• -20% කැම්බයිසෙස් සේනාoකය - The Lost Army

    කැම්බයිසෙස් සේනාoකය – The Lost Army

    0

    ISBN – 9789556973464

    වසර දෙදහස් පන්සීයකට පෙර වැලි කුනාටුවකට හසුව පණපිටින් වැලලුන පනස් දහසක යුධ සේනා කයකට අයත්ව තිබු වස්තුව සොයා ගිය ගමනක් ගැන කියවෙන ත්‍රාසය , කුතුහලය , භීතිය , භීෂණය හා ආදරය වටා ගෙතුනු සත්ය සිදූවිමක් පදනම් කොට ලියවුනු අලෙවි වාර්තා තැබු කෘතියේ පරිවර්තනය.

    දැන්ම ඔබේ පිටපත වෙන් කරවාගන්න.

    Original price was: රු1,800.00.Current price is: රු1,440.00.
    Read more
  • -20% සැඟවුණු ක්‍ෂේමභූමිය - Sagawunu Kshema Boomiya

    සැඟවුණු ක්‍ෂේමභූමිය – Sagawunu Kshema Boomiya

    0

    ISBN – 9789556973228

    ඊජිප්තුවේ සුවිශාල බටහිර කාන්තාරය පාදක කර ගත් ත‍්‍රාසජනක හා කුතුහලාත්මක කතාවකි. ක‍්‍රි.පූ. 2152දී දී රටේ සෞභාග්‍යය වෙනුවෙන් කෙරෙන ජීවිත පූජාවක් සඳහා ප‍්‍රධාන පූජකයන් 80 දෙනෙකු එක්වෙති. ප‍්‍රධාන පූජකයා එහිදී බලගතු ශාපයක් ද කරනු ලබයි.
    එයින් වසර හාරදහසකට පසුව වෘත්තීය කඳු නගින්නියක වූ ෆ්‍රෙයා හැනන් සිය සොහොයුරියගේ අවමංගල්‍යය සඳහා ඊජිප්තුවට පැමිණි අවස්ථාවේ එය මිනී මැරුමක් බවට සැකයක් ඇතිවෙයි. ඇය බි‍්‍රතාන්‍ය ජාතික මහාචාර්යවරයකු වූ ෆ්ලින් බ්‍රෝඞී සමග අදාල මෙහෙයුම් කටයුතු සඳහා වෙහෙසවෙයි.
    සදාම් හුසේන්ට න්‍යෂ්ටික බෝම්බයක් සෑදීම සඳහා ගෙන ආ යුරේනියම් කිලෝ පනහක් රැුගෙන ආ ගුවන් යානයේ ඇතුරුදහන්වීම සහ සුවිශේෂී බලයක් සහිත බෙන්බෙන් පාෂාණය සොයා ඔවුන් සැඟවුන ක්ෂේමභූමිය සොයා යන්නේ එහි එක් පියවරක් වශයෙනි. අදාල පරීක්ෂණ කටයුතු ඉතා ත‍්‍රාසජනකය. කුතුහලාත්මකය. එය මෙම පොතේ වචන 161,000කට අධික සංඛ්‍යාවකින් සවිස්තරාත්මකව විස්තර කර ඇත.
    නිකම් විනෝදයකට කියැවීම සඳහා පමණක් නොව සහරා කාන්තාරය හා පුරාවිද්‍යාවත් රහස් පරීක්ෂණ හා ඔත්තු සේවා ගැනත් බොහෝ දේ දැන ගැනීමට කියවන්න. දැන්ම ඔබේ පිටපත වෙන් කරවාගන්න.

    Original price was: රු2,250.00.Current price is: රු1,800.00.
    Add to cart
  • -20% ඔසිරිස්ගේ රන් ආකරය - The Labyrinth of Osiris

    ඔසිරිස්ගේ රන් ආකරය – The Labyrinth of Osiris

    0

    ISBN – 9789556973013

    ප්‍රසිද්ධ ඊශ්‍රායල පුවත්පත් කලාවේදනියක වු රිචිකා ක්ලයින්බර්ගේ මරණය ගැන පරික්ෂණ පැවත්වීමේ වගකිම ජෙරුසෙලම් පොලිසියේ අරි බෙන්-රොයි ට පැවරෙයි. ඇය දරුණු ලෙස ඝාතනය කර තිබුනේ ජෙරුසෙලමේ ආමේනියම් පල්ලියේදිය. නිර්භිත ලෙස කරුණු හෙලිකිරිම නිසා ක්ලයින්බර්ග්ට ඉහල බලයක් සහිත සතුරන් ගණනාවක් සිටි අතර බහුජාතික සමාගම් , ඊශ්‍රායල් රජයේ නිළධාරින් සහ රුසියානු මාෆියාව ද ඒ අතර විය.

    මතුව තිබු බාදක මැද බෙන්-රොයි ඔහුගේ පැරණි මිතුරෙකු වු ලුක්ෂොර් පොලිසියේ යුසුෆ් බලිෆාට දුරකතන ඇමතුමක් දි මෙම විමර්ශනයට තමාට සහය වෙන මෙන් ඉල්ලා සිටියේය. දරුණු අනතුරක් නිසා තමාගේ පුතා අහිමිවි තිබුනත් ඔහු එලෙස සහය ලබාදිමට කැමත්ත පල කල අතරම,

    මෙලෙස ඝාතනයට ලක්වු ක්ලයින්බර්ගේ මරණයට පෙර ඇය විමර්ශනය කරමින් සිටි බ්‍රිතාන්‍ය ජාතික ඊජිප්තුවේදියකුගේ අබිරහස් මරණය ගැනද තොරතුරු හඹා යාමට මේ දෙදෙනාට සිදුවේ. පැරැනි පොත් පත් වල සදහන් රන් ආකරයක් අනාවරණය කරගැනිමට මේ අබිරහස් ලෙස මියගිය ඊජිප්තුවේදියාට හැකියාව ලැබි තිබුනාද? ඒ රන් ආකරය ඔහු ගැන විමර්ශනය කල රිව්කා ක්ලයින්බර්ගේ මරණයටත් හේතුවක් විය හැකිද? එසේත් නැතිනම් බලාහත්කාරයෙන් රැගෙන එන තරුණියන් ගණිකා වෘත්තීයේ යොදවන්නන් ගැන තොරතුරු අනාවරණය කර ගැනිමට ගත් උත්සහය මේ මරන වලට හේතුවක් වුනාද?

     

    Original price was: රු2,400.00.Current price is: රු1,920.00.
    Add to cart
  • -20% දෙවොලේ සැඟවුණු අබිරහස - Dewole sagawunu Rahasa

    දෙවොලේ සැඟවුණු අබිරහස – Dewole sagawunu Rahasa

    0

    ISBN – 

    එඞ්ගා කේසිගේ කියවීම් අනුව පෘථිවිය වෙනස් වෙනස් ග්‍රහලෝකවලින් පැමිණි ජීවීන්ගේ එකතුවකින් සැදුම් ලද්දකි. ජාතීන් අතර විවිධත්වයට හේතුව එයයි. එනම් තම ග්‍රහලොව යම්කිසි හේතුවකින් විනාශ වෙද්දී ඔවුන් පලාගියේ ජීවීන් හට සුදුසුම පරිසරයක් තිබූ පෘථිවිය වෙතටය. එම නිසාය ජාතීන් අතර මේ සා විවිධත්වයක් ඇති වූයේ. කෝකසොයිඞ්, මොනගොලොයිඞ් හා නීග්‍රොයිඞ් ජාතීන් අතර ද විවිධ වෙනස්කම් ඇත. චීන ජාතිකයන් ජපන් ජාතිකයන්ට බෙහෙවින් ම වෙනස් ය. එසේ ම ලෝකේ කොයි දීපන්කරේක ගියත් සිංහලයා හඳුනාගැනීමට අපට පුළුවන. සිංහලයෙක් චීනයට ගියා කියා හෝ එහි ආහාර පාන ගත්තා හෝ වසර 10 ක් තිස්සේ පදිංචිව සිටියත් ඔහුගේ ස්වභාවයේ වෙනසක් සිදු නොවේ. එසේම අප්‍රිකාවේ වාසය කළා කියා සම මදක් කළු වෙනවා හැර වෙනත් වෙනසක් වෙන්නේ නැත. විවිධ ජාතීන් අතර විශාල වෙනස්කම් මෙන් ම සමානකම් ද ඇත. එසේම ඔවුන්ගේ භාෂාව හා සංස්කෘතිය, ආගම ද විවිධය. තම ග්‍රහලොව විනාශ වෙද්දී සරණ සොයා මෙහි පැමිණියා නම්, එසේ විවිධ ග්‍රහලෝකවලින් විවිධ ජීවීන් පැමිණියා නම් ඔවුන් අතර පරස්පර මෙන් ම ගැටුම් ද ඇති වීම වැලැක්විය නොහැකිය. ජර්මානුවන්, යුදෙව්වන්, ආරාබි ජාතිකයන්, ඊශ්‍රාල්වරුන් අතර ඇති ගැටුම බොහෝ ඈත අතීතයට දිව යන්නකි. දහස් ගණන්, දස දහස් ගණනින් මිනිසුන් මරණයට පත් කරමින් ඇදී යන මෙම යුද ගැටුම් නිසා පීඩාවට, මරණයට පත්වන්නේ යුද්ධයක අවශ්‍යතාවයක් නැති සාමය කැමති පුද්ගලයන්මය. අනෙකා මරා දැමීමට ඔවුන්ට ඇති එකම හේතුව තමාගේ ආදරණීයයන් ඔවුන් අතින් මරණයට පත් වීමයි. ඔවුන්ගෙන් සමහරෙක් මෙයට තරයේ ම විරුද්ධ වුවත් තමන් උපන් ජාතිය හේතුකොටගෙන ඔවුන් හංවඩු ගැසී ඇත්තේ සතුරන් වශයෙනි. ජර්මනිය, ඊජිප්තුව, ඊශ්‍රායලය හා පලස්තීනය අතර දෝලනය වන මෙම අබිරහස, කෙනෙකුගේ පූජනීය, වන්දනීය, කෞතුකමය හා අමිල වස්තුවක් අරඹයාය. දෛවයේ ලියවී ඇති ආකාරයට එය සොයා යන තිදෙනෙකි ඛලීපා, ලයිලා, බෙන් රෝයි. ඔවුන්ගේ මෙහෙයුම සාර්ථික වේද? මෙහෙයුමෙන් දිවි ගලවාගන්නෝ කව්රුන් ද? අමිල වස්තුව සොයා ගැනීමට ඔවුන් සමත් වෙයි ද? එය සොයා ගත්තා කියා මැදපෙරදිග ඇවිලෙන ගිනි දැල් නිවී ගියේද?

    Original price was: රු2,450.00.Current price is: රු1,960.00.
    Add to cart