැයි යන්න කිසිදා නොවිසදෙන අභිරහස් බවට පත්වේ.
    මරණයෙන් අට වසරකට පසුව අවතාරයක් මෙන් පෙනී සිටි දරුවා තම මවට එම අභිරහස විසදා දීමට වෑයම් කරයි. දරුවාගේ ආත්මය මවට සම්බන්ධ කරනුයේ පයින් විලේ මායාකාරිය ලෙස හැදින්වූ ලුසී නම් වියපත් කාන්තාවය, යන එන මo නැතිවූ ජෙස් ද, චාන්ස් ගේ මරණය ඇසින් දුටු එකම සාක්ෂිකාරිය වූ ස්ටාර් නම් අනාථ දැරිය ද ලුසීගේ සෙවනට පැමිණීම ඈ හදුන්වනුයේ ” ලිහිල් අගිසි” ලෙසින් ය. අවසානයේ මෙම ලිහිල් කොන් ( අගිසි ) එකට යාවී අභිරහස විසදේද? මිනීමරුම ඇසින් දුටු සාක්ෂිකාරීය ලෙස ස්ටාර් හට කුමක් සිදුවේ ද?

    ජනවාරි 25 නිකුත් වේ….

    Original price was: රු975.00.Current price is: රු780.00.
    Read more
  • -20% මං වැරදි ද? - Am I Guilty

    මං වැරදි ද? – Am I Guilty

    0

    ISBN – 9789553490261

    එක මොහොතක, මට ඒ හැම දෙයක්ම තිබුණා. ආදරණීය, කඩවසම් සැමියෙක්, ලස්සන ගෙදරක්, හුරතල් දරුවො දෙන්නෙක්, සාර්ථක ව්‍යාපාරයක්.. ඒ හැම දේම..
    ඒත්.. එක දවසක, එක හැන්දෑවක… ඒ හැම දේම සුණු විසුණු වෙලා ගියා.. මගේ ලෝකෙම බිද වැටුණා..
    ඒත් කොහොමද ඒක වුණේ..? මට මතක නෑ.. මට මොනවත්ම මතක නෑ.
    මං දන්නෙ අනිත් අය කිව්ව දේවල් විතරයි.
    හැමෝම කිව්වෙ වැරැද්ද මගේ අතේ කියලා.. ඒක කළේ මමයි කියලා.. එහෙම කිව්වෙ මේ ලෝකෙ මං වැඩියෙන්ම ආදරේ කරපු අය.. මං වැඩියෙන්ම විශ්වාස කරපු අය.. ඉතින් මං විශ්වාස කළා.. ඒ ගොල්ලො මට බොරුවක් කරන එකක් නෑ කියලා මං විශ්වාස කළා.
    ඒත්…. මං දැනගෙන හිටියෙ නෑ.. ඒ හැමෝගෙම ලග රහස් තියෙන බව.. වැහුණ හැම දොරක් පිටිපස්සෙම.. මහ භයානක රහසක් හැංගිලා තියෙන බව..

     

    ජනවාරි 08 නිකුත් වේ….

    Original price was: රු875.00.Current price is: රු700.00.
    Read more